අද රටටම හෙණ ගැහිලා.. විනය පරීක්‍ෂණ තියන්න ඔ්නෑ පක්‍ෂය පාවා දුන් මෛත‍්‍රීපාල ඇතුළු කණ්ඩායමට එරෙහිවයි..

June 19, 2017 at 3:00 pm | lanka C news
අද රටටම හෙණ ගැහිලා.. විනය පරීක්‍ෂණ තියන්න ඔ්නෑ පක්‍ෂය පාවා දුන් මෛත‍්‍රීපාල ඇතුළු කණ්ඩායමට එරෙහිවයි..

මහින්ද රාජපක්ෂට එරෙහි විනය පරීක්ෂණ පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති පාවාදෙමින් පක්ෂ මාරු කළ අයට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

හරිනම් විනය පරීක්ෂණ පැවැත්විය යුත්තේ 2015 ජනාධිපතිවරණයේ දී පක්ෂයේ අපේක්ෂකයාට විරුද්ධව වැඩ කළ අයට එරෙහිව බව අවධාරණය කළ රණතුංග මහතා මහින්ද රාජපක්ෂට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීම හිතන තරම් පහසු දෙයෙක් නොවනු ඇති බවත් පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ප්‍රකාශ කළේ ‘ගම්පහ සටන’ සම්බන්ධයෙන් මිනුවන්ගොඩ ආසනයේ කොට්ඨාස නායකයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවකට මිනුවන්ගොඩ, යටියන ප්‍රදේශයේ දී එක්වෙමිනි. යටියන ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් 50 දෙනකු එහිදී මන්ත්‍රීවරයා මුණගැසී ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි කටයුතුවලට සහාය දීමට ප්‍රතිඥා දුන්ය. මන්ත්‍රීවරයා එහිදී වැඩිදු‍රටත් මෙසේද ප්‍රකාශ කළේය.

එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මැතිතුමා ආරම්භ කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්වරණමය යුගය මහින්ද රාජපක්ෂ යුගය බව සෑම නිදහස් පාක්ෂිකයකුම අවිවාදයෙන් පිළිගන්නා කාරණයක්. පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන කියන අංශ තුනෙන්ම පක්ෂය ශක්තිමත්ව ඉදිරියට ගියේ වර්ෂ 2005 ආරම්භ වෙච්ච මහින්ද රාජපක්ෂ යුගයේ දී කියන එක අපි කුහකකමකින් තොරව පිළිගන්න ඕනේ.

එහෙම පක්ෂය ශක්තිමත් කරපු, පාක්ෂිකයන්ට කොන්ද කෙළින් තියාගෙන සමාජයේ ඉන්න පුළුවන් පරිසරයක් ගොඩනගපු නායකයාව දැන් පක්ෂ විනය කමිටුව හමුවට ගේන්න යනවා කියලා මම මාධ්‍යවල දැක්කා. මහින්ද රාජපක්ෂව විනය කමිටුව හමුවට ගේන්න උත්සාහ කරන්නේ පක්ෂයේ වළ කපපු, පක්ෂයේ ගෙල සිඳපු කණ්ඩායමක් විසින් වීම තමයි අපට තිබෙන කණගාටුව.

2015 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයා විදියට තරග කළා. පක්ෂයේ මහලේකම්වරයා තමන්ගේම සභාපතිවරයාට විරුද්ධව තවත් පිරිසක් සමඟ එළියට බැහැලා විපක්ෂය සමඟ එකතු වෙලා තරග කළා. අන්න එහෙම පක්ෂයට එරෙහිව එළියට බැහැලා විපක්ෂය සමඟ එකතු වෙච්ච කණ්ඩායම මහින්ද ඇතුළු පිරිසට විනය පරීක්ෂණ පවත්වන්න යන්නේ.

විනය පරීක්ෂණ තියනවා නම් මුලින් තියන්න ඕනේ පක්ෂය පාවා දීපු පිරිසට එරෙහිවයි. ‍එහෙම නම් දැන් පක්ෂයේ සභාපති, මහලේකම් ඇතුළු කණ්ඩායම මුලින්ම විනය පරීක්ෂණයට කැඳවන්න ඕනේ. මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට විරුද්ධව විනය පරීක්ෂණ තියන්න එක්සත් ජාතික පක්ෂ පිළිකන්නේ ලැගගෙන කටු ලෙවකන අයට බැහැ. එහෙම කරන්න පක්ෂයෙන් වරක් එළියට බැහැපු කෙනකුට සදාචාරත්මක අයිතියක් නැහැ.

