තෙල් මිල අඩු කිරීමෙන් කෝටි 6900ක් පාඩුයි..- තෙල් නියෝජ්‍ය ඇමතිනිය කියයි..

December 6, 2017 at 3:50 pm | lanka C news
තෙල් මිල අඩු කිරීමෙන් කෝටි 6900ක් පාඩුයි..- තෙල් නියෝජ්‍ය ඇමතිනිය කියයි..

රාජ්‍ය ආයතන සඳහා ඉන්ධන අඩු මිලට හා ණයට ලබාදීම හේතුවෙන් 2015 වසරේ සිට මේ දක්වා රුපියල් බිලියන 67.8ක පාඩුවක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදු වී ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ පවසයි.

පාර්ලිමේන්තුවේදී ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ වැයශීර්ෂ විවාදයට එක් වෙමින් නියෝජ්‍ය ඇමතිනිය ඒ බව කීවාය.

ලැබිය යුතු මුදලෙන් රු. බිලියන 41ක් ගෙවිය යුත්තේ ලංකා විදුලිබල මණ්ඩලය බව ඇය පැවසුවාය.

එමෙන්ම, පෞද්ගලික විදුලිබල නිෂ්පාදකයින් රු. බිලියන හයක් සහ බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය රු. මිලියන 417ක් ගෙවිය යුතු බව ගමගේ මහත්මිය කියා සිටියාය.

රාජ්‍ය බැංකු සහ තවත් ආයතනවලට ඛනිජතෙල් නීතිගත සංස්ථාව ගෙවිය යුතු ණය මුදල ඩොලර් මිලියන 2,233ක් බවද ඇය පැවසුවාය.

තවදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමතිනිය කියා සිටියේ, භූමිතෙල්, පෙට‍්‍රල් සහ ඩීසල් සහන මිලට ලබා දීම නිසා මේ වන විට සිදුව ඇති පාඩුව රු. බිලියන 69ක් බවයි.

රටේ ඉල්ලූමට අනුව දිනෙන් දින බලශක්ති ඉල්ලූම වැඩිවෙමින් පවතින බවද ඇය පැවසුවාය

– ජෝර්ජ් ද සිල්වා

4,204 Viewers

5 Comments to “තෙල් මිල අඩු කිරීමෙන් කෝටි 6900ක් පාඩුයි..- තෙල් නියෝජ්‍ය ඇමතිනිය කියයි..”

  1. lion says:

    තෙල් මිල අඩු කාලයේ ලැබුනු ආදායමට මොකද කලේ මේ ගැන වහාම සොයා බැලිය යුතුය

  2. magaari says:

    Ehema wenne kohomada ? 2014 di loka weladapole borathel barrel ekak us $ 112. 2015-2017 dakwa us $ 20-50

  3. Shanaka says:

    Ma vaishyawan danna magulak thiyenawada……moko mun deshapalana viddyawa karapu wawun da…???? minihage salli balen apau eawun…

    ratata aba saranai….

  4. Niru says:

    Your idiotic minister nearly reduced the price before the petrol crisis. He most probably thought the excess cash hanging around due to stock depletion were profits!!

  5. Boo says:

    She is simply admitting that Mahinda’s government was managing the petrol prices better then this foolish and cunning government. Ha Ha !

Leave a Comment

Main News