අගමැතිතුමන්ට නම් මේ රෝගය නොවැලදේවා..

October 18, 2017 at 6:23 am | lanka C news
අගමැතිතුමන්ට නම් මේ රෝගය නොවැලදේවා..

පිවිතුරු හෙල උරුමයේ නාය පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

අපි වසර දෙකහාමරක් පුරා කියපු දෙයක් තමයි අගමැතිතුමා නීතිය හමුවට ගෙන ආයුතුයි. අගමැතිතුමාව ගෙන්නේ නැතුව මේ ප්‍රශ්නය විසදන්න බෑ. අර්ජුන් මහේන්ද්‍රන් ඩ්ව් ගුණසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණු කෝප් කමිටුව ඉදිරියේ ප්‍රකාශ කරලා තමන්ට බැඳුම්කර වෙන්දේසියකට යන්න උපදෙස් දුන්නේ අගමැතිතුමාය කියලා. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අපේ සංස්තාපිත ආයතන පිළිබඳ පනත්වල තියෙන විශේෂ වගන්තියක් තමයි ඇමතිවරයා විසින් වරින් වර විශේෂ හෝ විධාන කළමණාකරණ මණ්ඩලයට යොමු කළ හැක්කේය. කළමණාකරණ මණ්ඩලය ඒ විධාන වලට අනුව කටයුතු කළ යුත්තේය කියලා. උදාහරණයක් විදිහට මුදල් ඇමතිවරයාට පුළුවන් ලංකා බැංකුවට විධානයක් නිකුත් කරන්න. සෑම රාජ්‍ය සංස්තාපිත ආයතනයකටම තියෙන මේ සුවිශේෂි වගන්තිය ශ්‍රි ලංකා මහ බැංකුව සම්බන්ධයෙන් නෑ. මුදල් නීති පනතේ එහෙම වගන්තියක් නෑ. මහ බැංකුව දේශපාලනයෙන් මිදී ආර්ථික කාරණා ගැන පමණක් සලකා බලලා මුල්‍ය ප්‍රතිපත්තිය තීරණය කල යුතු නිසා.

රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තිය තීරණය කරන්නේ දේශපාලකයින්.  මුදල් ඇමති, ආණ්ඩුව, පාර්ලිමේන්තුව, ඇමතිමණ්ඩලය තමයි රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තිය තීරණය කරන්නේ. එයින් ආර්ථිකයට වන බලපෑම බලලා ආර්ථිකය ස්ථායි කිරීමේ වගකීම තියෙන්නේ ශ්‍රි ලංකා මහ බැංකුවට. එතනත් දේශපාලකයින් මැදිහත් වුණොත් වැඩේ හරියට කරන්න බැරිවෙන නිසා තමයි මහ බැංකුවට උපදෙස් දෙන්න විෂය බාර ඇමතිට බලතල ලබා දීලා නැත්තේ.  අගමැති උපදෙස් දුන්නාය කියලා අර්ජුන් මහේන්ද්‍රන් කිව්වා කාරණය අනිවාර්යයෙන්ම කොමිසම ප්‍රශ්න කල යුතුයි. මම කොමිසමෙන් විවෘත ඉල්ලීමක් කරනවා අගමැතිවරයා මහ බැංකු අධිපතිට වීවෘත බැඳුම්කරණ වෙන්දේසියට යන්නට උපදෙස් දීමට එතුමාට බලය ලැබුණේ කුමන නීතියේ කුමණ වගන්තියෙන්ද යන ප්‍රශ්නය මේ කොමිෂන් සභාවේ ඉන්න ගෞරවනීය විනිසුරුතුමන්ලා අනිවාර්යෙන්ම අගමැතිතුමාගෙන් ඇසිය යුතුයි.

ඒ වගේම නීතිපතිතුමා ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරු ආවාම නිහඬ ප්‍රතිපත්තියකයි කටයුතු කළේ. එසේ අගමැතිතුමා සම්බන්ධයෙන් කටයුතු නොකරාවි කියලා. ඒ වගේම අපේ ගරු අගමැතිතුමාට දන්නේ නෑ මතක නෑ කියන සුවිශේෂි රෝගය නොවැලදේවා කියලා අපි ප්‍රර්ථානා කරනවා.

– අරවින්ද අතුකෝරල

10,914 Viewers

One Comment to “අගමැතිතුමන්ට නම් මේ රෝගය නොවැලදේවා..”

  1. D.Nimal says:

    UNP leader of Ranil Wicks and his gang has to realized CB Bond scam is criminal Offence by looted public funds belongs to millions of citizens of our country?

    These public funds are that belongs all Sinhalese Tamils and Muslims other .
    You have plundered money of Govt. Treasury belongs all nationalities .Ranil Wics is leader of main cooks of this operating.

Main News