අධික වේගෙන් ගිය මාළු ලොරිය වෙලට විසි වී පෙරලෙයි…

March 29, 2018 at 2:09 am | lanka C news
අධික වේගෙන් ගිය මාළු ලොරිය වෙලට විසි වී පෙරලෙයි…

වවුනියාව, ඕමන්ත ප්‍රදේශයේදී මාළු රැගෙනගිය කුඩා ලොරි රථයක් පෙරලීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වවුනියාව ඕමන්ත පොලිසිය පැවසුවේය.

පොලිසිය පැවසූවේ යාපනය සිට කොළඹ දක්වා මාළු ‍ප්‍රවාහනය කළ කැබ්  රථයක් එලෙස පෙරළි ගොස් ඇති අතර,අනතුරින් කැබ් රථයේ රියදුරු හා රිය සහයක සුළු තුවාල ලබා ඇති බවයි.

කුඩා ලොරි රථය අධික වේගයකින් ධාවනය වූ අවස්ථාවේදී රථයේ ටයරයක් පිපිරී රථය පාලනය කරගැනීමට නොහැකිව රථය මාර්ගයෙන් ඉවතට ‍පැන අනෙක් පසට පෙරළී ඇති බවද පොලිසිය සඳහන් කළේය.

අනතුරින් රථයේ තිබි මාළු රැගෙන ගිය ඇසුරුම් සියල්ල විසි වි ගොස් තිබු අතර අදාළ ඇසුරුම්වල තිබු මාළු විසිරි ගොස් තිබෙන ආකාරයක්ද දක්නට ලැබිණ.

සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,606 Viewers
Main News