අගමැති රනිල් පාර්ලිමේන්තුවේ පට්ටපල් බොරු කියා සමස්ථ ජාතියම නොමග යවයි…

September 29, 2017 at 3:50 pm | lanka C news
අගමැති රනිල් පාර්ලිමේන්තුවේ පට්ටපල් බොරු කියා සමස්ථ ජාතියම නොමග යවයි…

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ පට්ටපල් බොරු කියා සමස්ථ ජාතියම නොමග යවා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පලි මහතා පවසයි.

මන්ත‍්‍රීවරයා මේ අදහස් පල කලේ බොරැල්ල එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂ මාධ්‍ය හමුවේ දීය.

ශ්‍රි ලංකාව ප්‍රජාත්‍රන්තවාදී රටක්. ජවිපෙ නහයෙන් අඩනවා හැම වසරේම මැතිවරණ තිබ්බා මහින්ද රාජපක්ෂ මැතිතුමා.ඡන්ද නරක දෙයක් ශ්‍රි ලංකාවේ අතුරු මැතිවරණ නෑ. අනෙක් රටක සැම වසරේම මැතිවරණ පැවැත්වෙනවා. මැතිවරණයෙන් තමයි ජනතා නියෝජිතයා තමාගේ ස්වාමියා වන ජනතාවගේ සිතුම් පැතුම් තේරුම් ගන්නේ. අපි ක්‍රියාත්මක කළ යුත්තේ අපිට ඕනදේ නෙවෙයි ජනතාවට අවශ්‍ය දේ. ජනතාවට අවශ්‍ය දේ ජනවරම දීලා කල් යන විට වෙනස් වෙන්න පුළුවන්. ජනතාව දැන් වෙනස් වෙලාද අපිත් එක්ක ඉන්නවාද කියලා දැන ගන්න පුළුළුන් මැතිවරණ වලින් විතරයි. අතුරු මැතිවරණ නැති නිසා පසුගිය වසර 30 තුළ ජනාධීපතිවරු 5දෙනෙක් ම වසර 7ක් 1990,1992,1995,1996,2003,2007,2011 ඇරෙන්න අනෙක් සෑම වසරක්ම මැතිවරණ වර්ෂ බවට පත් කරලා තියෙනවා. ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා, ප්‍රේමදාස ජනාධිපතිතුමා, විජේතුංග ජනාධිපතිතුමා, චන්ද්‍රිකා ජනාධිපතිතුමිය සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ ප්‍රජාත්‍රන්තවාදී සම්ප්‍රධාය අපේ සංස්කෘතිය අඛණ්ඩව පවත්වාගෙන ගියා. නමුත් 2016 සහ 2017 ඉතිහාසයට එකතු වෙන්නේ පසුගිය වසර 30 මැතිවරණ නොපැවැත්වූ පළමු අඛණ්ඩ දෙවසර විදිහටයි. ඒ වගේම මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අනාවැකියට අනුව නම් 2018 වසරෙත් මැතිවරණයක් නෑ වගේ. එතුමා කිව්වේ 2018 දෙසැම්බර් වෙනතුරුත් මැතිවරණ නොපැවැත්තුවොත් මම අස්වෙනවා කියලා.

අගමැතිතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කලා මාර්තු මාසයේ 31 වෙනිදාට කලින් අලුත් ක්‍රම යටතේ පළාත් සභා මැතිවරණය පවත්වනවා කියලා. පළාත් සභා මැතිවරණ සංශෝධන පනත අධ්‍යයනය කරාමයි තේරෙන්නේ අගමැතිතුමා පාර්ලිමේන්තුවේ කළේ පට්ටපල් බොරු පාර්ලිමේන්තුව පමණක් නෙවෙයි සමස්ථ ජාතියම නොමග යන ප්‍රකාශයක්. ඒකවෙන්නේ මෙහෙමයි පනත සම්මත වුනාට තාම සිමා නිර්ණය කමිටුව පත්කරලා නෑ. සීමානිර්ණය කමිටුව ඔක්තෝමබර් පළමු වැනි සතියේ පත්කලා කියමුකෝ මාස 4ක් තියෙනවා සීමා නිර්ණය කරලා වාර්තාව දෙන්න. ඒ වාර්තාව ලැබුණාට පස්සේ පාර්ලිමේන්තුවට දෙනවා මාසයක කාලයක් මේක සම්මත කර ගන්න. මාසෙක කාලයක් ඕනේ නෑනේ මේක සම්මත කර ගන්න කියලා තමුන්නාසේලා හිතන්න පුළුවන්. නමුත් එදා මේ පනත් සංශෝධනය සම්මත කර ගත් දවසේ අන්තවාදි දේශපාලන බලවේග තුනක් එකතුවේලා අතිශයින්ම අසිලාචාර වැඩක් කරා. ආණ්ඩුවට හදිසියේම නීතිපතිවරයා දැනුම් දුන්නා මේකට තුනෙන් දෙකේ අනුමැතියක් අවශ්‍යයි කියලා අපි නීතිපතිවරයාට බැට දෙනකොට. එහි ප්‍රතිඵලයක් විදිහට ආණ්ඩුව හෙලිකොප්ටර් යවමින් ඈත පළාත් වල ඉන්න මන්ත්‍රීවරු ගේන්න. රෝහල් ගත වෙලා ඉන්න මන්ත්‍රීවරු ගිලන් රථ වලින් පාර්ලිමේන්තුවට ගේන්න. ආඩාවැටෙමින් හිටිය පොඩි එකාට කිරි පොවමින් හිටිය මන්ත්‍රීතුමියන් ළමයත් සමග කාර් එකෙන් පාර්ලිමේන්තු ගෙනල්ලා පොඩි එකා නැලවීම අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවකයන්ගේ වගකීමක් කරලා අම්මව යැව්වා ඡන්දයට. මේ ඔක්කෝම කරලත් 150 හැදිලා නෑ.

