අද සිට සැඩ සුලං.. කාලගුනේ අනතුරු අගවයි..

August 5, 2018 at 8:02 am | lanka C news
අද සිට සැඩ සුලං.. කාලගුනේ අනතුරු අගවයි..

අද පස්වරුවේ සිට ශ‍්‍රී ලංකාව අවට මුහුදු ප්‍රදේශහන්හි විශේෂයෙන් බස්නාහිර හා ගිණිකොළ ප‍්‍රදේශයන්හි සුළඟේ වේගය ඉහල යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් පවසයි.

ඇතැම් අවස්ථාවලදී මධ්‍යම, ඌව පළාත්වල හා අම්පාර, මඩකලපුව, හම්බන්තොට, බදුල්ල දිස්ත්‍රික්කවල සුලගේ වේගය පැයට කිලෝමීටර් 50 ඉක්මවිය හැකි බවද ඔවුන් කියයි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව පළාත් හා ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල වැසි ඇතිවනු ඇතැයිද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

3,314 Viewers
Main News