අගමැති රනිල් ආර්ථිකය ගොඩදැම්මා.. ඒක ඔහුට සුළු දෙයක්.. ඔහු එතරම්ම පරිනතතයි..

February 3, 2018 at 4:40 pm | lanka C news
අගමැති රනිල් ආර්ථිකය ගොඩදැම්මා.. ඒක ඔහුට සුළු දෙයක්.. ඔහු එතරම්ම පරිනතතයි..

වර්තමාන රජය විසින් ලබා දුන් මාධ්‍ය නිදහස තුලින් තමුන් බලාපොරොත්තු වුයේ වගකීමක් කටයුතු කරන මාධ්‍යක් බවත් ලබා දුන් නිදහස දේශපාලනයට පාවිච්චි කරනවා නම් එය ජනතාවට කරන ද්‍රෝහිකමක් බව නීතිය සාමය දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ එළඹෙන ප්‍රාදේශීය සභා මැතිවරණය ඉලක්ක කරමින් එක්සත් ජාතික පක්ෂයේ මොරවක-පැලවත්ත ප්‍රදේශයේදී පැවති ජන හමුවක් අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

ආවා ගංවතුරක් අපි එකටත් මුහුණ දුන්නා.ගංවතුරෙන් හානිවුණු උදවියට නැවත නැගී සිටින්න උදව් කළා.අපි රක්ෂණයක් දාලා තිබුනා එකෙන් අපි ගෙවීම් කළා.එත් ප්‍රාදේශීය ලේඛම් තුමා කල ඇස්තමේන්තුවයි ඒ රක්ෂණ භාර අරමුදලයි කරපු ඇස්තමේන්තුවයි අතර ලොකු වෙනසක් තියෙනවා.ඒ වෙඅසත් අපි ගෙවනවා.කැබිනට් මණ්ඩලය ඒ සඳහා අනුමැතිය දීලා තියෙනවා.ඒ අඩුපාඩුව අපි ඉක්මනින් ලබා දෙනවා කියලා මම තමුන්නාන්සේලාට මේ අවස්ථාවේදී පොරොන්දු වෙනවා.

තමුන්නාන්සේලාගේ ගමේ පාලම හේදිලා ගියා.මම දක්කමේ ලඟදි පත්තරේක තියෙනවා පසුගිය ගංවතුරට දෙනියාය ආසනයේ පාලම්තිස් එකක් ගංවතුරෙන් හානි වුනා.තාම හදලා නැහැ කියලා.මම වගකීමෙන් කියනවා කොටපොල ප්‍රාදේශීය ලේඛම් කොට්ටාසයේ මේ පාළම (පැළවත්ත පාලම)ඇතුළුව මහා පාලම් 3 වල පාලම් තුනයි.එකතුව හයයි.මේක හරියට හදලා තිබුනා නම් වැටෙන්නේ නැහැ.තමුන්නාන්සේලා දන්නවා ඒක හරියට හදලා තිබුනද නැද්ද කියලා.කනුව තියෙනවා දැන් පෑදිලා තියෙනවා.ඒ අත්තිවාරම හරියට දාලා නැහැ.එත් එක නිදහසට කාරණයක් නෙමේ අපිට.එක වැටිලා දැන් එක හදන්න ඕන.පිටබැද්දර ප්‍රාදේශීය ලේඛම් කොට්ටාසයේ පාලම් දෙකයි.එතකොට පාලම් අටයි.දැන් මේක තිස් එක වුනා කොහේදී හරි.පත්තර කාරයෙක් මේක ලියනකොට.මේක තමයි මේ රටට අපි දීපු අනිත් දේ.අපි දුන්නා මාධ්‍යට නිදහසක්.අපි මාධ්‍යට නිදහස දෙද්දී අපි බලාපොරොත්තු වුනේ වගකීමෙන් කටයුතු කරන මාධ්‍යක්.දේශපාලන හෙන්චයියලා හැටියට කටයුතු කරන මාධ්‍ය නෙමෙයි.අද මාධ්‍යට දීපු නිදහස දේශපාලනයට පාවිච්චි කරනවානම් ඒක ජනතාවට කරන ද්‍රෝහිකමක්.මාධ්‍යයේ වගකීමක් තමයි ජනතාව ආරක්ෂා කරන එක.හරි පණිවිඩය ජනතාවට දෙන එක.අපි දීපු නිදහස හරියට පාවිච්චි කරන්න එතකොට තමයි නියම මාධ්‍ය ආයතනයක් වෙන්නේ.

