අගමැතිට කැබිනට් මණ්ඩලයට අධිකරණය අද දුන් නියෝගය මෙන්න..

December 12, 2018 at 12:01 pm | lanka C news
අගමැතිට කැබිනට් මණ්ඩලයට අධිකරණය අද දුන් නියෝගය මෙන්න..

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා හා කැබිනට් මණ්ඩලය ක‍්‍රියාකත්මක වීම අත්හිටුවන ලෙස ඉල්ලමින් මන්ත‍්‍රීවරුන් 122ක් විසින් ගොනු කර ඇති පෙත්සම අද දිනයේ අභියාචනාධිකරණයේදී විභාගයට ගනු ලැබීය.

ඒ අනුව අද දිනයේ අභියාචනාධිකරණය තීන්දු කරන ලද්දේ අදාල පෙත්සම ලබන ජනවාරි 16, 17, 18 දිනවලදී විභාගයට ගැනීමටයි.

අගමැති හා කැබිනට් මණ්ඩලය ක‍්‍රියාත්මක වීම අත්හිටුවමින් මේ වන විට අභියාචනාධිකරණය විසින් නියෝගයක්ද නිකුත් කර ඇත.

98,607 Viewers

34 Comments to “අගමැතිට කැබිනට් මණ්ඩලයට අධිකරණය අද දුන් නියෝගය මෙන්න..”

  1. මාතර සුනිල් says:

    එතකන් රටට ආණ්ඩුවක් නැද්ද. රට දුවන්නේ කොහොමද. අපේ මොලේ කචල්ද නැත්නම් මුන්ගේ මොලේ කචල්ද. මට නම් පිස්සු වගේ.

    • Mahasona says:

      බටලන්දේ වාදකයා සහ කරුමයාට රටේ දේශපාලන බලය ලබා දීමේ විපාකය

  2. Kandy says:

    අධිකරණ නියෝගයෙන් අගමැති හා ඇමති මණ්ඩල ක්‍රියාකාරිත්වය අත් හිටුවා ඇත.
    අගමැතියෙක් නැත – වියදම බිංදුවයි
    ඇමති මණ්ඩලයක් නැත – වියදම බිංදුවයි
    මේ දෙකම නැති නිසා දූෂණයද බිංදුවයි.
    මහ බැංකු මංකොල්ලයට, අත් අඩංගුවට පත් හෙරොයින් තොග මුදා හරින්නට අග්‍රාමත්‍ය දූරයේ බලතල යෙදවුන බව රටම දන්නේය…ලංකාවේ අග්‍රාමාත්‍ය දූරය හා කැබිනට් මණ්ඩලයට පැවරී ඇති මූලික කාර්යය නම් ලාංකීය ජනතාව කොල්ලකා බටහිරට ගෙවිය යුතු ණය හා පොලී වාරික ගෙවීම බව බොහෝ අය නොදන්නා කරැණකි…
    අද රටේ මුදල් ඇමතියෙක් හා කැබිනට්ටුවක් නැති නිසා ණය දුන් බටහිර රටවල් හා IMF, world bank මහත් සේ කලබල වී සිටී…ඒ ජනවාරියේ ශ්‍රී ලංකාව ගෙවිය යුතු ඩොලර් මිලියන 1000 ක ණය අත්පත් කර ගැනීම අගමැතියෙක් හා කැබිනට් එකක් නැති තත්ත්වය හමුවේ ඇනහිට ඇති නිසයි… ලංකාවේ පොදු ජනතාවගේ පැත්තෙන් ගත් කල ඔවුන්ට මෙය විරල සහනයකි….

    • Kandy says:

      අගමැති,ඇමතිලා නැතිව පැන නැගුන මෙම තත්ත්වය පොදු ජනතාවට සහනයකි.
      දශක ගණනක් ජනතා මුදල් කොල්ලකෑමට,නාස්තියට,දූෂණයට යොදා ගැනුන මෙම දූර නැතිව අපේ රට අද පටන් ඉදිරියට ගෙන යා හැකි ක්‍රමවේද පිලිබද ගැඹුර කතිකාවකට අපි එලබෙමු මිත්‍රවරැනී.
      අපට අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට යොදා ගත හැකි මේ ඉඩ වගකීමෙන් අපි පාවිච්චි කරමු මිත්‍රවරැනී.

