අඩු මිල ටෙන්ඩර් ඉවතට.. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ආපනශාලාව වැඩි මිල ටෙන්ඩරයට…

July 26, 2018 at 8:40 am | lanka C news
අඩු මිල ටෙන්ඩර් ඉවතට.. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ආපනශාලාව වැඩි මිල ටෙන්ඩරයට…

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් පහතින් දැක්වෙයි.

අඩු මිල ගණන් ඉදිරිපත් කල  ටෙන්ඩර්කරුවන් ඉවත දමා වැඩිමිලට ආහාර අලෙවි කර පාරිභෝගිකයින් ගසා කෑමට ඉඩ සළසන පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ  ආපනශාලාව.

2018 මැයි මස 13 වන දින  ‘’සිළුමිණ’’ පුවත්පතේ පල කරන දැන්වීමක් මගින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ  දෙපාර්තමේන්තුවේ සුබසාධක ආපනශාලාව පවත්වාගෙන යාම සදහා ටෙන්ඩර්පත් කැදවා තිබුණි. ඒ සදහා ටෙන්ඩර්කරුවන් 11 දෙනෙකු ටෙන්ඩර්පත් යොමු කර ඇති බව අප කල සොයා බැලීමකදී තහවුරු වී ඇත.  එම ටෙන්ඩර්කරුවන් අතරින් ප්‍රශස්තම ටෙන්ඩර්කරු තෝරා ගැනීම සදහා එම ටෙන්ඩරය සදහා පත් කරන ලද තාක්ෂණික ඇගයීම් කමිටුව කටයුතු කර තිබුනි. එම කමිටුව මගින් තෝරා ගන්නා ලද පුද්ගලයා ඉතා අඩු මිල ගණන් ඉදිරිපත් කර තිබූ අතර ඒ පිළිබදව අප විසින් එකී දෙපාර්තමේන්තුවෙන් විමසූ විට පැවසුවේ එම ටෙන්ඩර්කරැ ඉදිරිපත් කර ඇති මිල ගණන් ඉතා අඩු බවය. එහෙත් එම  ටෙන්ඩර්කරුට 2018 ජූලි මස පළවන දින සිට ආපනශාලාව පවත්වා ගෙන යාම සදහා අවස්ථාව සළසා නැති අතර දැනට වැඩි මිල ගණන් යටතේ උක්ත ආපනශාලාව පවත්වාගෙන යනු ලබන පුද්ගලයාට නැවත  ආපනශාලව ලබා දීම සදහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිළධාරිනියක් කටයුතු කරමින් සිටින අතර එම නිලධාරිනිය  ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක ජනරාල්වරිය ලෙස සේවය කරන වකවානුවේදී චෝදනා කිහිපයකට ලක්වූ නිලධාරිනියක් බව අපහට අනාවරණය කර ගැනීමට හැකි විය. ක්‍රීඩා අමාත්‍යාංශයේ සංවර්ධන අංශයේ ගණකාධිකාරීවරයා විසින් ඇය වෙත එල්ල කරන චෝදනා බරපතල චෝදනා බව එම චෝදනා දෙස බැලීමේදී පෙනී යයි. පෙර අවසරයකින් තොරව ක්‍රීඩා සංගම් 11 ක් සදහා අරමුදල් ලබාදීම,පුද්ගලික සමාගමකින් ගුවන් ටිකට්පත් ලබා ගැනීම,තමාගේම අනුමැතියකින් තම වාහනය සදහා රැපියල් 50000 ක ඉන්ධන ලබා ගැනීම මෙම චෝදනා අතර වේ.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙප‌ාර්තමේන්තුවේ ආපනශාලාව දෛනිකව විශාල පාරිභෝගිකයින් සංඛ්‍යාවක් තම දෛනික අවශ්‍යතා සපුරා ගැනීම සදහා භාවිතා කරනු ලබන ආපනශාලාවක් වන අතර එම ආපන ශාලාව පවත්වාගෙන යනු ලබන ගොඩනැගිල්ලේ ඇති වෙනත් ආපනශාලා ආහාර අලෙවි කරනු ලබන්නේ අධික මිල ගණන් වලට බැවින් පාරිභෝගිකයින්හට අඩු මිලට ආහාර ලබා ගැනීමට ඇත්තේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මෙම ආපනශාලාව පමණකි.

