අධිකරණයට අපහාස කලාට දඬුවම් නොකරන්ට හේතු දක්වන්නැයි චෝදනා ශ්‍රේෂඨාධිකරණයේදී රන්ජන්ට බාර දේ..

July 30, 2018 at 12:00 pm | lanka C news
අධිකරණයට අපහාස කලාට දඬුවම් නොකරන්ට හේතු දක්වන්නැයි චෝදනා ශ්‍රේෂඨාධිකරණයේදී රන්ජන්ට බාර දේ..

නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක විසින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා ආඥා කෙටුම්පත ගොනු කර නීතිපතිවරයා අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණයට බාර දුන්නේය.

අධිකරණයට අපහාස කලේ යයි එල්ල වන චෝදනාවට දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන ලෙස එම කෙටුම්පතින් රන්ජන් රාමනායක මහතාට දන්වා ඇත.

ඒ අනුව මෙම පැමිණිල්ල සම්බන්දයෙන් ගනු ලබන ඉදිරි ක‍්‍රියාමාර්ග අගෝස්තු මස 08 වැනිදා ප‍්‍රකාශ කරන බව ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කියා සිටියේය.

ගිය වසරේ අගෝස්තු 21 වැනිදා නියෝජ්‍ය ඇමතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශයකින් අධිකරණයට අපහාස වූයේ යයි ඔහුට විරුද්දව මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

12,058 Viewers

2 Comments to “අධිකරණයට අපහාස කලාට දඬුවම් නොකරන්ට හේතු දක්වන්නැයි චෝදනා ශ්‍රේෂඨාධිකරණයේදී රන්ජන්ට බාර දේ..”

  1. Shelton says:

    අපිටනම් කියන්නෙ තමා වැරදිකරුද නොවැරදිකරුද කියල අහනව.

  2. ඇත්තම තත්ත්වය නම් අධිකරණය, නීතිඥවරු ඇතුලු අධිකරණ පද්ධතියම අන්ත දූෂිතයි. රන්ජන් මොන පක්ෂෙ උනත් මේ කියපු කතාව ඇත්ත. සල්ලි අරන් තීන්දු දෙනවා, තමුන්ගෙ මඩි තරකරගන්න අවුරුදු ගනන් පරම්පරා ගනන් නඩු ඇදගෙන යනවා.අහිංසක මිනිස්සුන්ගෙ තුට්ටු දෙක හූරගෙන මුන් වැජඹෙනවා.

Main News