අද ඉන්නේ රජයේ මුදල් නිකරුණේ නාස්ති කරන ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක්, ආණ්ඩුවක් නොවෙයි..

December 29, 2016 at 6:48 pm | lanka C news
අද ඉන්නේ රජයේ මුදල් නිකරුණේ නාස්ති කරන ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක්, ආණ්ඩුවක් නොවෙයි..

“මේ නත්තල් ගස නිර්මාණය කරද්දී නොයෙකුත් බාධක ආවා. මේ හැමදේම සිදුවෙන්නේ පසුගිය කාලයේ වගේ රජයේ මුදල් භාවිත කරමින් කියලා ඇතැම් අය පැවසුවා. නමුත් රජයේ මුදල් නිකරුණේ නාස්ති කරන ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් අපිට නැහැ. එවැනි දේ කරන ආණ්ඩුවක් අපිට නැහැ. අපේ ආණ්ඩුව නාස්තිය උපරිමයෙන්ම අඩු කළ ආණ්ඩුවක්. ඒ නිසා තමයි මේ නත්තල් ගස රජයේ මුදල් යොදා නොගෙන පෞද්ගලික පරිත්‍යාග මත සිදු කර තිබෙන්නේ. සමහරු රුපියල් පනහ, සියයෙන් පවා ආධාර කළා. මේක තමයි අපේ බලාපොරොත්තුව. සියලුදෙනා එක්ව වැඩ කළොත් අපිට රටක් හැටියට ජයග්‍ර‍හණය කිරීම ඉතාම සුළු දෙයක් යන වැදගත් පණිවුඩය මේ කටයුත්ත තුළින් මුළු රටටම ගෙන යනවා…..” යැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන පිළිබඳ අමාත්‍ය තළතා අතුකෝරළ මහත්මිය පවසයි.

ඇය මේ බව කියාසිටියේ ලොව විශාලතම කෘත්‍රීම නත්තල් ගස පස්වැනි දිනට විවෘත කිරීමේ උත්සවයට ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

“අපි යහපාලනය වෙනුවෙන් කැප වුණු ආණ්ඩුවක්. අපේ දේශපාලන භේද නැහැ. වෛරය, කුහකකම නැහැ. රටේ ඉතිහාසයේ මිනි මරාගත්ත, ගහගත්ත පක්ෂ දෙකක් පළමු වතාවට අද ආණ්ඩු කරනවා. අපිට අවශ්‍ය සියලුම ශ්‍රී ලාංකිකයින්ට හොඳින් ජීවත්වීමේ අයිතිය ලබාදීමයි. යහපාලනය වෙනුවෙන් කැපවූ අප සියලු දෙනාගේ බලාපොරොත්තුවත් එයයි. කිසිම ආගම් භේදයක්, ජාති භේදයක් නැතිව ජීවත් වීමේ නිදහස ඇති කරන්න ජනාධිපතිතුමත් අගමැතිතුමත් ගන්නා වූ ඒ උත්සාහය මල්ඵල දරන්නේ මෙවැනි කටයුතු නිසා. මේ රට පාලනය කළ ජනාධිපතිවරුන් බෞද්ධ කටයුතු, ඉස්ලාම් කටයුතු, හින්දු කටයුතු, ක්‍රිස්තියානි කටයුතු විදියට අමාත්‍යාංශ පවා ඇති කළේ හැම කෙනෙකුටම එක සේ සැලකිය යුතු නිසා. සියලුම ජාතීන් සමගියෙන් ජීවත් වන අපේ රටේ මෙවැනි කටයුත්තක් සිදුකිරීම සම්බන්ධයෙන් අපි ප්‍ර‍ශංසා කළ යුතුයි. අර්ජුන රණතුංග අමාත්‍යවරයාගේ මඟපෙන්වීම ඇතිව මෙය නිර්මාණය කිරීම ලොකු ශක්තියක්. එතුමා මේ රටට කීර්තිය ගෙන ආවා වගේම මේ රටේ ජයග්‍රහණය සඳහා හැම අතකින්ම කැපවූ පුද්ගලයෙක්. ක්‍රීඩාපිටියේදීත් එහෙමයි, දේශපාලනයේදීත් එහෙමයි. පසුගිය ජනවාරි 08 වැනිදා ජයග්‍ර‍හණය වෙනුවෙන් එතුමා එළියට එනවිට විශ්වාස කළ දේ තමයි පක්ෂ, පාට, ආගම්, ජාති භේදයන් නැතිව, කුහකකම වෛරය නැතිව ශ්‍රී ලාංකිකයින් ලෙස සිතා අප සියලුදෙනා ජීවත් විය යුතුයි කියන අදහස. අද එය ඉටු වෙමින් පැවැතීම සතුටට කරුණක්..” යනුවෙන්ද ප්‍ර‍කාශ කළාය.

