අද ලෝක ළමා දිනයේ 12 හැවිරිදි දැරියක් Room ගෙන ගිය තරුණයකු අත්අඩංගුවට..

October 1, 2018 at 6:48 pm | lanka C news
අද ලෝක ළමා දිනයේ 12 හැවිරිදි දැරියක් Room ගෙන ගිය තරුණයකු අත්අඩංගුවට..

ලෝක ළමා දිනය යෙදුනු අද (01) දින  අවුරුදු 12 ක බාලවයකාර දැරිවියක් රවටා අකුරැස්ස ප්‍රදේශයේ ලැගුම් හලකට රැගෙන ගොස් අතවර කිරීමට සුදානම් වූ පුද්ගලයෙක් සහ ඊට ආධාර අනුබල දුන් හෝටල් හිමිකරු සමග අත්අඩංගුවට ගැනීමට සමත්වූ බව අකුරැස්ස පොලිසිය පවසයි.

මීට දින කිහිපයකට පෙර ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක සේවය කල 22 හැවිරිදි තරුණයකු සමග දැරිය ප්‍රේම සම්බන්ධයක් අරඹා ඇත.දින දෙකක් පුරා මවගේ දුරකතනයෙන් පෙම්වතා සමග සංවාදයේ යෙදී ඇති දැරිය සඳහා මුණ ගැසීම සඳහා අකුරැස්ස නගරයට පැමිණෙන ලෙස පෙම්වතා යෝජනා කර ඇත.

ඒ අනුව අද (01) අකුරැස්ස බස් නැවතුම්පලට පැමිණි දැරිය දුරකථන ඇමතුම් ලබා ගන්න ස්ථානයකින් පෙම්වතාට අමතා ඔහු සමග බංගම ප්‍රදේශයේ ලැගුම් හලක්වෙත රැගෙන ගොස් ඇත.

අකුරැස්ස පොලිස් ස්ථානයේ ස්ථානාධිපති නිශ්ශංක මහතාට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය ලැගුම්හල වටලා දැරිය,තරුණය සහ ලැගුම්හලේ කළමනාකරු අත්අඩංගුවට ගෙන ඇත.

දැරියගෙන් කල ප්‍රශ්න කිරීම් හමුවේ ලෝක ළමා දිනය වෙනුවෙන් පාසලට පැමිණීමේදී පාසල් නිල ඇඳුම අනවශ්‍ය බව විදුහල්පතිවරයා සඳහන් කිරීම හේතුවෙන් පාට ගවුමක් හද පාසලට යනවා යැයි දැරිය මවට පවසා ඇත.පෙම්වතා තමුන් සමග කතා කිරීම සඳහා බස් නැවතුම්පල සුදුසු ස්ථානයක් නොවන බැවින් ඔහුගේ ඇවිටිල්ල හමුවේ ලගුම්හලවෙත ගිය බව පැවසු බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් තරුණයා සහ ලැගුම් හලේ කළමනාකරු හෙට දින මාතර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ලැගුම්හල් හිමියා අපරාධයක අනුබල දීම යන චෝදනා යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව පොලිසිය පැවසීය.

– මොරවක ප්‍රියංකර ගමගේ

14,287 Viewers

5 Comments to “අද ලෝක ළමා දිනයේ 12 හැවිරිදි දැරියක් Room ගෙන ගිය තරුණයකු අත්අඩංගුවට..”

  1. සිංහල කොන්ග්‍රස් says:

    අද අහපු අහපු ක‌ෙනා කියන්න‌ෙ දැන් හැම ගමකටම ගන්ජ සහ කුඩු බ‌ෝ ව‌ෙලා තරැණයන් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි ව‌ෙලා කියලය්. පූජිතය කුජීත කල එහ‌ෙ‌ව් රට‌ෙ‌ි වැඩි කල් න‌ොගිහින් ගෑනු දරුවකෙුට න‌ෙව‌ෙය් වයසක අම්ම ක‌ෙන‌ෙකුට පාර‌ෙ බැහැල යන්න බැරි ව‌ෙය්.

  2. සිංහල කොන්ග්‍රස් says:

    අද අහපු අහපු ක‌ෙනා කියන්න‌ෙ දැන් හැම ගමකටම ගන්ජ සහ කුඩු බ‌ෝ ව‌ෙලා තරැණයන් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි ව‌ෙලා කියලය්. යහපාලකය‌ො පූජිතය ලවා කුජීත කල එහ‌ෙ‌ව් රට‌ෙ‌ි වැඩි කල් න‌ොගිහින් ගෑනු දරුවකෙුට න‌ෙව‌ෙය් වයසක අම්ම ක‌ෙන‌ෙකුට පාර‌ෙ බැහැල යන්න බැරි ව‌ෙය්.

  3. sunimal says:

    මේ කාලේ තියෙන්නේ කලු සුද්දන්ගේ පෘතුගීසි පාලනයක් සිංහල දරුවන්ට අබසරණයි

  4. ලෝක ළමා දිනය, ගව පාලනය, මේ යටතේ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය, AGA office එකෙ ්් ළමා හිමිකම් නිළධාරි, පරිවාස හා ළමාරක්ෂක අධිකාරිය etc නිදි(වදිනව) ද?

Main News