අධික වේගයෙන්පැමිණි යතුරුපැදිය කැබ් රථයේ වැදී දෙදෙනෙකු මියයයි….

January 25, 2018 at 8:02 am | lanka C news
අධික වේගයෙන්පැමිණි යතුරුපැදිය කැබ් රථයේ වැදී දෙදෙනෙකු මියයයි….

යාපනය පලාලි මාර්ගයේ ඌරලී ප්‍රදේශයේදී යතුරුපැදියක් හා කැබ් රථයක් මහුණට මුහුණ ගැටීමෙන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවට චුන්නාකම් පොලීසිය කියා සිටියේය.

යාපනය කුප්පිලාන් ප්‍රදේශයේ සිට පලාලි දෙසට පැමිණි යතුරුපැදියත්  පලාලි සිට යාපනය දෙසට ගමන්ගත් කැබ් රථයක් මෙසේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුරුර සිදුව ඇති බව පොලිස් පරික්ෂණ වලින් හෙලි වී ඇත.

යාපනය කුප්පිලාන් ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකු හා 36හැවිරිදි පුද්ගලයෙකු  අණතුරින් මිය ගොස් ඇති අතර අණතුරින් එක් අයෙකු එම ස්ථානයේදීම මිය ගොස් අනෙක් පුද්ගලයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.

යතුරුපැදිය පැදවූ තරුණයා අධික වේගයෙන් යතුරු පැදිය ධාවනය කිරීමෙන් වේගය පාලනය කරගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇතිය සැක පල කරන බවට පරික්ෂණ සිදු කරන යාපනය චුන්නාකම් වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,433 Viewers

One Comment to “අධික වේගයෙන්පැමිණි යතුරුපැදිය කැබ් රථයේ වැදී දෙදෙනෙකු මියයයි….”

  1. kamalasirikuruwita says:

    යකෝ ඕකත් රාජපක්ෂගේ වැඩ ක් කියල කියන උරුලෑවෙක් තාම කොමෙන්ට් කලේ නැහැනේ. රු.1600/= තවම අතට ලැබිල නැතුව ඇති. අනේද කියන්නේ.

Main News