– තමීර මංජු

12,593 Viewers

7 Comments to “අද ඉන්නේ රජයේ මුදල් නිකරුණේ නාස්ති කරන ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක්, ආණ්ඩුවක් නොවෙයි..”

  1. anjanam devi says:

    Monawada me kathaa? gopayyo kiyla jathiyak innawaa ne. un redda assema indan kanwalu. Aka dewa niyamaya.

  2. love nature says:

    යම පාලන කම්බා කම්බා හොරා

    ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදු වී ඇති විශාලතම වංචාව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිලිබඳ කාරක සභාව (COPE) විසින් විමර්ශනය කරන ලද අතර එහි අවසාන නිගමනය වූයේ, මෙම වංචාව මහා බැංකුවේ හිටපු අධිපති වන අර්ජුන මහේන්ද්‍රන් හා වත්මන් අගමැති වන රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළත්ව තවත් පුද්ගලයින් කීප දෙනෙක් විසින් ඉතා සූක්ෂම ලෙස සැලසුම් කරන ලද කටයුත්තක් බවය.

  3. love nature says:

    මෙම මහා බැදුම්කර වංචාව අනාවරණය වූ විටදී මෙම වංචනීය නාටකයේ ප්‍රධාන චරිතය වූ සිංගප්පුරු ජාතිකයෙක් වන මහේන්ද්‍රන්ව මෙවැනි ඉහළ තනතුරකට පත් කිරීම හා කීප වතාවක්ම ඔහුව ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම ගැන වත්මන් රනිල් වගකීම භාර ගත යුතුය. තව දුරටත් වැදගත් වන කරුණක් වන්නේ මෙම බැදුම්කර වංචාව සිදු වූ ආකාරයටම, කටයුතු කළ යුතු බව හිටපු මහා බැංකු අධිපති වූ මහේන්ද්‍රන්ට උපදෙස් ලබා දුන්නේ රනිල් බව මහේන්ද්‍රන් පැහැදිලිව ප්‍රකාශ කර ඇති බව වාර්තා වී ඇත.

  4. saradieal says:

    වත්මන් යම පාලන රජයේ මහ බැංකු අධිපති අර්ජුන යටතේ සිදුවූ බවට චෝදනා එල්ල වූ භාණ්‌ඩාගාර බැදුම්කර වංචා පිළිබද සිදුවීම් තවමත් පුවත් මවමින් ඉදිරියට ඇදෙමින් තිබේ. රජය මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක්‌ ගන්නා බවක්‌ පෙනෙන්නට ද නැත.

  5. lion says:

    ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදුවූ මහා, මහබැංකු බැදුම්කර මුදල් වංචාව,

    https://www.facebook.com/BondFraud/videos/1459634524341299/

  6. saradieal says:

    බැදුම්කර හොරකම!!

    http://www.youvidi.com/watch/AF2au0xN9zU

  7. sethan says:

    මී හරක් ගෑනි බැංකු හොරකම කාලේ බුදියගෙනද හිටියේ,

Main News