මව අන්තර්ජාලයෙන් දරුවා පෙන්වූයේ නැතැයි පියා මැරයන් යොදවා දරුවා පැහැර ගනී..

June 10, 2018 at 4:40 pm | lanka C news
මව අන්තර්ජාලයෙන් දරුවා පෙන්වූයේ නැතැයි පියා මැරයන් යොදවා දරුවා පැහැර ගනී..

වව්නියාව,ගුඩ්ෂෙඩි මාර්ගයේ පළමුවන හරස්වීදියේ නිවසකින් පසුගිය 31 වැනිදා මාස අටක් වයසැති දරුවා පැහැර ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අට දෙනෙකු ඊයේ(09) මඩකලපුව එරාවුර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලීසිය පවසයි.

වව්නියාව පොලීසිය පැවසූවේ 31 වැනිදා අලුයම වෑන් රථයකින් පැමිණි හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බලහත්කාරයෙන් නිවසට කඩා වැදී අදාළ දරුවා පැහැරගෙන ගොස් ඇති බවට මූලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වු ඇති බවයි.

වෂුදරන් වානිෂන් නමැති මාස 08 ක් වයසැති දරුවෙකු එලෙස පැහැරගෙන සිටි  අතර, අලුයම වෑන් රථයකින් පැමිණි කණ්ඩායම නිවැසියන් බිය ගන්වා දරුවා පැහැරගෙන ගොස් තිබිණ.

දරුවා‍ගේ මව පැවසූවේ දරුවාගේ පියා ලන්ඩනයේ පදිංචිව සිටින අතර,පියා හා තමා අතර කලෙක පටන් ආරවුලක් හටගෙන ඇති බවටත් අදාළ ආරවුල හේතුවෙන් දරුවාගේ පියා කණ්ඩායමක් යොදා දරුවා පැහැරගෙන යන්නට ඇති බවද දරුවාගේ මව සඳහන් කළාය.

දරුවා රැගෙන ගොස් දින කිහිපයකට පසුව දරුවාගේ පියා බව සැලකෙන පුද්ගලයා විදේස් රටක සිට වව්නියාව පොලීසියට දුරකතන ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ දරුවාගේ මව විසින් අන්තර්ජාලය ඔස්සේ දරුවා තමන්ට පෙන්වීම නවතා දැමීම හේතුවෙන් තමන් පිරිසක් යොදවා දරුවා පැහැරගත් බවටයි.

පසුව මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දරුවා සගවාගෙන සිටියදී සොයාගැනීමට හැකි වූ අතර දරුවා පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකුද මීට පෙර අත්අඩංගුවට ගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

9,762 Viewers
Main News