අගමැතිගේ දගර නැටුම බලන්න හිරිකිතයි.. ජනාධිපති ගිරවෙක් වගේ..

January 8, 2018 at 3:50 pm | lanka C news
අගමැතිගේ දගර නැටුම බලන්න හිරිකිතයි.. ජනාධිපති ගිරවෙක් වගේ..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී අතිවිශිෂ්ට ජග්‍රහණයක් හිමිකර ගන්නා බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

එබැවින් ඇතැම් ඇමැතිවරුන් කියන පරිදි මැතිවරණයෙන් පසුව පළාත් පාලන ආයතනවල බලය ඇල්ලීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකතු වීමට පොදුජන පෙරමුණට අදහසක් නොමැති බව රණතුංග මහතා පෙන්වා දුන්නේය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ, මැඩෑමුල්ල කොට්ඨාසයේ පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ‍පෙරේදා (07) එක්වෙමිනි. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

පළාත් පාලන මැතිවරණයට තියෙන්නේ තවත් මාසයක විතර කාලයක්. මේ මැතිවරණයේ දී අපට ජයග්‍රහණය ගැන කිසිම සැකයක් නැහැ. මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් යුක්ත අපේ පක්ෂය මේ මැතිවරණයේ දී අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. ඒ ජයග්‍රහණයේ සුබලකුණු අද මෙතැනට රැස්වෙලා ඉන්න තමුන්නාන්සේලාගේ මුහුණෙන්ම අපට පෙනෙනවා.

මහින්ද මහත්තයා අප රටට ලබාදුන් දේවල් අපට කවදාවත් අමතක කරන්න බැහැ. වසර තිහක ත්‍රස්තවාදයෙන් රට නිදහස් කරපු නායකයා මහින්ද රාජපක්ෂයි. ඒ වගේම තමයි අපට සිහිනයක් වෙලා තිබුණු අධිවේගී මාර්ග, ගුවන්තොටුපළ, වරාය, ක්‍රීඩාංගණ මේ රටේ ඉදිකරලා රටම සංවර්ධන යුගයකට ගෙනගිය නායකයාත් මහින්ද රාජපක්ෂයි.

මහින්ද රාජපක්ෂ කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නායකයෙක්. ඒකට දැන් ඉන්න නායකයෝ දිහා බලන්න. සමහරු නායකයන්ට වඩා ජෝකර්ලා වගෙයි. මම දැක්කා ළඟදි දවසක් අගමැතිවරයා කොහෙද උත්සවයක දඟර නැටුමක් දානවා. බලන්න හිරිකිතයි. ඒ එක නායකයෙක්. අනෙක් නායකයා තමයි බැඳුම්කර කොමිසමේ මාධ්‍ය ප්‍රකාශකයා.

තමන් පත්කරපු කොමිසමේ වාර්තාව තමන්ම මාධ්‍ය ඉස්සරහට ඇවිත් කියවන ජනාධිපතිලා නම් අපි මේ රටේ තියා ලෝකේ කොහේවත් දැකලා නැහැ. වාර්තාව ලැබුණා නම් ඒක සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා මිසක් මාධ්‍ය ඉස්සරහට ඇවිත් ඒකේ තෝරගත්තු ටිකක් විතරක් ගිරවෙක් වගේ කියවන්න නම් ජනාධිපතිවරයෙක් අවශ්‍ය නැහැ.

ජනාධිපතිවරයාට ඕනේ වුණේ මේ බැඳුම්කර කොමිසම පත් කළේ මම කියලා ජනතාවට මතක් කරවගෙන ඉදිරි ඡන්දෙදි පොඩි වාසියක් ගන්නයි. හැබැයි ඇත්ත කතන්දරේ තමයි උන්නැහේ ජනතාවගෙන් තිබ්බ ලකුණු ටිකක් දැන් කපාගෙන ඉවරයි කියන එක. මොකද මිනිස්සු බලන් හිටියේ කොමිසමේ වාර්තාවෙන් දල ඇත්තු අහුවෙයි කියලා.

දැන් බලනකොට අහුවෙලා තියෙන්නේ මී පැටව් ටිකක්. සිංගප්පූරුවේ ඉඳලා අර්ජුන් මහේන්ද්‍රන්ව ගෙනාපු අගමැතිවරයා කිසිම චෝදනාවක් නැහැ. අගමතිවරයා විතරක් නෙමෙයි අගමැතිගේ නිර්දේශය මත අර්ජුන් මහෙන්ද්‍රන්ව පත් කරපු ජනාධිපතිවරයාටත් මේ මහා කොල්ලය ගැන වගකීමක් තියනවා.

