අනතුරකින් ලොරියක්-ට‍්‍රැක්ටරයක් උඩුකුරුව පෙරලේ.. අයෙක් මරුට.. 04ක් රෝහලේ..

October 18, 2018 at 5:30 pm | lanka C news
අනතුරකින් ලොරියක්-ට‍්‍රැක්ටරයක් උඩුකුරුව පෙරලේ.. අයෙක් මරුට.. 04ක් රෝහලේ..

යාපනය  මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ පුලියංකුලම ප්‍රදේශයේදී ධාවනයවූ ලොරි රථයක් නවතා තිබූ ට්‍රැක්ටරයක ගැටී අද (18) සිදු වු අනතුරකින්  එක් පුද්ගලයකු මියගොස් තවත් සිව්දෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගතකල බවට  පුලියංකුලම පොලිසිය පැවසීය.

කාර්මික දෝෂයක් හේතුවෙන් ගොයම් කපන යන්ත්‍රයක් රැගෙනයමින් තිබූ ට්‍රැක්ටර් රථය මාර්ගයේ අයිනක නවතා තිබියදී කොළඹ සිට යාපනය දක්වා පානීය ජලබෝතල් රැගෙන පැමිණි ලොරි රථය වේගය පාලනය කර ගැනීමට නොහැකිව නවතා තිබූ ට්‍රැක්ටරයේ ගැටී අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ලොරි රථයේ රිය සහයකවරයාවූ යාපනය පේදුරුතුඩුව පදිංචි මරියදාස් නිශාන්තන් (20)  නැමති තරුණයෙකි.

අනතුරින් ලොරි රියදුරුවූ, ට්‍රැක්ටර් රථයේ රියදුරු , ට්‍රැක්ටර් රථයේ සිටි  තවත් තරුණයන් දෙදෙනකු බරපතල තුවාල ලබා වවුනියාව මහ රෝහලට ඇතුළු කර ඇත.

මියගිය පුද්ගලයාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය වවුනියාව මහරෝහලේ පැවැත්වීමට නියමිතව ඇති අතර පුලියංකුලම පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

– වන්නි රොමේෂ් මධුෂංක

3,405 Viewers

One Comment to “අනතුරකින් ලොරියක්-ට‍්‍රැක්ටරයක් උඩුකුරුව පෙරලේ.. අයෙක් මරුට.. 04ක් රෝහලේ..”

  1. බාහු says:

    තව දෙමළෙක් ඉවරයි!

Main News