      • Kamal says:

        රජයේ සේවකයන්ට ලබන මාසෙ පඩි ගෙවන්නෙ කෝමද බන්? 😀

        • Gona says:

          Stop paying salaries to all govt employees including appeal court judges.
          Problem will be solved in two days !

    • Gayantha says:

      අනිවා. ජනාධිපතිවරණයක් විතරක් තිවුනා නම් හොදටම ඇති.
      මොකද ඇත්තටම බැලුවොත් රටේ තොටේ ඇවිදලා, වෙනදා වගේ මයිනේ. නිකන් 225ක් නඩත්තු කරන්නේ මහජන මුදලින්.

  3. රියදුරැ says:

    අද අධිකරනය තිරිංග නැති රියක් වගේ

  4. චන්දිමානි says:

    කාටද පිස්සු කියල මටනම් තේරෙන්නේ නැහැ. අපි මේ රටේ උපන්නේ පෙර කරපඅ පාප කර්ම නිසාද කියලත් හිතෙනවා.

  5. Nandasoma says:

    මෙහෙම රටක් ගෙනියන්න බැරි බව අධිකරණයට පේන්නෙ නැද්ද?

    මොකක්ද මේ විදිහෙ අධිකරණ……??

    මේක ඉඩම් නඩුවක් කියල ද හිතාගෙන ඉන්නෙ???

    • Wijebahu says:

      Ahapalla gihin hora MARAgen saha Pissu SIRAagen. Viywasthawa anuwa wada karanam me kisi deyak na.

    • Janaka from Matara says:

      …..අධිකරණයට පේන්නෙ නැද්ද?????

      මෙහෙම රටක් ගෙනියන්න බෑ කියල ජනාධිපති පිස්සා ට තේරෙන්නේ නැද්ද ඊට කලින් ?

      දැන් හත් දවසින් සම්පුර්ණයෙන් විසඳනවා කිව්වා නේද?

      මේ වැටිලා තියෙන අගාදේ මදිවාටද අදිකරනයට කියන්නේ වැඩක් බාර දුන්නම ඒවා දුව දුව කරන්න කියලා ?

      • Nandasoma says:

        අගමැති සහ අැමති මණ්ඩලය නවත්තන්න කියල ඉල්ලන්ඩ ඉස්ෙසල්ල තීන්දුව දීල රටම අස්ථාවර කරණව……

        රනිල්ව අගමැති කෙමන් අයින් කරන්න කීවාම නිදි…..

        දුව දුව හරි හිටෙගන හරි හිටෙගන හරි තීන්දුව දීම අධිකරණෙය් වගකීමක්…….!

        ජනවාරි ෙවනකල් රට දුවන්ෙන ෙකාෙහාමද?

    • චන්දිමානි says:

      ශ්‍රී ලංකාව නැමැති විශාල ඉඩමේ අයිතියට දෙපැත්තක් නඩු කියාගන්නවා. අන්තිමේදී මෙහි කුලියට පදිංචි වෙලා ඉන්න අපිට තමයි කරදර. වෙන රටක් ඉඩමක කුලියට පදිංචිවෙන්න යන්නත් හිතෙනවා.

  6. kuma says:

    kujeethi neda mahattayo

  7. sinha le says:

    අපේ සිංහලේට ගැලපන අපේම නීති ක්‍රමයක් සකසා ගත යුතුය බටහිර නීති අපට ගැලපෙන්නේ නැත මෙය තමා තිත්ත ඇත්ත

    • sara says:

      අපිට හරි යන ක්‍රමය තමා රාජාණ්ඩු ක්‍රමය. අපට ඕනේ රජෙක්. එයාට ඕනේ විදියට තීන්දු තීරණ අරන් එයා කැමති විදියට රට පාලනය කරන්න ඕනේ. ඒවාට අභියෝග කරන්න කාටවත් බෑ. රජාට ඉහලින් කවුරුවත් නෑ. ප්‍රජාතන්ත්‍රවාදය මෙහෙට හරි යන්නේ නෑ.

