අගමැති හා කැබිනට් මණ්ඩලයේ සියළු ගෙවීම් දීමනා අත්හිටුවයි.. අමාත්‍යංශවලට STF ආරක්‍ෂාව..

December 10, 2018 at 10:00 am | lanka C news
අගමැති හා කැබිනට් මණ්ඩලයේ සියළු ගෙවීම් දීමනා අත්හිටුවයි.. අමාත්‍යංශවලට STF ආරක්‍ෂාව..

අභියාචනාධිකරණය විසින් අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයේ කටයුතු අත්හිටුවීම නිසා ඇමතිවරුන් හා ඔවුනගේ පුද්ගලික කාර්ය මණ්ඩල සදහා සියලු ගෙවීම් තාවකාලිකව නවතා දමා ඇති බව අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා පවසයි.

ඇමතිවරුනගේ ඉන්ධන, දුරකතන දීමනා ඇතුළු සියලු දීමනා හා පුද්ගලික කාර්ය මණ්ඩලවල සදහා ගෙවන ලද වැටුප්ද මෙසේ අත්හිටුවා තිබේ.

මේ වන විට සියළු අමාත්‍යංශ කටයුතු ජනාධිපතිවරයාගේ උපදෙස් මත පමණක් සිදු කරන ලෙස සියළු අමාත්‍යාංශ ලේකම්වරුන්ට දන්වා ඇත.

කෙසේ වෙතත් ඇතැම් අවස්ථාවල කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගත නොහැකි වීම නිසා ගැටලුකාරී තත්ත්වයන්ද ඇතිවන බවද අගමැති ලේකම්වරයා කියා සිටියේය.

සියලු අමාත්‍යාංශ කාර්යාල සදහා තවදුරටත් පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව යොදවා තිබේ.

30,320 Viewers

7 Comments to “අගමැති හා කැබිනට් මණ්ඩලයේ සියළු ගෙවීම් දීමනා අත්හිටුවයි.. අමාත්‍යංශවලට STF ආරක්‍ෂාව..”

  1. Kandy says:

    අධිකරණ නියෝගයෙන් අගමැති හා ඇමති මණ්ඩල ක්‍රියාකාරිත්වය අත් හිටුවා ඇත.
    අගමැතියෙක් නැත – වියදම බිංදුවයි
    ඇමති මණ්ඩලයක් නැත – වියදම බිංදුවයි
    මේ දෙකම නැති නිසා දූෂණයද බිංදුවයි.
    මහ බැංකු මංකොල්ලයට, අත් අඩංගුවට පත් හෙරොයින් තොග මුදා හරින්නට අග්‍රාමත්‍ය දූරයේ බලතල යෙදවුන බව රටම දන්නේය…ලංකාවේ අග්‍රාමාත්‍ය දූරය හා කැබිනට් මණ්ඩලයට පැවරී ඇති මූලික කාර්යය නම් ලාංකීය ජනතාව කොල්ලකා බටහිරට ගෙවිය යුතු ණය හා පොලී වාරික ගෙවීම බව බොහෝ අය නොදන්නා කරැණකි…

    • Kandy says:

      ඉතාමත් අසාධාරණ හා කොල්ලකාරී කොන්දේසි යටතේ ණය ලබා දී ඒ ඒ රටවල ආණ්ඩු ලවා පොදු ජනතාවගේ ගෙල අඹරා ණය වාරික හා පොලී නැවත ලබා ගැනීම මගින් ණය දෙන රටවලට මහත් ලාබ ලැබෙයි…. අද රටේ මුදල් ඇමතියෙක් හා කැබිනට්ටුවක් නැති නිසා ණය දුන් බටහිර රටවල් හා IMF, world bank මහත් සේ කලබල වී සිටී…ඒ ජනවාරියේ ශ්‍රී ලංකාව ගෙවිය යුතු ඩොලර් මිලියන 1000 ක ණය අත්පත් කර ගැනීම අගමැතියෙක් හා කැබිනට් එකක් නැති තත්ත්වය හමුවේ ඇනහිට ඇති නිසයි… ලංකාවේ පොදු ජනතාවගේ පැත්තෙන් ගත් කල ඔවුන්ට මෙය විරල සහනයකි….ඇත්තම කාරණය නම් මේ ණය බොහෝමයක් පිලිගත් ජාත්‍යන්තර සම්මුති මග හැර දී ඇති ඒවා නිසා ඒවා “නීති විරෝධි ගනුදෙනු” ගණයට වැටීමයි… මේ ණය ගෙවනවාද නැද්ද කියා ජනමත විචාරණයක් පැවැත්වීම වඩාත් කාලෝචිතය.

  2. නයා says:

    අගමැති ඇමති සියළු වියදන් නවතා ඇති නම්,
    අරලිය ගහ මන්දිරේ???

    ඒක අගමැති වරප්‍රසාදයක්. රනිල් කොහොමද එතන ඉන්නේ. වහාම ඒකටත් නඩුවක් ගොනු කරන්න.

  3. Gayantha says:

    එක අතකින් මේ දවස් ටිකේ ආන්ඩුවක් නෑ කියලා කිසිම වෙනසක් පේන්නේ නෑ නේ. ඉතින් එහෙම බැලුවොත් ආන්ඩුක් ඔනත් නෑ. එතකොට 225ක පාර්ලිමේන්තවත් අනවශ්‍යයි වගේ. ජනපති කෙනෙකුයි. නිලධාරීන් ටිකයි හිටියහම ඇති වගේ. ඔන්න සිරිසේන උන්නහේට ගොඩ එන්න පොඩි පොට්ක් තියෙනවා. මහජන මුදල් නාස්ති කරන ආන්ඩුව, පාර්ලිමේන්තුව, පාලත් සභා, ප්‍රාදේශීය සභා අහෝසි කරලා ජනපති ජන්දය විතරයි තියෙන්නේ කියලා ජනතාව අමතලා කිව්වා නන් ගොඩ යන්න තිවුනා.

    • හැකහැක says:

      ඔව් ඇමතිලා නැති නිසා පාරවල් වල හෙඩ්ලයිට් දාගෙන high speed එකේ මිරිස් කුඩු ගහන්න පාර්ලිමන්ට් යන රථ පෙලපාලිත් නෑ…

  4. Nandasoma says:

    ශ්‍රී ලංකාවේ පාලනයට අධිකරණය කැඳවනු…..!

    මේ ආරාජික තත්වයට වගකිවයුතු අධිකරණයයි……!!

    • හැකහැක says:

      පාර්ලිමේන්තුවේ හා පලාත් සභා වල දොරවල් වහලා ඒවට සීල් තබමු..
      මේවාට අරක්ගත් දේශපාලුවන්ව පාරට ඇද දමා මහා පරිමාණ මුදල් නාස්තියෙනුත් මේ හොර හැතිකරේ කරන වංචා දූෂණ වලිනුත් රට මුදවා ගමු…

Main News