අඛණ්ඩව තුන් මාසයක් වැලිකඩ.. විමල් යලි රිමාන්ඞ්..

April 3, 2017 at 12:40 pm | lanka C news | ලංකා සී නිවුස්
අඛණ්ඩව තුන් මාසයක් වැලිකඩ.. විමල් යලි රිමාන්ඞ්..

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අපේ‍්‍රල් 07 වැනි දින දක්වා යලි රිමාන්ඞ් කිරීමට කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කරනු ලැබීය.

අද දිනයේ මන්ත‍්‍රීවරයා විසින් සිදු කරනු ලැබූ ඇප ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කරන ලද අතර විත්තියේ නීතීඥයින් විසින් ගොනු කරන ලද විශේෂ ඇප අයැදුම සම්බන්ධයෙන් තීන්දුව එදින ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන මන්ත‍්‍රීවරයා අද දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටියේය.

වීරවංශ මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය ජනවාරි 10 වැනිදා වන අතර එදින සිට මේ දක්වා ඔහු රිමාන්ඞ් භාරයේ සිටී.

16,615 Viewers

2 Comments to “අඛණ්ඩව තුන් මාසයක් වැලිකඩ.. විමල් යලි රිමාන්ඞ්..”

  1. Kal says:

    No comments.

  2. sakkili brapathi gramasevaka koti eelam yamapala HORROR continues……

Main News