මහින්ද රාජපක්ෂ කියන්නේ බණ්ඩාරනායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂයෙන් එළියට බැහැලා විපක්ෂයේ ඉඳගන්න කොට එතුමාගේ සෙවණැල්ල වගේ පස්සෙන් ගිය ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාගේ පුත්‍රයා. මහින්ද මහත්තයා කවදාවත් පක්ෂය අතහැරලා ගියේ නැහැ. පාද යාත්‍රා, ජනඝෝෂා කරලා පොදු පෙරමුණු ආණ්ඩුව හදන්න මූලිකත්වය ගත්තේ මහින්ද මහත්තයා මිසක් අද ඔය පක්ෂයේ මුල් පුටු අල්ලගෙන ඉන්න අය නොවෙයි.

බණ්ඩාරනායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ අතඇරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කළේ එ. ජා. ප ප්‍රතිපත්ති පිළිගන්න බැරි නිසයි. එහෙම බිහිකරපු පක්ෂය අද එක්සත් ජාතික පක්ෂයේ වලිගයක් බවට පත් කළේ මහින්ද රාජපක්ෂලා නොවෙයි. බණ්ඩාරනායක මැතිතුමා ජීවතුන් අතර හිටියා නම් ඔය පක්ෂයේ උරුමකම් කිය කියා කෑගහන කොලු කුරුට්ටෝ ටිකට පක්ෂය තිබිය යුත්තේ කොතැනද කියලා කියලා දෙයි.

එදා ජනාධිපති වෙලා හිටිය මහින්ද රාජපක්ෂට වඩා අද විපක්ෂයේ ඉන්න මහින්ද රාජපක්ෂට මේ අය බයයි. ඒ නිසයි විනය පරීක්ෂණ තියලා දේශපාලන ගමන නතර කරන්න හදන්නේ. මහින්ද රාජපක්ෂලා දේශපාලනය ආරම්භ කරන කොට ඔය සමහරු ඉපදිලාවත් නැහැ. මගේ වයස අවුරුදු පනහයි. මම ඉපදුණෙත් ශ්‍රී ලංකාකාරයෙක් විදියට, පක්ෂ පවා දීලා තනතුරු ගන්න නෙමෙයි අපේ තාත්තතලා අපට ඉගැන්නුවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජීවය පිඹපු මහින්ද රාජපක්ෂ මැතිතුමාට විනය පරීක්ෂණ තියනකම් මේ රටේ සැබෑ ශ්‍රී ලංකාකාරයෝ බලා ඉඳියි කියලා හිතනවා නම් වැරැදිලා. 2015 ජනාධිපතිවරණයේ දී සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ඡන්දය දුන්නේ මහින්දට මිසක් මෛත්‍රීපාල ජනාධිපතිවරයාට නොවෙයි. ඒ නිසා මහින්ද රාජපක්ෂ විනය කමිටුවට ගේන්න ඉස්සර එතුමාට ඡන්දය දුන් ලක්ෂ 58ක ජනතාවත් විනය කමිටුවට කැඳවන්න පක්ෂ නායකයන්ට සිද්ධ වෙයි.

ජාතික ආණ්ඩුවක් කියලා අටව ගත්ත මේ අටමගලෙන් මේ රටේ ජනතාවට වෙච්ච සුගතියක් නැහැ. ධර්මිෂ්ඨ රාජ්‍ය පාලකයකු ඉන්න විට රටම ස්වයංපෝෂිත වෙනවා. හැබැයි මේ ආණ්ඩුව බලයට ආපු දවසේ ඉඳලා රටටම හෙණගැහිලා ගියා. නාය යෑම්, ගංවතුර, නියඟ මිසක් වෙන දෙයක් රටට ලැබුණේ නැහැ. ‍‍ජනතාව දවසින් දවස වළට වැටෙනවා. මේ ආණ්ඩුව රටටම හූනියමක් වෙලා ඉවරයි.