එම නිසා අඩු මිලට ටෙන්ඩර් ඉදිරිපත් කල ටෙන්ඩර්කරැට මෙම ටෙන්ඩරය පිරි නැමීමට කටයුතු නොකර වැඩි මිලට ආහාර අලෙවි කරනු ලබන පුද්ගලයාට නැවත ආපනශාලාව පවත්වාගෙන යාමට ඉඩ සැලසීම පිලිබදව අප විසින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාගෙන් විමසූ අතර ඔහු පවසන්නේ තමාට ඒවා පිලීබදව සොයා බැලීමට කාලයක් නොමැති බවයි.

එකම ටෙන්ඩර්කරැ විසින් මහල් තුනක ආපනශාලාව පවත්වාගෙන යන අතර  පහත මාලයේ ආපනශාලාවේ රෝල්ස් එකක් රැපියල් 50 ක් වන අතර නෙස්කැෆේ පානය රැපියල් 50 කි  නමවන මහලේත් රෝල්ස් එකක් රැපියල් 50 ක් වන අතර නෙස්කැෆේ පානය රැපියල් 50 කි  එහෙත් 12 මහලේ රෝල්ස් එකක් රැපියල් 40  කි.මෙම ආපනශාලා තුනේම මාසික කුළිය රැපියල් 138000 කි ඒහෙත් රෝහල් ආපනශාලාවක කුළි මුදල වන්නේ සාමාන්‍යයෙන් මසකට ලක්ෂ පහකි.

ජනතාවගේ මුදලින් අධ්‍යාපනය ලබා ජනතාව ගසා කෑමට ඉඩදී බලා සිටින  පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ලැජ්ජා විය යුතු සේම ජනතාවද ඊට එරෙහිව නැගී සිටිය යුතුය.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

4,310 Viewers

6 Comments to “අඩු මිල ටෙන්ඩර් ඉවතට.. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ආපනශාලාව වැඩි මිල ටෙන්ඩරයට…”

  1. 8 පාස් says:

    අපෝ ඔවා මොනවද 2015 ට කලින් නිවාස අමත්යන්සයේ ඔක්කොම දුන්නේ ටෙන්ඩර් නැතුවනේ.

    • කොල්ලා says:

      Ithin ehenam mokatada ban umbala 2015 thibba aanduwa elewwe. thiya ganna thibbane. Umbala mee arak.thopi Ranilgei mangalagei Plan walata rewatila den methana innawa gala uda paharapu balala wage.

    • kelamitiya says:

      kalin un horu nisaneda bola thopi ranilata allala yahapaalanaya genawe…. mun eeeta wada horune… palayan buuuruwo yanna…. nodanna paiyawal nokiya

  2. Krishantha says:

    clearly this tender method does not work for everywhere. There are people who need quality foods not this bulk foods which are unhealthy. I do not eat from any of these food outlets since they are serving unhealthy, unhigenic foods. Further, they out source some of the food items and those are made in under very poor conditions. You can just have an idea about the food when you see the person who are delivering it. I have many expereinces during past few years. So it is good at least to have a reputed company to run at least one canteen in a place like this to serve people who are concerned about the health.

  3. කිරිමල්දෙනිය​ says:

    රන්ජිත් විතානගේ මහත්මයාණෙනි..
    පාස්පෝට් කන්තෝරුවේ පහල ෆොටෝ කොපි ජාවාරමක් සිදුවෙනවා.
    සාමාන්‍යයෙන් රු. තුනක් පහක් වෙන පොටෝ කොපිය මෙතන රුපියල් විස්සයි.
    කරුණාකර මේ ගැන හොයා බලන්න​. මිනිස්සුන්ව එළිපිට ගසා කනවා.

  4. Lakaa says:

    රංජිත් විතානගේ කියන්නේ ඇස් රෝහලේ කුනු තේකොළ වලින් තේ හදලා දෙන ආපනශාලාවට නඩු දාන්න එපා කියලා අඩපු කෙනානේ..මෙයාට ටෙන්ඩරේ ලැබිලා නෑ..එකයි මේ අඩන්නේ

Main News