අධ්‍යාපන රාජ්‍ය ඇමතිට තිත්ත වේ.. ජනාධිපතිට-අගමැතිට-අකිලට චෝදනා.. දැඩි තීන්දුවක් ගනී..

November 10, 2017 at 4:40 pm | lanka C news
අධ්‍යාපන රාජ්‍ය ඇමතිට තිත්ත වේ.. ජනාධිපතිට-අගමැතිට-අකිලට චෝදනා.. දැඩි තීන්දුවක් ගනී..

අධ්‍යාපන රාජ්‍ය ඇමතිවරයා ලෙස තමන් තවදුරටත් කටයුතු කරන්වේද නැද්ද යන්න පිළිබදව පාර්ලිමේන්තුවේදී මේ මස 23 වැනිදා පැවැත්වෙන අධ්‍යාපන අමාත්‍යංශ වැය ශිර්ෂයට සහභාග වීමෙන් පසු තීන්දුවක් ගන්නා බව වී. රාධා කි‍්‍රෂ්නන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු කියා සිටියේ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා වන තමනට අමාත්‍යංශයේ කිසිදු වැඩක් කිරිමට කිසිවෙකුත් සහයෝගය නොදෙන බවයි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසමි මහතා සමග මේ පිලිබදව අවස්ථා ගණනාවකදී සාකච්ජා කර ඇතත් විසදුමක් නොලද පසු ජනාධිපතිවරයා සමගත්, අගමැතිවරයා සමගත් කල සාකච්චාවලින්ද විසදුමක් නොලද බව ඔහු කියා සිටියේය.

මේ හේතුවෙන් දැඩි තීරණයක් ගැනීමට තමන් තීන්දු කල බවත් පවසන ඔහු හෙට දිනයේ පැවැත්වෙ කදුරට ජනතා පෙරමුණේ විශේෂ රැස්විමකදී පක්ෂයේ තිරණය අනුව ඉදිරි පියවර ගන්නා බවද වැඩි දුරටත් පැවසීය.

වීඩියෝව මෙතනින්

13,079 Viewers

One Comment to “අධ්‍යාපන රාජ්‍ය ඇමතිට තිත්ත වේ.. ජනාධිපතිට-අගමැතිට-අකිලට චෝදනා.. දැඩි තීන්දුවක් ගනී..”

  1. trumph says:

    ayyo mewa me chande laga nisaa wena thittha weemawal ne…..

Leave a Comment

Main News