එදා මහින්ද රාජපක්ෂ වැඩ කරන්න දුන්නේ නැහැ කියලා ජනතාව ඉස්සරහා නහයෙන් අඬපු අය දැන් බලය ලැබුණම වැඩ කරන හැටි පේනවානේ. මහ ලොකුවට කයිවාරු ගැහුවට ආණ්ඩුවට ඩෙංගු රෝගය මර්දනය කරන්න වැඩපිළිවෙළක්වත් හදාගන්න බැරි වුණා. රට පුරාම ඩෙංගු. කුණු ටික ඇද ගන්න ක්‍රමවේදයක් නැහැ. පළාත් පාලන ආයතන ටික බලාත්මක වුණා නම් මේ ප්‍රශ්න විසඳන්න තිබුණා. ඒත් ආණ්ඩුව පරදියි කියන බයට ඡන්දය තියන්නේ නැහැ.

අයි. ඩී. එච්වල උණ රෝහල පසුගිය දා ලෙඩ්ඩු වැඩියි කියලා වහලා දැම්මා. එක ඇඳක රෝගීන් දෙතුන් දෙනා ඉන්නවා කියලා වහලා දාපු රෝහල මෙන්න දවස් දෙකකට පස්සේ ජනාධිපති එනවා කියලා ආපහු අරිනවා. හැබැයි එක ඇ‍දේ තුන් හතරදෙනා බැගින් හිටපු ලෙඩ්ඩු ජනාධිපති එද්දි නැහැ. ජනාධිපති එනකොට එක ඇඳක එක ලෙඩයි. රෝහල වහලා දාලා තියෙන්නේ ජනාධිපති එන්න ඉස්සර ලෙඩ්ඩු ටික අයින් කරවන්නයි. මේවා තමයි විහිලු.

ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසුවේ කටින් විතරයි. කොච්චර සහන ලැබුණදයි කියනවා නම් දැන් ඇමැතිවරුන් එද්දි මිනිස්සු සරම කඩලා පෙන්නන තැනට ඇවිත්. තව ටික කාලයක් යද්දි ඇමැතිවරයකුට ගමට යන්න පුළුවන්කමක් නැති වෙයි. මරණකට, මඟුලකට යන ඇමැතිලා ඇඳුම් නැතුව දුවන කාලය වැඩි ඈතක නෙමෙයි. ඒ තරමටම මේ ආණ්ඩුව ජනතාවට එපා වෙලා ඉවරයි.

– ප‍්‍රදීප් අනුර කුමාර

7,306 Viewers

10 Comments to “අද රටටම හෙණ ගැහිලා.. විනය පරීක්‍ෂණ තියන්න ඔ්නෑ පක්‍ෂය පාවා දුන් මෛත‍්‍රීපාල ඇතුළු කණ්ඩායමට එරෙහිවයි..”

  1. dedimunda says:

    This is 100% true. Well executed speech.

    • නයානා says:

      කොළ කඩ කඩ බොරුවට දෙනවා……….
      අපි රණතුංගල හොඳ හැටි අදුණනවා……………….

  2. sura says:

    ඕනෑම එකක් මුල ඉදන් පටන් ගන්න එක තමා හොද.

  3. sura says:

    ඕනෑම එකක් මුල ඉදන් පටන් ගන්න එක තමා හොද.

    එවිට කාගෙ කාගෙත් කෙරුවාව ඔප්පු වෙයිනේ.

  4. sama says:

    sahathika aththa! one vengeful, power-hungry, greedy , bastard together with his croonies ruining a whole country

  5. kumara says:

    kanawandun palanayak tiyenne dan, Napunsakayo okkoma ekatuwela Lankaawa vinasa karanawa. Hamuduwata kunu adinna kiwe ara pal hora okkunta arakshaka amatyanasen kisima rakawaranayak denna narakai.

  6. lalith says:

    මහින්දගේ මොන විනයක්ද පරික්‍ෂා කරන්න තියෙන්නේ යකෝ බෝලෙ තමයි පරික්‍ෂා කරන්න වෙන්නේ තොපි මුලු රටම විනාශ කරා මුලුු කොළබම කුනු වෙලා පනුවෝ ගහලා අන්න ඒකට විනය හරි වනයක් කරලා හරි ආප්‍පයාව එලවපල්ලා

  7. mahinda says:

    Naayakayaata wadabarinam golayo ehemai sir kiya kiyaa rata kanawa.

  8. KAMAL says:

    ranathunga mhathmayo vinaya ppareekshna tiyala wedak nhaane unta eenna usaaviyath ungeme kattyane eenne.

  9. KAMAL says:

    රනතුන්ග ම්හත්මයො විනය ප්පරීක්ශ්න ටියල වෙඩක් න්හානෙ උන්ට ඊන්න උසාවියත් උන්ගෙමෙ කට්ට්යනෙ ඊන්නෙ.

Main News