අපි තවත් මැතිවරණයකට ලෑස්ති වෙන්නේ.මේක ගමේ චන්දය කියලා තමයි අපි හඳුන්වන්නේ. කතාකල කථිකයින්ගේ කතා වලින් පැහැදිලි වුනා මේ චන්දය කොතරම් වැදගත්ද කියලා.ගමේ සංවර්ධනයට ඉදිරියට අරගෙන යන,ඒවා හේදිලා යන්නේ නැති විදියට සංවර්ධනය කරන්න මේ මැතිවරණයෙන් තමයි අපි ගමේ මන්ත්‍රී වරයා පත්කරගන්න යන්නේ.තමුන්නාන්සේලාට අපි ඉදිරිපත් කරලා තියෙනවා හොඳ අපේක්ෂකයෙක්.මහින්දරත්න මන්ත්‍රී තුමා මගේ චන්දෙත් මහින්දට කියලා තමයි කියන්න තියෙන්නේ.අපේ මහින්දට පොහොට්ටුවේ මහින්දට නෙමේ.එතුමාට අම කියන්නේ හිටපු ජනාධිපතිතුමා කියලා.මම මහින්ද කියලා කියන්න යන්නේ නැහැ.හිටපු ජනාධිපතිවරයෙකුට මම එහෙම කතා කරන්නේ නැහැ.

අද තමුන්නාන්සේලාට ගමට නායකත්වය දෙන්න පුළුවන් ඒ වගේම තමුන්ගේ ආත්ම ගරුත්වය රැකගෙන,මගෙත් ආත්ම ගරුත්වය රැකගෙන,පක්ෂයේත් ආත්ම ගරුත්වය රැකගෙන වැඩ කරන්න පුළුවන් ගම වෙනුවෙන් කැපවෙන්න පුළුවන් පිළිවෙළකට ඒ වැඩ ටික කරන්න පුළුවන් කෙනෙක් අපි ඉදිරිපත් කරලා තියෙන්නේ.එහෙනම් අපි මහින්දව දිනවමු ඉන් පස්සේ මට පුළුවන් මගේ බලය යොදවලා ගම දියුණු කරන්න.

දැන් අවුරුදු තුනක් වෙනවා මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ආණ්ඩුව පත් කරගෙන.හැමෝම මහන්සි වුනා.මම හිතන්නේ අපිට දිනන්න පුළුවන් වුනේ කළින් බුලත් කොළය කියන පක්ෂයට ශ්‍රීලංකා නිදහස් පක්ෂය කියන්න බැහැ.කාලෙන් කාලෙට නම වෙනස් වෙනවා.පොදුජන එක්සත් පෙරමුණ කියනවා.තව මොකක්හරි කියනවා.නමුත් ඒ පක්ෂයට වැඩ කරපු අයත් වැඩ කළා ඒ මැතිවරණයේදී.ඒකයි අපිට දිනන්න පුළුවන් වුනේ.වෙනසක් ඇති වුනා.ඇයි එහෙම වුනේ.අවුරුදු විස්සක් තියාගෙන හිටපු බලාපොරොත්තු ඉටු වෙච්ච නැති නිසා.අද කරයි හෙට කරයි කියලා හිතුවා.`කරපු දේත් හරියට කලේ නැහැ.පාරක් කොන්ක්‍රීට් කලානම් වැස්සට හේදිලා ගියා.පාලමක් හැදුවානම් ටික කාලෙකට පස්සේ ඒක ඇලවුනා.හරියට කරපු නිසා.අවසානයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයට වුනේ තව අවුරුදු දෙකක් ධුරකාලය තියෙද්දී,තව අවුරුදු දෙකක් ජනාධිපති හැටියට ඉන්න තියෙද්දී හදිස්සියේම මැතිවරණයටකට යන්න ඒ හිටියනම් ආර්ථිකය හිරවෙනවා හොඳටම ජනතාව තවත් ප්‍රතික්ෂේප කරනවා එක නිසා දැන් හරි මැතිවරණයකට ගිහින් ගොඩ දාගන්නවා කියලා හිතලා මැතිවරණයකට ගියේ.අපි ඉල්ලුවේ නැහැ එතුමාට දෙන්න කියලා හදිස්සියේ.එතුමා ගියේ.හඬ වෙලාවට ජනතාව ඒ මැතිවරණය ගොඩ දාගත්තා.ඒ නිසා අද ජනතාව දිනලා ඉන්නවා.තාම සුපිරිවටම දිනලා නැහැ.තව වැඩ ගොඩාක් තියෙනවා දිනන්න.මුලින්ම ආපු අවුරුදු දෙක,තුන අමාරු කාලයක්.ආර්ථිකය හොඳටම හිරවෙලා හිටියේ.ජාත්‍යන්තරයෙන් අපි කොන් වෙලා හිටියේ.අපිත් එක්ක වැඩ කරන්න ආවේ නැහැ.අපිත් එක්ක ආයෝජනය කරන්න ආවේ නැහැ.අපේ රටේ නිෂ්පාදන පිට රටවලට එනවට කැමති වුනේ නැහැ.ආර්ථික වශයෙන් සම්බන්ධතා තියාගන්න පුළුවන් රටක් අපිත් එක්ක සම්බන්ධතාවයක් තියාගත්තේ නැහැ.ඔක්කොම හිටියේ අපේ ආර්ථිකයට හයිය්යක් වෙන්න පුළුවන් ය නෙමෙයි.එක නිසා තමයි හිර වුනේ.පාරක් හැදුවම එක හදාගන්න ණයට ගන්න ඕන සල්ලි.ඒ ණය වාරිකය එනකොට තමුන්නාන්සේලාගෙන් එකතු කරන්න ඕන ඒ සල්ලි ගෙවන්න.මේ රටේ අදායම් නැතිවෙලා තිබුණා.රාජ්‍ය සේවක වැටුප් ගෙවන්න සල්ලි නැති වුන අවස්ථා අප්‍රමානයි.තමුන්නාන්සේලාගෙන් එකතු කරන්න ඕන.ඒකයි ඒ කාලේ විටින් විට බදු මිළ වැඩි වුනේ.චන්දයක් එනකොටනම් ඔන්න අඩු වුනා.අනිත් හැම වෙලාවේම අපි බලාපොරොත්තු නොවුණු වෙලාවක බදු මිළ වැඩි වුනා.

