අනතුරු දෙකක්.. වැලි ටිපර් දෙකක් මුහුණට මුහුන ගැටී අයෙක් මියයයි..

May 25, 2018 at 2:06 am | lanka C news
අනතුරු දෙකක්.. වැලි ටිපර් දෙකක් මුහුණට මුහුන ගැටී අයෙක් මියයයි..

යාපනය කෝපායි සහ චාවකච්ඡේරි හා කෝපායි ප්‍රදේශයන්හි 23 සහ 24 සිදුවූ අනතුරු වලින් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවට චාවකච්චේරි සහ කෝපායි පොලීසි සඳහන් කොට සිටියහ.

23 සවස චාවකච්චේරි මීසාලෙයි මන්සන්ධියේ පිහිටා ඇති දුම්රිය හරස් මාර්ගය උඩදී වැලි ප්‍රවාහනය කළ ටිපර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු තුවාල ලැබූ බවට චාවකච්චේරි පොලීසිය කියා සිටියේය.

එම අනතුරේදී ටිපර් රථ දෙකෙන් එකක් පෙරලී ගොස් තිබු අතර අනතුර දුම්රිය මාර්ගය උඩ සිදු වීම නිසාවෙන් ටිපර් රථ ඉවත් කිරීමට නොහැකි වීම නිසා කොලඹ සිට පැමිණි දුම්රියද මීසාලෙයි දුම්රිය ස්ථානයේදී පැයකට ආසන්න කාලයක් නවතා තැබීමට සිදු වූ අතර පොලිසියේ මැදිහත් වීමෙන් බැකෝ යන්ත්‍රයක් මගින් ටිපර් රථ ඉවත් කිරීමෙන් පසුව දුම්රිය ගමනා ගමනය සිදු විය.

මේ අතර කෝපායි මන්සන්ධියේදී කැන්ටර් රථයක් හා යතුරු පැදියක් 24 දින අනතුරට ලක් වීමෙන් යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලැබූ බවට කෝපායි පොලීසය කියා සිටියේය.

අදාල අනතුරින් මිය ගොස් ඇත්තේ කොණ්ඩාවිල් ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි සින්නතුරෙයි රාසරත්නම් නැමත්තෙකු වන අතර අනතුරු සම්බන්ධයෙන් කෝපායි පොලීසිය හා චාවකච්චේරි පොලීසිය වැඩිදුර පරික්ෂණ කටයුතු ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,725 Viewers
Main News