අගමැතිට කුණුහරුපෙන් බැන්න සුජීවට ඇමතිකමක් නම් මටත් එකක් ඕනෑ.. මරික්කාර් සූජීවගේ සරම ලිහා ටොකුත් අනී..[Video]

May 16, 2017 at 11:09 pm | lanka C news | ලංකා සී නිවුස්
අගමැතිට කුණුහරුපෙන් බැන්න සුජීවට ඇමතිකමක් නම් මටත් එකක්  ඕනෑ.. මරික්කාර් සූජීවගේ සරම ලිහා ටොකුත් අනී..[Video]

‘පක්ෂයේ ප්‍රශ්න තිබුනා කියලා උඩ බලාගෙන කෙළ ගහලා හරි යන්නේ නෑ’ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ “සැමට සෙවණ” ජාතික වැඩසටහන යටතේ කොළොන්නාව මැතිවරණ ආසනයේ අඩුඅදායම්ලාභී පවුල් දහසක් (1000) සදහා මුදලින් රුපියල් මිලියන 250 (කෝටි 25) ක් වටිනා නිවාස ණය ලබා දීමේ වැඩසටහනේ මූලික අදියර ආරම්භ කිරීමේ උත්සවයකට සහභාගී වෙමින්ය.

සුජීව සේනසිංහ මැතිතුමා විතරක් නෙමෙයි මේ ආණ්ඩුව පිහිටවන්න දායක වුණේ එතුමා දායක වුණේ නැහැයි කියනවා නෙමෙයි එතුමත් දායක වුණා. අපිත් ජීවිත පරදුවට තියල තමයි  මේ ආණ්ඩුව පිහිටෙව්වේ ඉතා පැහැදිලිව කියන්න  ඕන කඩුවෙල ආසනේ ගිය  ජනාධිපතිවරණය සහ මැතිවරණය දින්නෙත් නෑ. හැබැයි අපි කොළොන්නාව දින්නා.  චෝදනා නගන උදවිය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාට ඒ කාලෙ තැන් තැන් වල කුණුහරුපෙන් බැණගෙන යද්දී, බස්නාහිර පළාත් සභා මැතිවරණ වෙනුවෙන් බොහෝ ආසන වල පක්ෂයේ රැස්වීම ටික කරන්න උනේ මට.  අපි එහෙම කරලා බස්නාහිර පළාතෙන්ම මම පළවෙනියාට වැඩිම මනාප ගත්තා. ජනාධිපතිවරණෙදි ආණ්ඩුව දිනෙව්වා, මහ මැතිවරණෙදි කොළොන්නාව දිනෙව්වා. පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්ත‍්‍රික්කයේ නවකයෝ අතරේ වැඩිම මනාප ගත්තේ මම.  එහෙනම් අපිත් ඉල්ලන්න ඕනනේ. අඩුම ගානෙ මට කොළඹ දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිකමවත් හම්බුනේ නෑ . හැබැයි සුජීව සේනසිංහ මැතිතුමාට පසුකාලීනව නායකතුමා එක්ක ෂේප් වෙලා මේ රාජ්‍ය ඇමතිකමකුත් හම්බුණා, වෘත්තීය සමිති සභාපතිකමක් හම්බුණා කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකත්වය හම්බුණා. මේ වන විට අපිටත් ප‍්‍රශ්න තියෙනවා යූ. එන්. පී කාරයොන්ට රස්සාවල් දීගන්න විදිහක් නෑ යූ. එන්. පී කාරයොන්ට ගෙවල් දීගන්න විදිහක් නෑ රටේ ආර්ථිකය වේගවත් මදි සහ බලාපොරොත්තු වෙච්ච ආර්ථික වර්ධන වේගය මේ වන විටත් නෑ කියලා ප‍්‍රශ්න තියනවා.  ඒ ප‍්‍රශ්න තිබ්බා කියලා අපි උඩබලාගෙන කෙල ගහන්නෙ නෑ. ඒ නිසා මේ මනාප වැඩිපුර ගත්තැයි කියලා දෙනවා නම් මටත් ඇමතිකමක් හම්බවෙන්න  ඕනේ. ඉතින් ඒ නිසා මං හිතන්නෙ මෙතනදි අපි බලන්න  ඕන පෞද්ගලික ඉලක්ක නෙමෙයි අපි අමාරුවෙන් භාග ආණ්ඩුවක් හදාගෙන තියනවා මේ භාග ආණ්ඩුව තනි ආණ්ඩුවක් බවට පත් කරන්නේ කොහොමද කියන එකයි අපි බලන්න  ඕන ඒකට අපි කැපවීම දීලා පක්ෂෙට ශක්තියක් වෙන්න  ඕන ඒක තමයි මගේ අදහස යැයි පැවසීය.

