අතුරුදහන් වූවන්ගේ සත්‍යග්‍රහයට දින 500යි.. රජයෙන් විසඳුම් නැති තැන දේව කන්නලව්වක…

July 9, 2018 at 2:07 am | lanka C news
අතුරුදහන් වූවන්ගේ සත්‍යග්‍රහයට දින 500යි.. රජයෙන් විසඳුම් නැති තැන දේව කන්නලව්වක…

යුද සමයේදී අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා වව්නියාවේදී ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට දින 500 ක් පිරුනද රජයෙන් මෙතෙක් විසඳුමක් නොමැති බව කියමින් එම වැසියන් දෙවියන්ගෙන් විසඳුම් ඉල්ලා යාපනය නල්ලූර් කෝවිල ඉදිරිපිටදී දේව කන්නලව්වක නිරත වූහ.

යාපනය නල්ලූර් කන්දසාමි කෝවිල ඉදිරිපිටදී මෙම දේව කන්නලව්ව සංවිධානය කොට තිබුනේ යුද සමයේදී අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ සංගමය විසිනි.

දේව කන්නලව්වට එක්වූ අතුරුදහන් වූවන්ගේ ඥාතීහු කියා සිටියේ,

‘යුද්දය අවසන් වී වසර 9 ක් ගත වී ඇතත් මේ දක්වා යුද සමයේදී අත්රුදහන් වූ සිය දරු මුණුබුරන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති අතරම ඒ වෙනුවෙන් විසඳුමක් ලබා දීමට පැවති රජයන්ට මේන්ම වත්මන් රජයටද නොහැකි වී ඇති බවටයි.

එමෙන්ම වත්මන් රජය බලයට පත්වීමට පෙර අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වී එය මගහැරමින් අතුරුදහන් වූවන් අමතක කොට ඇති බවටද කියා සිටි අතර වත්මන් රජය විසින් අතුරුදහන් වූවන්ගේ කාර්යාල දමමින් සිදු කරනු ලබන්නේ ජාත්‍යන්තරයට පෙන්වීමට හැරෙන්නට අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුමක් ලබා නොදීමට බවටත් තම අතුරුදහන් වූ දරු මුණුබුරන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් දෙවියන්ගෙන් ආශිර්වාදයෙන් හෝ ලැබේවායි කියමින් දේව කන්නලව්වෙහි යෙදිණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

970 Viewers

One Comment to “අතුරුදහන් වූවන්ගේ සත්‍යග්‍රහයට දින 500යි.. රජයෙන් විසඳුම් නැති තැන දේව කන්නලව්වක…”

  1. indunil says:

    LRC waarthwen nathara kala thanin nawatha patan noganeemae prarthi vipaka……?

Main News