  8. ලක් මව says:

    අධිකරණය කෙරෙහි ජනතාවගේ පවතින විශ්වාසය පළුදුවන ආකාරයේ කිසිවක් සිදුනොවේවායි ඉත සිතින් පතන්නෙමි. සියළුදෙනා සහ සියළු ක්ෂෙත්‍ර එම විශ්වාසය සුරැකෙන ලෙස කටයුතුකරනු ඇතැයි ලක්මව් බලාපොරොත්තුවෙන් සිටී

  9. ආදී අපේ ගුරුවරු ” ආණ්ඩුක්‍රම විෂය ” අපට උගන්වන කොට කියා සිටියේ ප්‍රථමයෙන් විධායකය , දෙවනුව ව්‍යවස්ථාදායකය හා තෙවනුව අධිකරණය කියලයි. නමුත් දැන් ලංකාවේ සිදුවන දේවල් දිහා බැලුවම මේ ස්ථාන ටික උඩ යට මාරුවෙලා වගෙයි පේන්නේ දැන් 1. අධිකරණය 2.ව්‍යවස්ථාදායකය 3.විධායකය !!!

  10. Gajaba says:

    Not sure who is correct.I am surprised on Sri Lankan law and order. This is not a land conflict between two parties.
    Ratata Deviyange pihitayi budunge saranayi.

  11. අපි ගොන්නු නොවේ..... says:

    මහජනතාව ගොන්නු යැයි සිතාසිටින පාලන තන්ත්‍රයේ ආයතන තුන මෙහෙය වන්නන්….දැන ගත යුතු කාරනයක් ඇත පසුගිය වසර කිහිපය අපි පාන්… කෑවද ….බැඳුම්කර ඇට කා නොමැති බවයි….ඓහෙිනි මැතිවරණයක් හා 19වන සංශෝදනයට ජනමතවිචාරණයක් ඉල්ලා ජනතාව වීදි බසින්නට….පෙර එම අවස්ථාව සාමකාමී ලෙස ලබා දීමයි….

  12. UNP GAL IBBA says:

    හරියට තීඳුවක් ගන්න බැරි අධිකණයක්ද අධිකරණමක්ද අපේ ලංකාවේ තියෙන්නේ??????

  13. විවස්තාදායකය විධායකය අධිකරණය. says:

    විවස්තාදායකය විධායකය අධිකරණය. යන මේ තුනම මිරිකන්නේ පොදු ජනතාව නම් මේ ආයතන තුන කපා එල්ල දැමිය යුතුය. වහාම මහා මැතිවරණයකට ගොත් අපේ අයිතිය පාවිච්චි කරන්නට නිදහසට බාධා නොකළ යුතුව ඇත. අපේ චන්ද බලය තුලින් පඩි ලබන මේ සුඋදු කෙලින්නන්ට එරෙහිව අපට ඇ චන්දා පාවිච්චි කරන්නට ඉඩ නොදීම හෙන ගහනා අපරාධයකි.

  14. I don`t know Law says:

    O/L aduma result tiyena aya tamaa (98%) art karala law college ekata yanne. Ithin meweni dewal pudumayata karunak nemei.

  15. anemanda says:

    widayakayata pissuda , wiywastha dayakayata pissuda , adikaranayata pissuda, me thunatama pissuda.

  16. nithuya says:

    aluth lowak pathu kalata daduwam dena waradak nam kumata erata adikaranaya nithiya saha winisuran

  17. The Lion says:

    අධිකරණත් එකයි, දේශපාලකයොත් එකයි, රටම අඤ්ඤකොරොස්!

  18. chaminda says:

    අපි කැමතියි අණ්ඩුව නැතුව රට හොදට යයි.

  19. rohana says:

    president and secretaries control government good for the
    country.

    Gotabaya is the good example.

  20. D. Nimal says:

    Time has come that Supreme Court to skipped by so-called interpretation of Constitution and see that default of fall of that technical point of 19th ameadeant of constitution.
    We are looking for verdicts that see people mandate for new election.

Main News