මේ ආණ්ඩුවේ අර්බුදය දැක්ක රවුෆ් හකීම් රිෂඩ් බදුර්දීන් මනෝගනේෂන් කියන දේශපාලන පක්ෂ තුනේ නායකයින් ඒ අය ඉදිරිපත් කලා පාර්ලිමේන්තුවට සංශෝධනයක්. මේකේ කියනවා පාර්ලිමේන්තු නොපැමිණි මන්ත්‍රීවරුන්ද අතුළුව සමස්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකකින් අනුමත නොකළොත්  සීමා නිර්ණය වාර්තාව වලංගු නෑ. දෑන් මිට කලින් තුනෙන් දෙකෙන් තියා සමාන්‍ය බහුතරයකින් වත් අනුමත කළේ නෑ. මේක තුනෙන් දෙකේ බහුතරය කියලා දාපු ගමන් මේ පක්ෂ වල ඉල්ලීම් ඉටුවනතුරු මේක සම්මත වෙන්නේ නෑ. හැම තැනම බෙදීම් ශ්‍රිලනිපයටයි එජාපයටයි ප්‍රශ්න තියෙන්න පුළුවන් ප්‍රදේශ වල, මුස්ලිම් කොම්රසයටයි දෙමළ සන්ධානයටයි තවත් තැන්වල ප්‍රශ්න තියෙන්න පුළුවන්. එතකොට මාසයක් ඇතුලත බැරි වුනොත් මොකද කරන්න තියෙන්නේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සියළුම ජන කණ්ඩායම් නියෝජනය වන පස්දෙනෙක් පත් කරන්න ඕනේ මේ කමිටුව තමයි මේ අවුල් විරවුල් ලිහන්නේ. ෆයිසර ඇමතිතුමා පාර්ලිමේන්තුවට කිව්වේ මේක අභියාචනා කිරීමට අවස්ථාවක් නෑ. වෙනස් කරන එකතීරණය කරන්නේ අගමැතිතුමා. තුනෙන් දෙක හදා ගන්න කුට්ටිය ලොකු නායකයින්ගේ ඉල්ලීම් ටික ඉටු කොළොත් තමයි 150 හදන්න පුළුවන් එතකොට දෙමළ ජාතික සංධානයට තියෙනවා මුස්ලිම් කොම්රසයට වඩා බලයක්. මුස්ලිම් කොම්රසයට තියෙනවා රිෂාඩ් බදුර්දීන් ඇමතිතුමාට වඩා බලයක්. මේ සාකච්චා කරලා මාසෙකින් ඉවර වුණත් දැන් අප්‍රේල් 01 වෙනිදා වෙලා. එතන ඉදන් මාස 03ක් වත් දෙන්න වෙනවා මැතිවරණය පවත්වන්න අවශ්‍ය ලිපි ලේඛන හදා ගෙන පළමු වතාවට මේ මැතිවරණය කරන්නේ සමාන්‍ය මැතිවරණයකට විසුරුවා හැරිමේ සිට මාස 02ක කාලයක් යනවා මෙතන මාස තුනක් වත් දෙන්න වෙනවා නව ක්‍රමයක් නිසා. ආණ්ඩුවට මේ ක්‍රමය යටතේ ඡන්දය තියන්න ඕනේ වුණත් ජුලි වලට කලින් තියන්න නම් බෑ. බල්ලන්ට ජලභීතිකාව වගේ ආණ්ඩුවට හැදිලා  තියෙනවා ලෙඩක් ජනභීතිකා. ඒ නිසා ජනතාව ඉදිරියට යන්න බයයි.ඒ නිසා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පත්වෙන කමිටුව අවුරුදු 2ක 3ක් වුවත් සීමා නිර්ණය අවසන් කිරීම සඳහා ගැනීමට බෝහෝ දුරට ඉඩ තියෙනවා. ඒ නිසා මෑත ඉතාහාසයේ ඡන්ද නොමැති එකම යුගය බවට ජනතාවට යහපාලනය දීමට පොරොන්දු වූ ආණ්ඩුවේ යුගය පත් වී තිබෙන බව ඉතාම කණගාටුවෙන් සඳහන් කරන්න ඕනේ.

– අරවින්ද අතුකෝරල

10,505 Viewers

One Comment to “අගමැති රනිල් පාර්ලිමේන්තුවේ පට්ටපල් බොරු කියා සමස්ථ ජාතියම නොමග යවයි…”

  1. Aurora says:

    බලය බෙදාහැරීමට දුන්න පළාත් සභා මේ අනුව මින්පසු ක්‍රියාත්මක නොවේ. ඌරගෙ මාළු උගේ ඇඟේම තියල කපපු රනිල්පිලිබඳව THA සහ මුස්ලිම් කොන්ග්‍රසස් මෝඩයන් දැන් කියන්නේ මොකක්ද? අපි නොඉල්ලපු පළාත්සභා ඔහොමම මකබැවී යද්දෙන්.

Main News