අධි පොසොන් දා මඤ්ඤොක්කා දන්සැල පැත්තකට දමා නාඋල තරුණ පිරිසක් කල වැඬේ…

May 30, 2018 at 8:02 am | lanka C news
අධි පොසොන් දා මඤ්ඤොක්කා දන්සැල පැත්තකට දමා නාඋල තරුණ පිරිසක් කල වැඬේ…

අධිපොසොන් පොහොය යෙදුනු ඊයේ දවසේ (29) නාඋල පෞද්ගලික රියදුරු සංගමයේ තරුණ පිරිසක් පැවැත්වු මඤ්ඤොක්කා දන්සැලක් අතරතුර ඒ නවය මාර්ගයේ අධි අවදානම් සහිතව වසර ගනනාවක් පැවති දිරා ගිය මාර අත්තක් ඉවත්කිරීමේ අති දුෂ්කර කාර්යයක නිතර විය.

සිය සංගමය සංවිධාන කළ දන්සැලට පැමිණෙන බැතිමතුන්ට දන්සැල පැවැත්වෙන ස්ථානයේ දිරා ගිය මාර අත්තක් හේතුවෙන් පැවති අවදානම් තත්ත්වය වටහා ගනිම්න් එය ඉවත්කිරීමට නාඋල ප‍්‍රදේශයේ කේ‍්‍රන් රථයක් ද සහායට ලබාගනිම්න් කටයුතු කරනු දක්නට ලැබිනි.

වසර දෙසියක් පමණ පැරණි මාර ගස්වල පවතින දිරා ගිය අතු මගින් ප‍්‍රදේශයේ මහජනතාවට දැඩි අවදානමක් පවතින බව සදහන් කරමින් පසුගිය සමයේ මාධ්‍ය ඔස්සේ ද ප‍්‍රචාර වුවද ඒ සදහා බලධාරින්ගේ ඇස් නොඇරිනි.

ප‍්‍රදේශයේ තරුණ පිරිස නාඋල පොලිසියේ රථවාහන අංශයේ ද සහාය ඇතිව උතුම් අධි පොසොන් දිනයේ මහා පිංකමකට දායක වු බව සිද්ධිය ඇසින් දුටුවෝ සදහන් කළහ.

අභිනවයෙන් පත්වු නාඋල ප‍්‍රාදේශිය සභාවේ වත්මන් සභාපති සනත් දසනාක(ශ‍්‍රීලපොපෙ) මහතා ද දන්සැලේ මඤ්ඤෝක්කා බෙදා දීම සදහා එක්ව සිටින අයුරු දක්නට ලැබිනි.

– ඉන්දික අරුණ කුමාර

20,916 Viewers

One Comment to “අධි පොසොන් දා මඤ්ඤොක්කා දන්සැල පැත්තකට දමා නාඋල තරුණ පිරිසක් කල වැඬේ…”

  1. Love nature says:

    කරුණාකර අපේ රටේ ගවගාතනය තහනම් කිරීමටත් සහාය දෙන්න

Main News