අධිකරණ තහනම් නියෝගය නොතකා යාපනය සරසවි සිසුවෝ ප්‍රභාකරන් සමරයි..

November 26, 2018 at 8:40 am | lanka C news
අධිකරණ තහනම් නියෝගය නොතකා යාපනය සරසවි සිසුවෝ ප්‍රභාකරන් සමරයි..

යාපනය මහේසත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් පැවතියද අද (26) අළුයම කොටි නායක ප්‍රභාකරන්ගේ උපන්දිනය වෙනුවෙන් උපන්දින සැමරුම් වැඩසටහනක් යාපනය විශ්විද්‍යාල සිසුන් විසුන් රහසිගතව පවත්වා ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

යාපනය විශ්ව විද්‍යාලය තුල කොටි සංවිධානයේ නිල ලාංඡනයක් හෝ නිලඇඳුමක්, ධජයක් හෝ රුවක් යොදාගෙන මහවිරු සැමරුමක් හෝ කිසිදු සැමරුමක් සිදු නොකරන ලෙසට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක්ද පනවා තිබියදී සරසවි සිසුන් පිරිසක් විසින් මෙසේ රහසිගතව කොටි නායකයාගේ උපන්දින සැමරුම සංවිධානය කොට තිබූ බවට යාපනය පොලීසියට තොරතුරු ලැබී ඇත.

එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ උපන්දිනය සමරා කේක් කපා සැමරුම් වැඩසටහනක් පවත්වා ඇත්තේ යාපනය විශ්ව විද්‍යාලයේ පිහිටි කලා පීඨයේ ගොඩනැගලිල්ලක් තුලා ඉතා රහසිගතවය.

ඊට අමතරව යාපනය විශ්ව විද්‍යාල සිසුන් විසින් යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ ගොඩනැගිලි තුල ස්ථාන කිහිපයකම ප්‍රභාකරන්ගේ පෝස්ටර අලවා ඇති බවද යාපනය පොලීසිය කියා සිටියේය.

යාපනය විශ්ව විද්‍යාලය තුල සෑම වසරකම රහසිගතව මෙලෙසින් ප්‍රභාකරන්ගේ රුව යොදාගනිමින් උපන්දිනය සැමරීමට යාපනය විශ්ව විද්‍යාල සිසුන් පියවර ගෙන ඇත.

එල්.ටී.ටී.ඊ නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන්ගේ 1954 නොවැම්බර් 26 වැනිදා යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී උපත ලබා තිබේ.

වේළුපිල්ලේ ප්‍රභාකරන් 2009 මැයි 18 වැනිදා මුලතිව් නන්දිකඩාල් කලපුව ප්‍රදේශයේදී ආරක්ෂක අංශ ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්විණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

18,408 Viewers

8 Comments to “අධිකරණ තහනම් නියෝගය නොතකා යාපනය සරසවි සිසුවෝ ප්‍රභාකරන් සමරයි..”

  1. kamal says:

    Prabakaran Yaru adi nalla ale elleai. Nai madiliai kuanm elleai. pbaharan nallam elleai piradesam vadm yen adi nalladu elleai.

  2. හැකහැක says:

    දකුණේ සරසවි වල විජේවීර සමරනවා..උතුරේ සරසවි වල ප්‍රභාකරන් සමරනවා…දෙකම එකයි.

  3. Manel says:

    If they did it secretly, They know it is illegal. However, if it is a way of letting off their grievances, someone in authority must warn them. Ask them to do their studies and become a good citizen in the future.

  4. Boga says:

    ප්‍රබාකරන් දෙමළ ජනතාව අතර කොපමණ ජනප්‍රියද කියලා වැටහෙනවා . අපිට මෙහෙම නායකයෝ නැ . පහල වෙන්නෙත් නැ .

  5. හිටං says:

    මහින්දගේ ආන්ඩුවක් තිබ්බනම් ඔහොම කොටින්ට නටන්න දෙන්නෙ නෑ

    හුටා දැන් තියෙන්නෙත් මහින්දගේ ආන්ඩුවක් නේ

  6. wijebahu says:

    ko me, gammanpillaya, vihiluwansa veerayo tika?

  7. darshana says:

    අවුලක් නෑ අප්පා.. අප්පච්චි අගමැති වුනානේ

  8. කෝ අර මහා දේශප්‍රේමී බයි වහල්ලු? ආලපාලු, අසරණයා එහෙම කිය කිය කමෙන්ට් දාන්නෙ. දැන් ජාතියේ අප්පොච්චි මේවට මොකද කොරන්නෙ? මේ කොටි නෙවෙයිද? දැන් රට බෙදෙන්නෙ නැද්ද? කොටි ඩයස්පෝරාව දැන් ඉවරද? ලැජ්ජයි තොපි වගේ කොන්දක් නැති වහල් කාලකණ්ණි.