අපි ඇවිත් ආර්ථිකය ගොඩනගන්න සමත් වුනා.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඒක අමාරු කාර්යක් නෙමෙයි.ජේ.ආර් ජයවර්ධන මැතිතුමාගේ හැත්තෑහතේ ආණ්ඩුවේ ඉඳන් ලාබාල ඇමතිවරයෙක් ලෙස ඉඳලා,ක්‍රමක්ක්‍රමයෙන් අත්දැකීම් අරගෙන පරිනතවෙලා දේශපලන්ග්යෙක් විදියට ආර්ථිකය හසුරවන හැටි අත්දැකීම් අරගෙන රටක් පාලනය කරන විදිය අත්දැකීම් අරගෙන අපිට නායකත්වය දෙන්න ගත්ත එතුමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයා එක්ක.ආර්ථිකය සම්පූර්ණයෙන් හසුරවන්න ගත්තා රනිල් වික්‍රමසිංහ මැතිතුමා.අනන්තවත් එතුමා එක්ක රාජ්‍ය නායකයින් හමුවෙලා තියෙනවා.ඒ හැම කෙනාම කිව්වේ අද අපිට භයක් නැතිව ආර්ථික වශයෙන් ගනුදෙනු කරන්න පුළුවන් සම්බන්ධතා ශක්තිමත්ව පවත්වාගෙන යන්න පටන් ගන්න පුළුවන් කියලා.අපෙ රජය කාලය කැපකලා ඒ රටවල් එක්ක සම්බන්ධතාවය පවත්වාගන්න.අපේ රටටත් වැදගත්වන අපිටත් වැදගත්වන ආර්ථික සම්බන්දතා වැඩි කර ගත්තා.සිංගප්පුරුවේ එක්ක දැන් සති දෙකකට කලින් නිදහස් වෙළඳ ගිවිසුමක් ඇතිකරගත්තා.ලෝකයේ ඉන්න බලවත්ම රටක් ආර්ථික වශයෙන්.අපිට තරම් සම්පත්වත් නැහැ.එකම දේ තියෙන්නේ ඒ යට පිහිටීම.නාවිඅ මාර්ග වල ඉන්නවා ,ගුවන් මාර්ග වල ඉන්නවා ඒ අය.ඒකයි ඒ අය පාවිච්චි කරන්නේ.එතනින් එහාට අපිට හොඳ මානව සම්පතක් ඉන්නවා.අපිට තව තියෙනවා ස්වභාවික සම්පත් විශාල ප්‍රමාණයක්.සිංගප්පුරුවට වතුර බින්දුවක්වත් නැහැ.ඔක්කොම විදේශ රටවලින් ගේන්නේ.අපිට එකත් තියෙනවා.අපේ වනාන්තර තියෙනවා.වෙරළ සීමාවක් තියෙනවා.සංචාරක ව්‍යාපාරය කරන්න පුළුවන්.මේ හැම දෙයකටම අපිට අවශ්‍ය සම්පත් තියෙනවා.අපි ඒ සම්බන්ධතා ගොඩ නගා ගෙන ආර්ථිකය දියුණු කරන්න පුළුවන් වුනු නිසා තමයි අපිට නිදහස් වෙළඳ ගිවිසුම් කරන්න අවශ්‍ය වුනේ.අපි අත්සන් කලේ.ඊළඟ පියවරේ කර්මාන්ත ටික වේගයෙන් එනවා,සංචාරකයින්ගේ පැමිණීම වේගවත් වෙලා තියෙනවා.මේ වර්ෂය තමයි අපේ ඉතිහාසයේ වැඩිම ඍජු විදේශ ආයෝජන වැඩිපුරම ඇවිත් තියෙන්නේ.ලබන අවුරුද්දේ එක ඩොලර් බිලියන දෙකයි දශම අටක් දක්වා වැඩි වෙනවා.මේ ඔක්කොම පරිවර්තනය වෙන්නේ මොනවටද?..තරුණ අයට රැකියාවන් සහ ගමේ සංවර්ධනයට.මොකද අපේ ආර්ථිකය ස්ථාවර වෙනවා.අපට සල්ලි එනවා.තමුන්නාන්සේලාගේ ජීවන බර අඩුකරන්න.මේකට තමයි පරිවර්තනය වෙන්නේ.දරුවන්ගේ අධ්‍යාපනය දියුණුවට.සෞඛ්‍යයේ දියුණුවට,ප්‍රවාහනයේ දියුණුවට.මේ ගම්වල යටිතළ පහසුකම් දියුණුවට.එකටයි ඒ හැම දෙයක්ම පරිවර්තනය වෙන්නේ.මේ මැතිවරණයෙන් ශක්තිමත්ව පනිවිදියක් දෙන්න ඕන ඒ වැඩ පිළිවෙළ ඉදිරියට ගෙනියන්න.

