අධිකරණ වෛද්‍ය නිලධාරින්ගේ සේවය පුළුල් කරයි….

November 26, 2017 at 2:14 am | lanka C news
අධිකරණ වෛද්‍ය නිලධාරින්ගේ සේවය පුළුල් කරයි….

අධිකරණ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ 16 වන විද්‍යාත්මක සැසිවාරය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහ අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මියගේ පුධානත්වයෙන් තලවතුගොඩ ග්‍රැන්ඩි මොනෑචි හෝටලයේ දී පැවැත්විනි.

එහිදී මාතෘ මරණ අවම කිරිම පිළිබද ප්‍රඥප්තිය ද එළිදැක්විනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“සෞඛ්‍ය සේවාව අද වන විට ලබා ඇති දියුණුව පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මම සතුටට පත් වෙනවා. අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රයත් දියුණුවට පත්ව තිබෙනවා. ජාතික මට්ටමේ උපදෙස් පිළිබදව අවධානය යොමු කරමින් අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කළ යුතුයි. අද දින එළිදක්වන මාතෘ මරණ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ උපදෙස් මාලාව ඉතාම වැදගත්. සෞඛ්‍ය සේවකයින් මව්වරුන්ට ආරක්ෂිත මාතෘත්වයක් ඇති කිරීම උදෙසා කටයුතු කළ යුතුයි. අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ සේවය ඉදිරියේ දී තවත් පුලුල් කිරීමට කටයුතු කරනවා. අධිකරණ වෛද්‍ය විද්‍යාව විශේෂයෙන් වැදගත් වන්නේ අපරාධ පරීක්ෂණ සදහායි. විද්‍යාව සහ තාක්ෂණය මත විවිධාකාර තොරතුරු ලැබෙනවා. නමුත් අපරාධ විසදීමේ දී, චෝදනා ගොනු කිරීමේ දී අධිකරණ වෛද්‍ය විද්‍යාව ඉතාම වැදගත් වෙනවා.”

අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට මෙහිදී සම්මානයක් ද පිරිනමන ලදි.

මේ අතර මෙම සැසිවාරය අතරතුර දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ නීතිපති ජයන්ත ජයසුරිය මහතා සුහද පිළිසදරක නිරත වූ අයුරු ද ඡායාරූප වලින් දැක්වෙයි.

මෙම අවස්ථාවට නීතිපති ජයන්ත ජයසූරිය මහතා, සංගමයේ සභාපති කිල්ප්‍රට් පෙරේරා මහතා, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත දීපිකා ආටිගල මහත්මිය ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

– ප‍්‍රසන්න අධිකාරී

1,524 Viewers
Main News