අගමැතිවරයා නීතියටත් පිටින් ගිහින් තමයි මුදල් ඇමැතිවරයා යටතේ තැබිය යුතු මහ බැංකුව තමන්ගේ යටතට ගත්තේ. අදටත් මහ බැංකුව තියෙන්නේ අගමැති යටතේ. මෙච්චර මංකොල්ලයක් වුණාට පස්සෙවත් ඒක නිවැරැදි කරන්න ජනාධිපතිවරයාට හයියක් නැහැ. ජනාධිපතිවරයා අගමැති යටතේ නැටවෙන රූකඩයක් බවට පත් වෙලා ඉවරයි.

එක්සත් ජාතික පක්ෂය අද රට අරගෙන යන්නේ ආගාධයට. ඒ ගමනට අපේ පක්ෂයේ අයත් හවුල්කාරයෝ වෙලා. ඉස්සර කිව්වේ එක්සත් ජාතික පක්ෂය බලයට ආවොත් රට ඉවරයි කියලා. දැන් ඒ අපවාදය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ගෑවිලා ඉවරයි. මේ තත්ත්වයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ පක්ෂයේ නායකයා කියන එක අපි පැහැදිලිව කියනවා.

ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල මහත්තයා අපේ පක්ෂය බෙදුවේ නැත්නම් අද එකතුවීමක් ගැන කතා කරන්න වෙන්නේ නැහැ. එතුමට තිබ්බා එක්සත් ජාතික පක්ෂයේ ඡන්දවලින් ජනාධිපති පුටුවට ආවා නම් ඒ පක්ෂයේ සභාපතිකම අරගන්න තිබ්බා. එතුමා ඒක නොකර අපේ පක්ෂයේ නායකත්වයට පැනපු එකෙන් තමයි අද මේ අවුල ඇති වුණේ.

එතුමලා ජනාධිපතිවරණය අවස්ථාවේ මහින්ද මහත්තයට චෝදනා කලේ එකාධිපතියා කියලා. අද බලන්න කවුද ඒකාධිපතියෙක් වගේ හැසිරෙන්නේ කියලා. ඒකාබද්ධ විපක්ෂය කියලා අපි එළියට බැස්සේ නැත්නම් අද මේ ආණ්ඩුව කරන කිසිම දේකට විරුද්ධ වෙන්න කෙනෙක් නැහැ.එහෙම බලනකොට මේ තරම් ඒකාධිපති ආණ්ඩුවක් ලෝකේ කොහේවත් නැහැ.

මේ ඒකාධිපති ආණ්ඩුව පරාජය කරන එක තමයි අද වෙනකොට ජාතික වගකීමක් බවට පත්වෙලා තියෙන්නේ. ඒ සඳහා තමයි අපි කවුරුත් මේ එකතු වෙලා අත්වැල් බැඳගෙන යන්නේ. අපි එකතු වෙන්නේ ආණ්ඩුව පරාජයට පත්කරන්න කැමැති පුද්ගලයන් එක්ක මිසක් ආණ්ඩුවේ ඇමැති කටු සූප්පන අය එක්ක නෙමෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න කටු සූප්පු කරන ඇමැතිවරුන් දැන් කිය කියා යනවා ඡන්දෙන් පස්සේ එකතු වෙනවා කියලා. ඡන්දෙට පෙර එකතු වෙන්න එනකොට දාපු කොන්දේසිම තමයි අපි ඡන්දෙන් පස්සේ දාන්නෙත්. ආණ්ඩුවෙන් අයින් නොවෙන කිසිම කෙනෙක් එක්ක අපි එකතු වෙන්නේ නැහැ.

අනෙක් අතට අපි මේ මැතිවරණයේ දී විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. ඒ හින්දා අපිට කිසිම පක්ෂයක් එක්ක ඡන්දෙන් පස්සේ එකතු වෙලා පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න අවශ්‍යතාවක් නැහැ. අපි මේ හැම ආයතනයක්ම උඩින් දිනනවා. මේ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උරුම වන්නේ පරාජය පමණයි.

– ප‍්‍රදීප් අනුර කුමාර

19,836 Viewers

4 Comments to “අගමැතිගේ දගර නැටුම බලන්න හිරිකිතයි.. ජනාධිපති ගිරවෙක් වගේ..”

  1. චම්පා says:

    මූ මස් පර්වතේ වගේ නැටුව නම් කොහොම තියෙයිද .

    • Lapaya says:

      Bada udin thiyagena balapan wenasa thereyi.

    • siranil.com says:

      චම්ප මහත අයට කැමති නැහැල්ලු.හිකනල්ලු ,පතෝලයො,පඹයො වගේ උන් එක්ක නිදා ගන්න තමයිලු කැමති.

  2. sangeeth randeniya says:

    Horunta kawadda rata karanna puluwan apita amathaka naha mahinda yugaya policiya ballata dala ratenitiya venuwata kala nitiya genalla. Usaviya hamudawa rajya balaya okkoma athata aran karapu horakam boru wanchawal minisunta thama hondata matakaye. Prasannayage angema tiyenne horakapuwa tawath lajja natuwa umbala kath karanawa,minisunge chande illala.

Main News