අංක තහඩු නැති පොලිස් යතුරුපැදිකරු ටිරාන් අලස් පසුපස..

April 21, 2017 at 7:05 am | lanka C news | ලංකා සී නිවුස්
අංක තහඩු නැති පොලිස් යතුරුපැදිකරු ටිරාන් අලස් පසුපස..

පසුගිය හය වෙනිදා සිට දින කිහිපයකදීම අංක තහඩු නැති යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතාගේ නිවස කුමක්දැයි සොයමින් කොළඹ හෝටන් පෙදෙසේ සෝදිසි කර ඇත.

අපේ‍්‍රල් 12 වන දිනද පැමිණ ඇති මෙම අංක තහඩු නැති යතුරුපැදිකරුවා නැවත ඊයේ දිනයේදීද පැමිණ ඇති අතර එහිදී සැක කාර්යාලයේ ආරක්‍ෂකයින්  විසින් පොලීසිය අල්ලා දී තිබේ.

එහිදී එම පුද්ගලයා පොලිස් මූලස්තානයට අනුයුක්තව පොලිපතිවරයා සමග කටයුතු කරන පොලිස් සැරයන්වරයෙක් බව හෙලිව ඇත.

පසුව කුරුදුවත්ත පොලීසියට ගෙනයන ලදුව ඔහු පවසා ඇත්තේ තමන් රාජකාරියට අමතරව නිවාස ඉඩම් විකිණීමේ තැරැවුකරැවෙකු ලෙස කටයුතු කරන බවත් ටිරාන් අලස් මහතාගේ කාර්යාලය අසල ඉඩමක් විකිණීමට ඇතැයි ලද තොරතුරක් මත සෝදිසි කල බවත්ය.

අන්තර්ජාලයෙනි

8,259 Viewers

3 Comments to “අංක තහඩු නැති පොලිස් යතුරුපැදිකරු ටිරාන් අලස් පසුපස..”

  1. Boo says:

    ඔන්න ළමයිනේ, ඉඩම් හොයන්න යනවනං අද ඉඳන් අංක තහඩු නැති වාහනයක යන්න පුළුවන්, මොකද දැන් නීතිය නමලා නිසා.

    • janaka says:

      මේ කතා කරන ගෑනිට සිංහල බැරිද ?එහෙමත් නැතිනම් මේ ගෑනි දෙමළද ?එහෙමත් නැතිනම් මේ ගෑනි දීර්ග කාලයක් බටහිර රටක ජිවත් වූ සිංහල බාෂාව ඊයේ පෙරේදා ඉගෙන ගත්තු කෙනෙක්ද ?
      මොනතරම් කැතද මේ ගෑනි කතා කරන විදිය .සිරස මෙන්න මේවගේ සිංහල බාෂාව නැති කරන වැඩ තමයි හිතා මතා කරන්නේ .එදා ජාතික ගුවන්විදිලියේ මේවගේ ගෑනියෙක් කටහඬ පරික්ෂාකලොත් ගවුවක් එලවල දමයි .ප්‍රවුර්ති කියනව තබා ශබ්දාගාරයක් ළඟටවත් යන්න දෙන එකක් නෑ .
      චිහ් මේ ගෑනි කතා කරන සද්දේ හරියට මොට්ට වෙච්චි කියතක් අරගෙන ලියක් කපන්න හදනව වගේ
      මේවගේ ගෑනු හිතන් ඉන්නේ සිංහල ඉංග්‍රීසි සද්දෙන් කතා කරන එක මහා ලොකු හයිෆයි කමක් කියල මේවගේ චැනල් වලිනුත් කරන්නේ අන්න ඒවගේ අදහස් සමාජ ගත කරන්න උඩගෙඩි දීම /හැබැයි මුන් කියන්නේ නම් සිංහල බබළවන්න ඒගොල්ල කටයුතු කරනව කියල

  2. lolla says:

    Peechang Intelligence…………
    Go and learn from Ghota

Main News