අධි මිල පිළිකා ඖෂධ 10ක, ඖෂධ නිෂ්පාදන 13ක, වෛද්‍ය උපකරණ 02 ක මිල අඩු කරයි..

September 2, 2018 at 6:32 am | lanka C news
අධි මිල පිළිකා ඖෂධ 10ක, ඖෂධ නිෂ්පාදන 13ක, වෛද්‍ය උපකරණ 02 ක මිල අඩු කරයි..

ඉතා මිල අධික පිළිකා ඖෂධ 10 ක්, තෝරා ගත් ඖෂධ නිෂ්පාදන 13 ක සහ වෛද්‍ය උපකරණ 02 ක මිල නියාමනය සැප්තැම්බර් 01 වන දා සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

පේරාදෙනිය විශ්ව විද්‍යාල භූමියේ ඉදිකළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 39 වන ඔසුසල විවෘත කිරීමේ අවස්ථාවට 01 පෙරවරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඉතා මිල අධික පිළිකා ඖෂධ 10 ක ටෙන්ඩර් මිල පාලනයකට ලක්කර තිබේ. තෝරා ගත් ඖෂධ වර්ග 13 ක උපරිම සිල්ලර මිල නියාමනය කර ඇති අතර දියවැඩියා රෝගීන් භාවිත කරන රුධිර ග්ලුකෝස්මාපක සහ රුධිර ග්ලුකෝස් මාපකවල භාවිත කරන පරීක්ෂණ තීරු යන වෛද්‍ය උපකරණවල උපරිම සිල්ලර මිල මෙලෙස නියාමනය කර ඇත.

තෝරා ගත් ඖෂධ වර්ග 13 තුල ජිවිතාරක්ෂක ප්‍රතිජීවක, ස්නායුගත රෝග ඖෂධ, ඉන්සියුලින් ඇතුලු දියවැඩියා ඖෂධ, ඇදුම රෝගය සදහා භාවිත කරන ඖෂධ, ස්නායු රෝග ඖෂධ සහ අපස්මාර රෝග ඖෂධ සහ කොලෙස්ටරෝල් පාලනය කිරීමේ ඖෂධ සදහා භාවිතා කරන ඖෂධ ඇත.

මෙම මිල නියාමනයට අදාල ගැසට් පත්‍රය 31 මධ්‍යම රාත්‍රීයේ නිකුත් කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් මෙම මිල නියාමන ගැසට් පත්‍රය සකස් කර ඇත. මිල නියාමන ගැසට් පත්‍රයට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී 31 පෙරවරුවේ අත්සන් කරන ලදි.

– Rajith senarathne FB

2,477 Viewers

5 Comments to “අධි මිල පිළිකා ඖෂධ 10ක, ඖෂධ නිෂ්පාදන 13ක, වෛද්‍ය උපකරණ 02 ක මිල අඩු කරයි..”

  1. බන්ඩා says:

    අද පුද්ගලික ඉස්ප්‍ිිරිිිිතාල වැහි වැහැලා. ඇත්තටම ඒක හ‌ොඳය්. ප්‍රශ්ණය වන්න‌ේ ඹෟෂධ මුදලාලි වග‌ෙම ඉස්පිරිතාල මුදලාලිත් ඉතාම අසාධාරන ල‌ෙ‌ස ගසා කන එකය් මිල අයකරන එකය්. ගසා කනව කියන්න‌ෙ එකම ට‌ෙ‌ස්ට් එක විශ‌ේෂඥ ව‌ෛද්‍යවරයාට න‌ොදන්වා දපොරක් කිරීම වැනි ද‌ේය්. විශ්ෂඥ වද්‍යෛ වරයාවත් න‌ොපැමින බ‌ෙ‌හ‌ෙත් ප‌ෙ‌ත්තක්වත් න‌ොග‌ෙන ඉන්ජ‌ෙ‌ක්සන් එකක් වත් න‌ොග‌ෙන ම‌ෙ ලගදී මග‌ේ එක දිනක බිල රැ 50,000්/- ට වැඩිය්.

  2. සීගිරි says:

    බදු පිට බදු ගහලා ජීවත් වෙන්න ඉන්න ලක්ෂ ගනනකට සියදිවි හානිකරගන්න තත්වයකට ඇද දමලා life expectancy ඉතාම අඩු පිලිකා රෝගින් සුලුතරයකට දෙන සහන මොන තරම් වංචාවක්ද?
    පිලකා කාරක ගලයිෆොසේට් වලට සුවපති තුමා විිරැද්ධද ?

