අද ශ්‍රීලනිප සමුළුවෙන් පසු පක්‍ෂයේ ප්‍රබල 05ක්‌ පන්නයි…

September 3, 2017 at 3:26 am | lanka C news
අද ශ්‍රීලනිප සමුළුවෙන් පසු පක්‍ෂයේ ප්‍රබල 05ක්‌ පන්නයි…

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (3 වැනිදා) පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ හැට හය වැනි (66) සමුළුව අතිශය තීරණාත්මක එකක්‌ වනු ඇති බව එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අනුශාසකවරයෙක්‌ ලෙස කටයුතු කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රී ල.නි.ප. සියලු මන්ත්‍රීවරුන්ට හැට හයවැනි සංවත්සරයට සහභාගි වන ලෙස ආරාධනා කර තිබෙන බවත් ඒ අනුව ඔවුන් සංවත්සරයට නොපැමිණියොත් මින් ඉදිරියට පක්‍ෂයේ කිසිදු නිල කටයුත්තකට ආරාධනා නොකර ඔවුන් නොසලකා හරිමින් කටයුතු කරන බවත් හෙතෙම කීය.

සංවත්සරය අවසන් වූ වහා ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන කුමාර වෙල්ගම, ප්‍රසන්න රණතුංග, රංජිත් සොයිසා, මහින්දානන්ද අළුත්ගමගේ, ප්‍රසන්න රණවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්‍ෂයේ විනය කමිටුව හමුවට කැඳවන බවත් ඒ සඳහා වන තීන්දුව මේ වනවිටත් ගෙන තිබෙන බවත් එම ප්‍රකාශකයා අනාවරණය කළේය.

මේ වනවිට විනය පරීක්‍ෂණ පවත්වා වැරදිකරු බවට පත්ව සිටින පුත්තලම දිස්‌ත්‍රික්‌ (ශ්‍රීලනිප) පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පක්‍ෂයෙන් ඉවත් කිරීම සංවත්සරයෙන් පසුව සිදු කරන ලද බව ද එම ප්‍රකාශකයා කීවේය.

– දිවයින

12,701 Viewers

7 Comments to “අද ශ්‍රීලනිප සමුළුවෙන් පසු පක්‍ෂයේ ප්‍රබල 05ක්‌ පන්නයි…”

  1. Tax officer says:

    this means they will lose the seat in the parliament and will not get the cover they get till date???

    looks actions are taking fast !!!!

    • කණියා says:

      මුළුතැන්ගෙයි ඉංගිරිසි පාවිච්චි නොකර දන්නා සිංහලෙන් ලියපන් මිනිහෝ .කළු සුද්ද වෙලා සුද්දගේ රුකඩයන්ට ,රැජිනිගේ අත ඉම්බ එවුන්ට පස්ස අල්ලනවා

      • Tax officer says:

        hard to accept the truth, this is the problem of the Sinhalese.

        Change the way of thinking and press the government to punish those who steel, it is our money.

        • Audt Superintendent says:

          All the big thieves; Central Bank Bond robbers, Australian commis thieves, Coal tender thieves, Prado thieves.
          Karunka (dried Arico nut) thieves, Copper thieves, Hicorp thieves, Office building rent thieves, Kotte Govt land robbers, Duty-free TV thieves etc are in the present Yahapalana govt. So, do you think that the govt will act against their own people, even if we apply pressure on the govt?

          • Tax officer says:

            We Tamils only highlight the wrong doings of the joint opposition,
            not the frauds committed by the members of the Yahapalanam.

  2. dunu says:

    Is prsanna ranaweera a ‘prabalaya'(strong man) in SLFP/JO? Then can imagine the position of others in JO.

  3. බන්ඩා says:

    මේ දැන් පාදුක්ක හොරන පාරෙ තියන අපේ ගමේ ‘මහින්ද වාදීන්’ දහයක් සුමිත් සොයිස එවපු ලංගම බස් එකට නැග්ගෙ රැපියල් ලක්‍ෂයක් අඩු පොලියට ණයට දෙනව කියන පොරොන්දුව මත මිසක් අාප්ප සිරිසේනට ාවඩන්න නෙවෙය්

Main News