අදත් පරාදයි.. තරගාවලියත් පරාදයි.. මුළු සංචාරයමත් පරාදයි..

December 24, 2017 at 10:31 pm | lanka C news
අදත් පරාදයි.. තරගාවලියත් පරාදයි.. මුළු සංචාරයමත් පරාදයි..

සංචාරක ශ‍්‍රි ලංකා කණ්ඩාම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති තුන්වන හා අවසාන 20-20 තරගයෙන් ශ‍්‍රී ලංකාව පරදා කඩුළු 05ක ජයග‍්‍රහණයක් ලබා ගැනීමට ඉන්දීය පිල සමත් විය.

තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 තුලදී කඩුළු 07ක් දැවී ලකුණු 135ක් ලබා ගත් අතර ඉන්දීය පිල පන්දු වාර 19.2කදී කඩුළු 05ක් දැවී ලකුණු 139 ක් ලබා ගනිමින් ජයග‍්‍රහණය වාර්තා කලේය.

ඒ අනුව 3-0ක් ලෙස එම තරගාවලියෙන්ද ශ‍්‍රී ලංකා පිල පරාජය ලැබීය.

මුළු ඉන්දීය සංචාර පුරාම ශ‍්‍රී ලංකාව විසින් ජයගනු ලැබුවේ එකම එක්දින තරගයක් පමණි.

ටෙස්ට්, එක්දින හා 20-20 තරගාවලි තුනම පරාජයට පත් විය.

4,865 Viewers

2 Comments to “අදත් පරාදයි.. තරගාවලියත් පරාදයි.. මුළු සංචාරයමත් පරාදයි..”

  1. saranga says:

    ක්‍රිකට් ක්‍රීඩාව නිසා අපේ දරුවන්ගේ අනාගතය විනාශ කිරීම නවත්වවූ .
    පාසල් වල අද්යාපනය වෙනුවට දරුවන්ට ක්‍රිකට් උමතුව ඇතිකිරීම නවත්වවූ

    දෙමාපියන්ගේ ක්‍රිකට් උමතුව දරුවන්ට බො කිරීම නවත්වවූ
    දෙමාපියන්ගේ ක්‍රිකට් සිහින වලට දරුවන් බිලිදීම නවත්වවූ

    ක්‍රිකට් යනු ආගමක් නොවේ අද්යාපනයක් නොවේ ලොව ජයගත හැකි දෙයක් නොවේ
    බංකොලොත් රාජ්‍යන්ගේ වහල් ක්‍රීඩාව රටේ අද්‍යාපනය බිලිගෙන හමාරයි
    දෙමාපියනි අවදිවවූ තොපේ මෝඩ ක්‍රිකට් සිහිනයෙන් අවදිවවූ
    මේ විහිලුව කුමක්ද ?

  2. lion says:

    යමපාලනයේ සාපය

Main News