– මිනුර රෂාන්ත

28,795 Viewers

11 Comments to “අගමැතිට කුණුහරුපෙන් බැන්න සුජීවට ඇමතිකමක් නම් මටත් එකක් ඕනෑ.. මරික්කාර් සූජීවගේ සරම ලිහා ටොකුත් අනී..[Video]”

  1. බන්ඩා says:

    “… ප‍්‍රශ්න තිබ්බා කියලා අපි උඩ බලාගෙන කෙල ගහන්නෙ නෑ.”
    ඔය කියන්නෙ උඹල එජාප යෙ හොරැ (මහබැංකුවට EPF එකට විද්ද බොන්ඩ් හොරු වගේ උන්) රකින එක හරි විමල්ලා ගම්මලා බොරැ චෝදනා දමල රිමාන්ඩ් කොරන එක හරි කියන එක නේද?
    ජනතාව රටේ දේපොල විකුනන් කන එජාපයට නිසි උත්තර දෙන්න බලා ඉන්නවා කියන එක උඹට නොතේරැනාට තඹයට නම් ටක්කෙටම තේරිලා.

  2. රාහුල කොලුවා says:

    සුඡීවගේ වාග් ප්‍රහාරයට රනිල් පිලිතුරු දෙන ක්‍රමවේදය මෙයයි.

  3. Nilantha-Kaduwela says:

    මරක්කලයෝ ! කඩුවෙල ඉන්න බහුතරය දකුණෙන් ඇවිල්ලා පදිංචි උන රටට ආදරය කරන මිනිස්සු! කොහොමත් තම්බියෝන්ට දෙන්නෙම නෑ. කොලොන්නාවට බලපන් මීලගට වෙන්නේ මොකක්ද කියලා

    • බන්ඩා says:

      අැස් අැරල බලන්න යාලුවා. මරික්කාර්ලගෙ කස්ටිය දැන් කොලොන්නාවෙත් කැරපොත්තො වගේ බෝකරගෙන යනවා.

    • Upali says:

      ඇයි බන් දකුණෙ එවුන් කඩුවෙලට ආවෙ?

  4. salmon says:

    උඩ බලාගෙන කෙල ගහලා හරිය

  5. "සාධාරණ සෝභිත​" says:

    කටේ කෙළ ටිකක්වත් ඉතුරු වෙලා තියනවද කියල බලාපිය.

  6. sam says:

    this is an absolute idiot he is a toilet like rajitha

    • Mohamed says:

      Absolutely, These kind of assholes should not be given any post. This is another Sirasa gas filled hero.

  7. Giabao says:

    paw affa …………. Sujee kochchara nam giriya kadagena kaa gahuwada TV eke yahapalayana genna. dan yahapalana lkko Sujee ta pala nokiya pala bedanawa. mewa thamai ditta dhamma wedaniya karma. boru kalama ewa thamatama wedenawa

  8. ටකා says:

    මු සිංහල කෙල්ලෝ කීදෙනෙකුට ……………………………….. කියලා වැඩක් නැහැ ගොන් තම්බියා

Leave a Comment

Main News