අන්තිමට පංචවිද කාර් එකත් නෑ.. දෙනවයි කිව්ව නංගිත් නෑ…

August 11, 2017 at 8:40 am | lanka C news
අන්තිමට පංචවිද කාර් එකත් නෑ.. දෙනවයි කිව්ව නංගිත් නෑ…

ජාඇලදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා මෙසේ අදහස් පල කලේය.

මේ ආණ්ඩුව බලයට ආවේ බොරුවෙන් හා වංචාවෙන් ජනතාවට රවට්ටලයි. රැකියා දස ලක්ෂයක් දෙනවයි කියලයි. දැන් මිනිස්සුන්ට තිබ්බ රස්සාවත් නැහැ. වැස්සට තෙමෙන්නේ නැතුව යන්න පුංචි කාර් දෙනවයි කිව්වා. අන්තිමට පුංචි කාරුත් නෑ, කාර් දෙනවයි කිව්ව නංගිත් නැහැ.

ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය ගැන කතා කරපු අය බලයට ආවට පස්සේ මැතිවරණ කිව්වම කකුල් වෙවුලනවා. යහපාලනය යටතේ ජනතාවට ලැබිලා තියෙන්නේ ලෝකේ කොහේවත් නැති අමුතුම ජාතියේ ප්‍රජාතන්ත්‍රවාදයක්. ජනාධිපතිවරයා එදා කි‍ව්වේ නම් ගමේ මිනිහා රකිනවා, ආරක්ෂා කරනවා කියලයි.

හැබැයි දැන් ගමේ මිනිහට තුන්වේල කන්නවත් නැහැ. අපිට හොරා හොරා කියලා බලයට ආපු අය මහ දවාලෙම මහ බැංකුවේ හොරකමක් කළා. රාජපක්ෂලාගේ මාලිගා හොයපු අයට අන්තිමට හම්බවුණේ රවීගේ මාලිගාවයි. දැන් බලනවා රවීගේ හොරකම කොහොමද යටගහන්නේ කියලා.

මහ බැංකුව අයිති වෙලා තිබුණේ රවීගේ අමාත්‍යාංශයට නෙමෙයි රනිල්ගේ අමාත්‍යාංශයටයි. රනිල්ව පත් කළේ ජනාධිපතිවරයයි. ඒ හින්දා රවීගේ ඇ‍‍ගේ වගකීම ගහලා බේරෙන්න ජනාධිපතිටවත් අගමැතිටවත් පුළුවන්කමක් නැහැ.

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති විදියට පත්වීම ගත්තේ ජනාධිපති‍ගේ අතින්. ඒ හින්දා එතුමට කියන්න පුළුවන්කමක් නැහැ මම දන්නේ නෑ, මම දැක්කෙත් පත්‍තරෙන් කියලා. බැඳුම්කරයටත් වඩා හොරකමක් හම්බන්තොට වරාය විකිණීමෙදි සිද්ධ වෙලා තියෙනවා.

– ප‍්‍රදීප් අනුර කුමාර

11,899 Viewers
Main News