අද මහවිරු දිනයට යාපනයේ පමණක් මහවිරු සැමරුම් 25ක්…

November 27, 2018 at 8:40 am | lanka C news
අද මහවිරු දිනයට යාපනයේ පමණක් මහවිරු සැමරුම් 25ක්…

අද නොවැම්බර් 27 වැනිදාට යෙදී ඇති කොටි මහවිරු දිනය නිමිත්තෙන් යාපනය දිස්ත්‍රීක්කයේ පමණක් මහවිරු සැමරුම් 25 කට ආසන්න වැඩසටහන් සංවිධානය වී ඇති බවට යාපනය පොලීසිය වෙතට තොරතුරු ලැබී ඇත.

මේ අනුව 27 වනදා ප්‍රධාන මහවිරු සැමරුම කිලිනොච්චිය කනකපුරම් මහවිරු සුසාන භූමියේදී සිදු කෙරෙන අතර යාපනයේ මහවිරු සැමරුම් පැවත්වෙන ස්ථාන වශයෙන් යාපනය පොලීසිය විසින් පෙන්වා දෙන්නේ,

‘ යාපනය උදයන් පුවත්පත් කාර්යාලය, කෝපායි 51 වන බලසේනා මූලස්ථානය ඉදිරිපිට, කයට්ස් සාඩි මුහුදු වෙරලේ, යාපනය සරසවියේ, කොණ්ඩාවිල් කාලි කොවිලේ, නල්ලූර් කෝවිල ඉදිරිපිට, චුන්නාකම්හි පිහිටි යාපනය විශ්ව විද්‍යාලයේ සෞන්දර්ය පීඨයේ , පාසූර්හි, ඡාවකච්චේරි අරුන්දව බාලන් නැමත්තාගේ නිවස ඉදිරිපිට, ඡාවකච්චේරි බස්නැවතුම්පලේ, වඩුක්කොඩ්ඩෙයි අම්මාන් හින්දු කෝවිලේ, යාපනය මාටින් මාර්ගයේ ඉල්ංගයි තමිල් අරුසකච්චි පක්ෂ කාර්යාලය ඉදිරිපිට, කොඩිකාමම් 15 වන ගජබා රෙජිම්න්තු කඳවුර ඉදිරිපිට, මාල්තේරු මාර්ගයේ , වඩුක්කොඩ්ඩෙයි අම්මාන් කෝවිලේ, ඡාවකච්ඡේරි මුනාවිල්හි, කොණ්ඩාවිල් දුම්රිය පොළ ඉදිරිපිට, යාපනය මහරෝහලේ, මාණිප්පායි නවාලි සෙන් පීඨර්ස් පල්ලියේ , මාණිප්පායි සුදුමලෙයි ප්‍රදේශයේ, යාපනය කුලප්පිඩ්ඩි මන්සන්ධියේදී, වඩුක්කොඩ්ඩෙයි සුබ්‍රා ඇතුලු ප්‍රදේශයන්හි මෙසේ මහවිරු වැඩසටහන් සංවිධානය කොට ඇත.

මහවිරු සැමරුම් වැඩසටහන් සැමරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පලාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතාගෙන් විමසීමේදී මන්ත්‍රී වරයා කියා සිටියේ (27) දිනයේදී සිදු කෙරෙන මහවිරු සැමරුම් වලදී අධිකරණ නියෝගයන්ට අනුව එල්.ටී.ටී.ඊ සංවිධානයේ නිල ඇඳුම් හෝ ධජය හෝ රැවක් යොදා නොගනිමින් මහවිරු සැමරුම් සිදු කිරීමට සූදානමින් සිටින බවටයි.

කෝපායි පොලීසිය විසින් මහවිරු සැමරුම් සිදු කිරීමේදී මහජන සාමයට බාධා වන අයුරින් සිදු කරන සැමරුම් තහනම් කරන අධිකරණයට කරුනු දැක්වීමෙන් පසුව යාපනය මහෙස්ත්‍රාත් එස්. සදීස්කරන් මහතා විසින් නියෝග කොට සිටියේ මහවිරු සැමරුම් සැමරීමට අවසරය ඇති බවටත් එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් නිලඇඳුම් හෝ එම සංවිධානයට අයත් ධජය හෝ එම සංවිධානයේ සාමාජිකයින්ගේ රුව යොදාගනිමින් මහවිරු සැමරුම් සිදු කිරීම තහනම් බවටය.

මේ අනුව යාපනය පොලීසියද සිදු කෙරෙන මහවිරු සැමරුම් සියල්ලක්ම පූරණ පරික්සවකට ලක් කිරීමට පියවරග ගෙන ඇති අතර ආරක්ෂාවද තර කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

9,193 Viewers

4 Comments to “අද මහවිරු දිනයට යාපනයේ පමණක් මහවිරු සැමරුම් 25ක්…”

  1. Viraj says:

    මේ රට කවදාවත් ගොඩගන්න බෑ..අපේ රටේ ඉන්නෙ මිනිස්සු නෙමෙයි ගොන්නු..මේ තියෙන්නේ එ් ගොන්නුන් කල දේවල් වල ප්රතිපලයි..අකමැත්තෙන් වුවත් මවුබිම අතහැර යායුතුයි..

  2. ක්‍රිමිනල් says:

    කො බන් බයියො ?

    • SUNIL says:

      බයියන්ට දැන් පාරෙ බැහැලා යන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නෙ

  3. කවුද ආරක්ෂක ඇමති? කවුද පොලිස් ඇමති? සමහරවිට ඕකත් හෙට උදේ පත්තරෙන් දැක්කා කියයි.