කුහකකම හින්දා අපේ කකුලෙන් අදින්න දෙන්න එපා.අපිව රවට්ටන්න,අපේ රටේ ජනතාව රවට්ටන්න ඉඩ තියන්න එපා.අපි බුද්ධිමත් කියලා අපි පෙන්නමු.අපි රවටෙනේ නැහැ කියලා අපි පෙන්නමු.පෙන්නලා අපි ශක්තිමත්ව ජයග්‍රහණය කරමු.

බලන්න අපි පහුගිය අවුරුදු තුනේ ශක්තිමත් ආර්ථිකයක් නැතිව කරපු දේවල්.මේ ප්‍රදේශයේම සංවර්ධනය කල මාර්ග ජාලය ගැන හිතන්න.අපි පාසල් යන දරුවන්ට රක්ෂණයක් දුන්නා.ලෙඩ වුනොත් රුපියල් ලක්ෂ දෙක දක්වා ප්‍රතිකාර ගන්න පුළුවන් පෞද්ගලික රෝහලක වුනත්.ගර්භනී මව්වරුන් සඳහා රුපියල් විසිදහසක දීමනාවක් ලබා දුන්නා.මම පහු ගිය මැතිවරණයේදී වේදිකාවක් ගානේ කියාගෙන ගියා ගිලන්රථ සේවයක් ඇතිකරනවා කියලා.දුරකථන ඇමතුමක් දුන්නම ගෙදරගාවට එන ගිලන් රථ සේවයක් ඇති කරනවා කියලා.අද ඒ දුන් පොරොන්දු ඉටු කරලා තියෙනවා.බටහිර ලෝකේ රටක තියෙන සේවාවක්.කොයි තරම් ශක්තියක්ද?කොයි රජයෙන්ද ජනතාව ගැන මෙහෙම හිතලා වැඩ කරලා තියෙන්නේ.මේ දේවල් වේදකාවේ කියනකොට මිනිස්සු හිනා වුනා.එත් අද වෙනකොට ඒ සේවය අද මහජනතාවට ලබා දීලා තියෙනවා.කොයි රජයෙන්ද මෙහෙම ජාතාවට ගෙනත් දෙල තියෙන්නේ?..ජනතාවගේ ජීවන මේ තරම් දෙයක්.බීත් හේත් වල මිල අඩුකලා.කඩ වැටිලා තිබුණු තේ කර්මාන්තය අපිට දියුණු කරන්න පුළුවන් වුනා.තේ මිළ තිබුනේ හැටට විතර.අපේ රජය එකසීය දහය එකසිය පහළොව දක්වා ඉහලට අරගෙන ඇවිත් තියෙනවා.අපි ආණ්ඩුව ගනිද්දී පුංචි කාලයකට කිව්වා අසුව ගානේ තේ දළු කිලෝ එකකට දෙන්නම් කියලා.සහතික මිලක් දෙන්නම් කිව්වා. යනුවෙන් පැවසීය.