  3. Love nature says:

    සිසේරියන් සැත්කමකින් පසු මියගිය නිට්ටඹුවේ කාන්තාවකට ලබාදී තිබූ ප‍්‍රතිජීවක ඖෂධ වර්ග දෙකක් පසුගිය සතියේ සිට රෝහල් භාවිතයෙන් ඉවත් කර ඇත. එම ප‍්‍රතිජීවක ඖෂධ වර්ග දෙක ඇමොක්සලීන් කැරනොක්ස් ඇසිඞ් සහ මෙරපෙතියුම් නම් ඖෂධ වේ. මෙසේ ඖෂධ හේතුවෙන් මිය යන පිරිස් පිළිබඳව නිතර අසන්නට දකින්නට ලැබේ. මෙසේ මියයන පිරිස පිළිබඳව නිසි සමීක්ෂණයකින් දත්ත රැස් කිරීමක් කර ඇති බවත් වාර්තා නොවෙතත්, මේ තත්ත්වය අද බරපතල සමාජ ගැටලූවක් වී ඇත. නිලධාරීන්ට හා දේශපාලනඥයන්ට ලාභ ඉපයීමට ඇති රාජ්‍ය ආයතන අතුරින් ඖෂධ ගෙන්වීමද අද රන් ආකරයක් වී ඇත. මේ ආකරයට ගිලා බැස මුදල් ඉපයීමට රිසිසේ ඉඩ හැර බලධාරීන් හා දේශපාලනඥයන් බලාසිටීම මේ අවාසනාවන්ත තත්ත්වයට හේතු සාධක වී තිබේ. ඖෂධ ගෙන්වීම සඳහා ඇති නිසි ක‍්‍රියාදාමය ක‍්‍රියාත්මක නොකිරීම බාල ඖෂධ මෙරටට ගෙන්වීමට හේතුවී ඇත

  4. John the baptice says:

    රාජිත තමා සමඟ වෛර බැඳ සිටින්නේ අද ඊයේ සිට නොවන බවත් කල් ඉකුත් වූ බාල ඖෂධ ගෙන්වා අධිකරණයේ වරදකරුවකු වී මන්ත්‍රී ධුරය අහෝසි වූ දා සිට මෙලෙස වෛර බැඳ සිටින බවත් අධිකරණ හා බුද්ධශාසන ඇමැති නීතිඥ විජයදාස රාජපක්‍ෂ මහතා “දිවයින” ට පැවසීය. රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ සිටි කාලයේදී කල් ඉකුත් වූ බාල දන්ත ඖෂධ ගෙන්වා ඒ පිළිබඳ අධිකරණයේ විභාග වූ නඩුවකින් වරදකරු වූ බවත් ඒ අවස්‌ථාවේ මන්ත්‍රී ධුරයද අහිමි වූ බවත් විජයදාස රාජපක්‍ෂ ඇමැතිවරයා කියා සිටී.

    ත්‍රිවිධ හමුදාවට හා ඔසුසලට බාල කල් ඉකුත් වූ ඖෂධ ලබාදී දූෂිතයකු ලෙස වරදකරුවකු වූ මෙරට පළමු හා එකම මන්ත්‍රීවරයා දැන් ඇවන්ගාඩ් සිද්ධියකට තමාට එරෙහිව බොරු අවලාද නඟන බවද රාජපක්‍ෂ ඇමැතිවරයා පවසයි.

    අනෙක්‌ අයට හොරා කියා ලේබල් අලවන රාජිත සේනාරත්න මහතා සම කැබිනට්‌ ප්‍රකාශක ලෙස පත්කිරීම ල-ජාවට කරුණක්‌ බවද මුළු ලෝකයම කැබිනට්‌ ප්‍රකාශකගේ ප්‍රකාශ දෙස බලා සිටින බවද රාජපක්‍ෂ ඇමැතිවරයා කියා සිටී.

    මෙලෙස වාචාල ලෙස බොරු අවලාද නගන අයකු කැබිනට්‌ ප්‍රකාශක ලෙස තබාගෙන කටයුතු කළහොත් ආණ්‌ඩුවට එහි ප්‍රතිඵල බුක්‌ති විඳින්නට වැඩි කාලයක්‌ ගත නොවන බවද ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා තමාට එරෙහිව නගන චෝදනාවලට පිළිතුරු දෙමින් කියා සිටියේය.

  5. sunimal says:

    පිලිකා රෝගීන්ට බාල බෙහෙත් ගෙන්වයි.. ජ්‍යේෂ්ඨ වෛද්‍යවරුන් ටෙන්ඩර් මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙති

Main News