අතුරුදහන් වූ සහෝදර ධීවරයින්ගේ මළ සිරුරු යාපනයේ මුහුදු වෙරලට ගොඩ ගසයි…

June 15, 2018 at 8:02 am | lanka C news
අතුරුදහන් වූ සහෝදර ධීවරයින්ගේ මළ සිරුරු යාපනයේ මුහුදු වෙරලට ගොඩ ගසයි…

තලෙයි මන්නාරමෙන් ධිවර කටයුතු සඳහා මහුදු ගිය එකම පවුලේ සහෝදර ධීවරයින් දෙදෙනෙකු අතුරුදහන් වී දින පහකට පසුව ඊයේ (13) සවස එම ධීවරයින් දෙදෙනාගේ මළ සිරුරු දෙක යාපනය පුංකුඩතිව් මුහුදු තීරයට ගොඩ ගසා තිබියදී හමු වී බවට කයිට්ස් පොලීසිය කියා සිටියේය.

පසුගිය 08 වනදා තලෙයි මන්නාරමෙන් මුහුදු ගිය එකම පවුලේ 37 හැවිරිදි ටී.ක්‍රිස්රින් හා 32 හැවිරිදි ටී. එමල්රන් නැමති සහෝදරයින් දෙදෙනා මුහුදු ගියද එදින රාත්‍රිය වන විට නැවත් ධීවර වාඩි වෙතට නොපැමිණීම හේතුවෙන් ඥාතීන් විසින් තලෙයිමන්නාරම් පොලීසිය ඒ බව දැන්වීය.

පසුව පොලීසිය හා නාවික හමුදාව එක්ව සෝදිසි සිදු කළද ධිවරයින් දෙදෙනා හෝ ඔවුන් ගමන්ගත් ධීවර යාත්‍රාව පිළිබඳව කිසිදු හෝඩුවාවක් නොලැබුණි.

අනතුරුව ඊයේ සවස පුංකුඩතිව් වෙරල තීරයට මළ සිරුරු දෙකක් ගොඩ ගසා තිබෙනු ධීවරයින් පිරිසක් දැක ඒ බව කයිට්ස් පොලීසිය දැනුම් දීමෙන් පසුව කයිට්ස් පොලීසිය විසින් අදාල මළ සිරුරු යාපනය රෝහල් මෘත හරීරාගාරය වෙතට රැගෙන ගොස් ඇත.

ධීවරයින් දෙදෙනා ගමන්ගත් යාත්‍රාව කිසියම් අනතුරකට ලක්වීමෙන් යාත්‍රාව පෙරලී ධීවරයින් දියේ ගිලීමෙන් මෙම අනතුර සිදු වන්නට ඇති බවට කියිට්ස් පොලීසිය සැක පලකොට සිටියේය.

රෝහලට රැගෙන යාමෙන් පසුව අදාල ධීවරයින් දෙදෙනාගේ මළ සිරුරු අතුරුදහන් වූ ධීවරයින්ගේ බවට පවුලේ ඥාතීන් විසින් හඳුනාගත් බවට පරික්සණ සිදු කල කයිට්ස් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,846 Viewers

One Comment to “අතුරුදහන් වූ සහෝදර ධීවරයින්ගේ මළ සිරුරු යාපනයේ මුහුදු වෙරලට ගොඩ ගසයි…”

  1. LION says:

    දකුණු ඉන්දියානුවන් ගේ වැඩක් වෙන්නත් පුලුවන්

Main News