අකුණු සැර වැදි පස් දෙනෙකු රෝහල්ගත කෙරේ…

October 24, 2018 at 5:30 pm | lanka C news
අකුණු සැර වැදි පස් දෙනෙකු රෝහල්ගත කෙරේ…

අකුණු සැරක් පතිත විමෙන් කම්පනයට පත් වතු කම්කරු කාන්තාවන් පස් දෙනෙක් බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත අද (24)  පස්වරුවේ ඇතුලත් කල බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරින් එ.එස්.කේ.ජයසුරිය මහතා පැවසිය.

බගවන්තලාව ප්‍රදේශියට අද පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග බගවන්තලාව මොරා තේ වත්තේ ඇද තිබෙන විදුලි රැහනක් මතට අකුණු සැරක් පතිත විමෙන් එ අසල තේ දළු නෙලමින්  සිටි වතු කම්කරුවන් කාන්තාවන් පස් දෙනෙකුට  පතිත වු අකුණු සැර කම්පනයෙන් රෝහල් ගත කර ඇති බවයි දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරිවරයා කියා සිටියේ .

අද පස්වරු 1 ට පමණ මෙම අකුණු සැර පතිත වි ඇති අතර රෝහල්ගත වතු කම්කරු කාන්තාවන්ගේ තත්ත්වය බරපතල නොවන බව දිස්ත්‍රික් වෛද්‍යවරයා කියා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

2,549 Viewers

One Comment to “අකුණු සැර වැදි පස් දෙනෙකු රෝහල්ගත කෙරේ…”

  1. Saradiel says:

    ඉක්මන් සුවය පතමු

Main News