අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 12 ක් උතුරු මුහුදේදී අත්අඩංගුවට..

September 13, 2017 at 2:16 am | lanka C news
අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 12 ක් උතුරු මුහුදේදී අත්අඩංගුවට..

උතුරු මුහුදේ කච්චතිව් දූපතට අයත් මුහුදු තීරයේ නීතිවිරෝධීව මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 12 දෙදෙනෙකු ට්‍රෝලර් යාත්‍රා 02 ක් (11) රාත්‍රියේ උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදාවේ රණවික්‍රම නෞකාව මගින් අදාල ඉන්දීය ධීවරයින් අත්අඩංගුව ගෙන ඇති අතර යාපනය කච්චතිව් දූපතට මුහුදු සැතපුම් දෙකක් ඊශාන දෙසින් වූ මුහුදු තීරයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

ධීවරයින් හා ට්‍රෝලර් යාත්‍රාත් සමග ධීවර ආම්පන්න හා මසුන් තොගයක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් ධීවරයින් පිරිස කරෙයි නගර් හි පිහිටි නාවික හමුදා එලාර ආයතනය වෙතද කන්කසන්තුරේයි උත්තර ආයතනය වෙතද රැගෙන ඒමෙන් පසුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර පරික්ෂක කාර්යාලයට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

317 Viewers

Leave a Comment

Main News