අණ ලැබෙන තෙක් යුද හමුදාව සීරුවෙන්.. දවස් දෙකෙන් මැඩලන්න සූදානම්..

September 22, 2018 at 8:40 am | lanka C news
අණ ලැබෙන තෙක් යුද හමුදාව සීරුවෙන්.. දවස් දෙකෙන් මැඩලන්න සූදානම්..

යාපනයේ ක්‍රියාත්මක වී ඇති ආවා ඇතුලු කල්ලි මැඩපැවත්වීමට දින දෙකක කාලයක් යුද හමුදාවට ප්‍රමාණවත් බවටත් ආවා කල්ලි මැඩපැවත්වීමට තමන්ට අවසරය ලැබෙනතුරු බලා සිටින බවට යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.

ආඥාපතිවරයා මේ බව කියා සිටියෙ ඊයේ (20) දින පලාලි ආරක්ෂක සේනා මූලස්ථානයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

එහිදී අදහස් දැක්වූ යාපනය ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා වැඩි දුරටත් කියා සිටියේ,

‘ඇත්තටම අපිට මේක දවස් දෙකෙන් නතර කරන්න පුලුවන් ඒ ගැන කතාවක් නැහැ නමුත් අපිට පොලිස් බලතල නැහැ මේ ආවා ක්ල්ලි සම්බන්ධයෙන් කටයුතු කරන්න පුලුවන් පොලීසියට පමණයි නමුත් අපි මේ මේ ගැන රජය දැනුවත් කරල තියෙන්නේ ආරක්ෂක කව්න්සිලය ඇතුලු ජනාධිපතිතුමන් දක්වා ඉදිරියට මේ තත්වය දිගටම තිබුනොත් පොලීසියට අමතරම යුද හමුදාවත් මේක මැඩපවත්වන්න සම්බන්ධ වෙනවා කියල නමුත් අපිට මේ පිළිබඳව තාම උපදෙස් ලැබිල නැහැ මොකද යුද හමුදාව සිවිල් ජනතාව අතරට ගිහින් ගැටේන්න ගත්තහම තැනින් තැන ජනතාව පරික්ෂා කරන්න ගත්තහම වෙනත් කට්ටියක් කියයි යුද හමුදාව සිවිල් ජනතාවට හිරිහැර කරනවා කියල ඒනිසයි අපිට තාම උපදෙස් ලැබිල නැත්තේ නමුත් අපිට නුදුරේම මේකට සම්බන්ධ වෙන්න ඉඩකඩ තියනවා අපි ඒක තේරුම් අරන් තියෙන්නේ ඒවගේම නීතියෙත් පොඩි අඩුපාඩුක්ම වගයක් තියනවා මොකද මේ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට පත් වුනත් සුමානෙන් දෙකෙන් ආපසු එලියට එනවා ඒ නිසයි මේක තවමත් තියෙන්නේ කියල හිතනවා මේ කරුනු වලින් රටේ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් වෙලා නැහැ කියලත් මම කියනවා,

ඒ වගේම දැනට යාපනයේ යුද හමුදාව රැඳි ඉන්න කඳවුරු අවට භූමිය ක්‍රමාණුකූලව අපි මුල් අයිතිකරුවන් වෙතට ලබා දීමේ කටයුතු සිදු කෙරෙනවා මෙහිදී අපි ප්‍රමුකත්ය ලබා දෙන්නේ අනාථ කඳවුරු වල තවමත් සිටින ජනතාව වෙතටයි අනෙක් වැසියන්ටත් අපි ඉඩම් ඉතා ඉක්මනින් ලබා දීමට පියවර ගන්නවා ඊට අමතරව යාපනය පලාලි කඳවුරට අමතරව කන්කසන්තුරෙයි වැනි ප්‍රදේශයන්හි කුඩා යුද හමුදා කඳවුරු කිහිපයක් තියනවා අපිට මුදල් ප්‍රතිපාදන ලැබුනු සැනින් මාස 6ක් වගේ කාලයකින් අපි කුඩා කඳවුරු ඉවත් කොට පලාලි කඳවුර වටා ස්ථාන ගතවී එම ඉඩම් සාමාන්‍ය වැසියන්ට ලබා දීමට පියවර ගන්නවා.

ඒ වගේම අපි මේ වන විටත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරමින් සිටින්නේ යාපනයේ ප්‍රධාන යුද හමුදා කඳවුර යාපනය කොටුවට රැගෙන ඒම පිළිබඳවත්. යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

15,108 Viewers

4 Comments to “අණ ලැබෙන තෙක් යුද හමුදාව සීරුවෙන්.. දවස් දෙකෙන් මැඩලන්න සූදානම්..”

  1. බොරු කයිවාරු ගැහුවට වැඩක් නැහැ මෙචිචර රවසක් තිස්සෙ නියෝග ලැබුනෙ පහුබහින්නනෙ….ඔතනින් එක අඩියක් එහාට යන්න බැහැ…පුලුවන්නමි කරල පෙන්නන්න….

  2. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Mahinda rajapaksege kaale wage I R C Wage katayutu karanna beha. Koi deyath piliwelak ethuwa karanna uwamanay.hamudawa kothanakawath pass behala neha.maanasikawa sithala katayutu kala pamanai.meka pasubeseemak less artha katanaya karanna epaa.

    • නයා says:

      මෙන්න ඌරෙක් කෑගහනව

    • By stander says:

      They will not show their intentions to our idiots so soon. They want to get it done from this short – sighted, power greedy rulers some more things ,including the removal of some more camps .Once they get it done the rest of their requirements , expect the temptations and challenges from them face to face ,which may be worse than during terrorist period.

Main News