– දෙනියාය ප්‍රියංග ගමගේ

6,976 Viewers

14 Comments to “අගමැති රනිල් ආර්ථිකය ගොඩදැම්මා.. ඒක ඔහුට සුළු දෙයක්.. ඔහු එතරම්ම පරිනතතයි..”

  1. Dr Lakshman Fernando says:

    SAGALA, DO YOU THINK RANIL DID ANY THING TO THE COUNTRY? BULL SHIT, EVERY THING HE DID TO HIM SELF & PARTY. SEE HOW PEOPLE ARE STRUGGLING TO LIVE.

  2. abeyrtne says:

    well said sir Hon P.M.and close friends will definitely do some changes to the lives of our people We expect that change within a short period,
    May the triple gem bless you all

  3. සයිමන් says:

    මෙයාලගෙ හැම කතාවකම වගේ මේ කතාවෙත් වැඩිපුරම ඉන්නෙ මහින්ද.

  4. බූරුව says:

    බැඳුම්ක්‍රමසිංහගෙ අම්ම මූ වගේ තව එකෙක් හදල තිබුණ නම් ලෝකබැංකුවත් ගොඩදාල හිටං මෙලහකට.

  5. Ranjan says:

    ඈ ගොනෝ තෝ හිතන්නේ අපිත් ගොන්නු කියලද?

  6. Hoo N P Kaaraya says:

    Aarthikya goda damme dawalda? nathnam Kuliyapitiye hadapu Volkswagen factoriyenda kiyala janathawa karanawa. Dee kirata balalluth saakki kiyanawalu.

  7. kamalasirikuruwita says:

    අපි නම් දන්නේ නැහැනේ එහෙම එකක්. රටේ දේවල් පිට රට එවුන්ට විකුණ විකුණා එදා වේලට ආණ්ඩු කරන එකද මේ ගොඩ දැම්මා කියන්නේ කිසිම රටට පෙනෙන සංවර්ධනයක් නොකර . මෙදා ජනතාව අන්දන්න අමාරුයි .
    අනේ සාගල , තමුන්ට රනිල්ට් වඩා දේශපාලනයෙන් තොරව ජනතාවගේ යම් පිළිගැනීමක් තියෙනවා එක නැති කර ගන්න එපා

    • Upali says:

      ඔවු කමල්, ආර්තිකය නැමති රැකගෙන පෝශනය කලයුතු මත්සයා දියෙන් ගොඩ දමා ඇත..මත්සයා දැන් ගැහෙමින් පන අදියි. මියයන්න පෙර ඔබගේ තීරනය 10 වෙනිදාට ගන්න.

  8. BARCARDI says:

    Yes.
    RW took the central bank under him to boost the SL economy and gave it to his Singapore friend Mehenran.
    Since then economy of the country increased in leaps and bounds as shown in Badumkara Commision.

    This is not an easy task.

  9. ඔව් අනේ එක ගොඩ දාලා says:

    ඔව් අනේ එක ගොඩ දාලා මුදෙන් එලියට දාපු මාලුවෙක් වගේ ගැහෙනවා. අන්තිමට කරවල තමා. සින්ගප්පුරුවෙන් නෙ ගොඩ දැම්මේ. අම්ම බැදුම්කර විකුනලා නෙ. කව්රුත් දන්නවා මාගල ඇමති තුමෝ එක නම්.

  10. john the baptice says:

    ‘‘රනිල් කියන්නේ උපතින්ම පරාජය උරුම වුණු අවාසනාවන්ත නායකයෙක්.වර්තමාන දේශපාලනයේ බංකොළොත් චරිතයක්. කොටින්ම කීවොත් අවලංගු කාසියක්.

  11. love nature says:

    අයිරාංගනි සේරසිංහ මහත්මිය කියන්නේ නම් මේ වගේ කතාවක්. නාලනීගේ පුතා වන රනිල් වික්‍රමසිංහ අගමැතිට නැන්දා? “රනිල් දේශපාලනයට යනවා කිව්වම ඕ…මයි ගෝඩ් කියලා කියවුණා.

  12. john the baptice says:

    ‘මට මේ බැඳුම්කර ගනුදෙනුව සඳහා උපදෙස් දුන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතායි’ – හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් කෝප් කමිටුවට කියලා

    http://breakingnews.lk/8916

  13. duminda says:

    banaku mannkolla karuwangae deshaya godnaguwa……………..

Main News