අගමැතිට එරෙහි විශ්වාස භංගයට දෑතම උස්සා සහාය දෙනවා..- නියෝජ්‍ය ඇමති පුංචි නිලමේ..

March 13, 2018 at 11:20 am | lanka C news
අගමැතිට එරෙහි විශ්වාස භංගයට දෑතම උස්සා සහාය දෙනවා..- නියෝජ්‍ය ඇමති පුංචි නිලමේ..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාටඑටරහිව විශ්වාස බංග යෝජනාවක් ගෙන ආවහොත් ඒ සදහා දෑතම ඔසවා සහයෝගය දෙන බව නියෝජ්‍ය ඇමති සුසන්ත පුංචි නිලමේ මහතා පවසයි.

ආණ්ඩුවෙන් ඉවත් විය යුතුය යන මතයේ තමන් දිගටම සිටියද ජනාධිපතිතුමන් විසින් රැුඩිකල් තීන්දුවක් මසක් ඇතුලත ගන්නේ යයි වූ පොරොන්දුව නිසා එම කාලය ආණ්ඩුවේ සිටින බවද ඔහු සදහන් කරයි.

රටේ ජනාධිපතිවරයා විසින් කරන ලද එම ප‍්‍රකාශය විශ්වාස කර තමන් බලා සිටින බවත් එය ඉටු නොවුනහොත් තමන් තීන්දුවක් ගන්නා බවද නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටී.

ඒ කෙසේ වෙතත් අගමැතිවරයාට විරුද්දව ඉදිරිපත් කරන විශ්වාස භංග යෝජනාවට තමන් දෑතම ඔසවා සහයෝගය ලබා දෙන බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

8,589 Viewers

2 Comments to “අගමැතිට එරෙහි විශ්වාස භංගයට දෑතම උස්සා සහාය දෙනවා..- නියෝජ්‍ය ඇමති පුංචි නිලමේ..”

  1. Wijebahu says:

    Moo ara kolkange oluwalata parala ana bassapu eka Neda?

  2. අම්ල් says:

    මෙවැනි මීනීමැරුන් චෝදනා කරුවන් මහජන මුදලින් නඩත්තුවීම ලෝකු කනගාටුවක්

Main News