අගමැතිට විරුද්ධව ඡන්දය දුන් ඇමතිලාට සදාචාරයක් නෑ.. ආණ්ඩුවෙන් යනු..- රාජිත

April 9, 2018 at 6:48 pm | lanka C news
අගමැතිට විරුද්ධව ඡන්දය දුන් ඇමතිලාට සදාචාරයක් නෑ.. ආණ්ඩුවෙන් යනු..- රාජිත

අග්‍රාමාත්‍යවරයාට හෝ ජනාධිපතිවරයාට එරෙහිව කටයුතු කළ අමාත්‍යවරුන්ට අමාත්‍ය මණ්ඩලයේ රැදී සිටීමට සදාචාරයක් නොමැති බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

රාජිත සේනාරතන පදනම සංවිධානය කරන ලද අවුරුදු අසිරිය වැඩසටහන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ එම පදනමේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් අලුත්ගම නගර සභා ක්‍රීඩාංගණයේ දී ඊයේ (08) පස්වරුවේ පැවැත්විනි.

බේරුවල ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් 100 කට මෙහිදී සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සදහා අත්‍යාවශ්‍ය උපකරණ සහ භාණ්ඩ පරිත්‍යාග කරන ලදි. මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේ දී අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අමාත්‍යවරුන්ට අමාත්‍ය මණ්ඩලයේ ඉන්න බැහැ. සාධාචාරයක් නැහැ. නමුත් එම ඇමැතිවරු අමාත්‍යධූරයේ ඉන්න උත්සාහ කරනවා. අග්‍රාමාත්‍යවරයා එපා කියනවා. එහෙම ඇමැතිවරු අමාත්‍ය මණ්ඩලයට අවශ්‍ය නැහැ. තිබෙන වරප්‍රසාද සහ අමාත්‍යධූර අත්හැරීමේ ආත්ම ශක්තිය තිබිය යුතුයි. රාජ්‍ය බලය තිබිය යුත්තේ ජනතාවට සේවය කිරීමටයි. අපේ මනුෂ්‍යකම ඉතා වැදගත් වුවත්, සේවය කිරීමේ දී බලය ඉතා වැදගත්. බලයෙන් කිසිවෙක් දුකට පත් වෙනවා නම් එම බලයෙන් වැඩක් නැහැ. යහපාලන රජයේ ඉදිරියේ දී එක් නායකයෙක් යටතේ එක් වැඩපිළීවෙළක් යටතේ ක්‍රියාත්මක වෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල යටතේ පක්ෂයේ දිස්ත්‍රික්, යොවුන්, තරුණ බලමණ්ඩල ඇතුලු සියලුම සංවිධාන ප්‍රතිසංවිධාන කරනවා. 2020 මැතිවරණය ජයගැනීමට හැකිවන පරිදි එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කරනවා. මමත් එම වැඩවලට හවුල් වෙනවා. ප්‍රතිසංවිධානය පිළිබද පැවැති රැස්වීමේ දී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා රාජිත සේනාරත්න අමාත්‍යවරයාත්, චතුර සේනාරත්න මන්ත්‍රීවරයාත් එක්සත් ජාතික පක්ෂයට එකතු වීමට කැමැත්ත පළ කර ඇති බව. එවිට සියලු දෙනාගේ ප්‍රසංශාව හිමි වුනා.”

– ප‍්‍රසන්න අධිකාරි

10,714 Viewers

4 Comments to “අගමැතිට විරුද්ධව ඡන්දය දුන් ඇමතිලාට සදාචාරයක් නෑ.. ආණ්ඩුවෙන් යනු..- රාජිත”

  1. kadiya says:

    යහපාලන අටමගල අටවා ගත්තු දවසේ ඉඳල මේ රටේ මිනිස්සුන්ට කිසිම වගතුවක් නැහැ. මූ වගේමයි මුන්ගේ ජනාධිපති බොරුකාරයයි අගමැති හොර නායකයි දෙන්නම. යහපාලන මුන්ට වඩා සදාචාරයක් තියනවා බල්ලන්ට. පව් අසරණ සත්තු මුන් එක්ක සසඳන එක ඒ සත්තුන්ට නිග්‍රහයක්.

  2. Captain says:

    NAV Hora Gedara Pala!

  3. සදාචාරය අමතක වෙලා තිබුනද අශ්පයෝ. says:

    යකෝ බැන්දුම්කරේට පක්ෂව චන්දෙ දුන් තොපට සදාචාරයක් නොමැති බව අපි ඊ ළග චන්දෙදි කියලා දෙන්නම්. අවරුදු පහට බලේ පෙන්නන් ජෝගි දාන තොපේ දත් ගලවන්නෙ ක්ලින්ක් එකකදී නොවෙයි චන්ද පෙට්ටියදී. හඳට බුරන බල්ලන්ට මොන සදාචරයක් ඩ බං. පරණ බේත් වලට් අලුත් ලේබල් අලවන කොට සදාචාරය අමතක වෙලා තිබුනද අශ්පයෝ.

  4. ExUNPer says:

    People,
    All these people are selfish jokers.
    They are merely dancing to the tune played by masters.
    These are organised drama, directed by the top level who control the puppet government.
    We know the final outcome….
    They will continue the Yamapalanaya till they distroy our country, heritage, culture, values,….etc.

Main News