අගමැති මිත‍්‍ර මලික්, මාරපන, ස්වාමිනාදන් මොන බම්බුවක්ද රටට කලේ.. ඡන්ද පහක් ගන්න පුළුවන්ද.. වහාම නෙරපනු.. බෙල්ල ගියත් මං සටනේ..- වසන්ත සේනානායක..

March 12, 2018 at 9:20 am | lanka C news
අගමැති මිත‍්‍ර මලික්, මාරපන, ස්වාමිනාදන් මොන බම්බුවක්ද රටට කලේ.. ඡන්ද පහක් ගන්න පුළුවන්ද.. වහාම නෙරපනු.. බෙල්ල ගියත් මං සටනේ..- වසන්ත සේනානායක..

එත්සත් ජාතික පක්‍ෂය තුල සැලකිය යුතු මට්ටමේ වෙනසක් සිදු නොකලහොත් පක්‍ෂයේ කණ්ඩායම් විවිධ විවිධ ස්තානයන්ට යනු ඇති බව රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා පවසයි.

මෙම වෙනස්වීම් ඉතා ඉක්මනින් විය යුතු බවත් මේ සදහා පක්‍ෂ නායකත්වයට වැඩි කාලයක් නෙදෙන බවත් ඔහු සදහන් කරයි.

මේ ආකරයේ වැඩකට නැති කැබිනට් වෙනස්කම් කරමින් ජනතාව රැුවටිය නොහැකි බවත් ගම්ම මට්ටමට යාගත නොහැති බවත් රාජ්‍ය ඇමතිවරයා පෙන්වා දෙයි.

ජාතික ලයිස්තුවෙන් ආ අගමැතිවරයාගේ මිත‍්‍රයන් එම මිත‍්‍රකමටම ප‍්‍රධාන අමාත්‍යංශ ලබා දී ඇති බවත් ඔවුන් කල් ඉකුත්වූ හෝ කල් ඉකුත් වෙන්න ඔන්න මෙන්න පුද්ගලයන් බවත් ඔහු චෝදනා කරයි.

‘ස්වාමිනාදන් කලේ මොන බම්බුවක්ද රටට.. මාරපන හැම ආණ්ඩුවෙම ඉන්නවා ඇත්ටම රටට සේවයක් වෙනවද ඒ අයගෙන්.. මලික් සමරවික‍්‍රමගෙන් රටට වැඩක් තිවෙනවද ගමට වැඩක් තියෙනවද.. ඡුන්ද පහක් ගන්න පුළුවන්ද.. මේ අය තියාගෙන මේ ගමන යන්න ගියොත් අපි විනාශ වෙනවා’ යයිද කී ඔහු තමන්ගේ බෙල්ල ගියත් මේ සටන් සිටින බවද කීය.

ඇමතිවරාය මෙම අදහස් පල කරන ලද්දේ දෙරණ රූපවාහිනියේ ‘මොකද වුනේ’ වැඩසටහන හා එක්වෙමිනි.

30,767 Viewers

8 Comments to “අගමැති මිත‍්‍ර මලික්, මාරපන, ස්වාමිනාදන් මොන බම්බුවක්ද රටට කලේ.. ඡන්ද පහක් ගන්න පුළුවන්ද.. වහාම නෙරපනු.. බෙල්ල ගියත් මං සටනේ..- වසන්ත සේනානායක..”

  1. තුෂාර says:

    ජනතාවටට මාද්‍ය සංදර්ශන පවත්වා ජනප්‍රිය වීමෙන් පලක් නැත. ඔබ හඩ නැගිය යුත්තේ සිරිකොත තුලයි…

  2. Suba Anagathayak says:

    මේ මිනිහා මහින්ද ළඟ ඉඳලා අන්තිම කාලයේ තමයි එජාපයට ගියේ. සේනානායක මුනුපුරෙක් වුන පලියට එක පාරටම මුට නායකත්වයක් හම්බවෙන්නේ නැහැ. වල පයයි ගොඩ පයයි සෙට් එක එලවන්න, ස්වාමිනාදන් මලික් වගේ උන්ව එළවීමක් ගැන කතාකරන්න මූ මොකෙක්ද කියලා හිතෙනවා ඇති එජාප නායකත්වයට. හොඳින් බැරිනම් නරකින් නායකයන්ව එලවනවා කියලත් කිවුවා. ඔලුව ඉදිමිලා වැඩියි. අඩුගනනේ තමාට බාරදුන්න පොලොන්නරුව වත් දිනලා පෙන්නුවානම් කමක් නැහැ!

    • hari says:

      BALTIE KARAYO mona pakshyen ganna ganna appa mun munge bada katta purwanganna wethrai balanne

  3. KADUWELA SILWA says:

    මෙයත් ගිය ආන්ඩුවෙ ඉදලා පැනපු කෙනෙක් නේ. මෙයාට කොතැනවත් ඉන්න බෑ. සේනානායක කෙනෙක් නිසා හිතා ඉන්නවා මෙයලාට නායකතවය හිමිවිය යුතුයි කියලා. ඉවසලා වැඩකරලා නායකතව ගුනාංග පෙන්විය යුතුයි.

  4. daminda says:

    visill vitharada? balti nadda?

  5. Lapaya says:

    Hitapu maha banku lokkata mokada une. Seratama amathakayi neda?

  6. Rohitha says:

    You are a genuine nationalist, as it appears You must lead the UNP so the UNP will have a chance to win an election in the future in a way that is not harmful to the country.

Main News