අධික වැස්සෙන් වැවු බැම්ම කැඩෙයි.. හමුදාවෙන් බැම්ම වෙහෙසී හදයි..

November 7, 2018 at 8:02 am | lanka C news
අධික වැස්සෙන් වැවු බැම්ම කැඩෙයි.. හමුදාවෙන් බැම්ම වෙහෙසී හදයි..

වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නෙඩුන්කේනි වෛරව මුණ්ඩිමුරිප්පු වැව අධික වර්ෂාවත් සමග වැව්බැම්ම කැඩී යාමත් සමග යුද හමුදාවෙන් කඩිනමින් පිළසකර කිරීමට පියවර ගෙන ඇත.

නෙඩුන්කේනි කල්මඩු  ග්‍රාමසේවා වසමට අයත් වෛරව මුණ්ඩිමුරිප්පු  වැව්බැම්ම කැඩී යාමත් සමග ඒ පිළිබඳව ප්‍රදේශයේ 61 වන සේනාංකයට ප්‍රදේශවාසීන් විසින් දැනුම් දීමෙන් පසුව වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ උපදෙස් පරිදි 61 සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජී.ජේ. තිලකරත්න මහතාගේ මෙහෙයවීම මත 611 බලසේනාධිපති කර්නල් එස්.එස්. ලියනගේ මහතාගේ නායකත්වයෙන් සිංහ රෙජිමේන්තු යුදහමුදා සෙබලුන් විසින් වැව පිළිසකර කිරීම සිදු කරන ලදි.

දින 3 ක් පුරාවට යුද හමුදා සෙබලුන් විසින් වැව පිළිසකර කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා වව්නියාව දිසාපති අයි.එම්. හනීෆා මහතාද එක් වූ අතර ප්‍රදේශවාසීන්ගේද සහය ලැබුණි.

මේ දිනවල වව්නියාව දිස්ත්‍රීක්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් සියලුම කුඩා වැව් වාන් දැමීමට ආසන්නව පවතින අතරම ඇතම් කුඩා වැව් කැඩී යාමේ අවධානමක්ද පවතින බවට වාරිමාර්ග නිලධාරීහු අනතුරු අගවා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

9,703 Viewers

One Comment to “අධික වැස්සෙන් වැවු බැම්ම කැඩෙයි.. හමුදාවෙන් බැම්ම වෙහෙසී හදයි..”

  1. සිරා says:

    එකත් හොඳයි හමුදා කඳවුරක් තිබීමේ අවශ්‍යතාව දැනෙන්නත් එක්ක.

Leave a Comment

Main News