අන්තිම වටයේ 18 දෙනාගේ ලයිස්තුව ජනපති අතට… මුලින්ම එල්ලා මරන්නේ කවුදැයි ජනපති තීරණය කරයි..

July 15, 2018 at 11:20 am | lanka C news
අන්තිම වටයේ 18 දෙනාගේ ලයිස්තුව ජනපති අතට… මුලින්ම එල්ලා මරන්නේ කවුදැයි ජනපති තීරණය කරයි..

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම් නියමව දැනට බන්ධනාගාරයේ රදවා සිටින පුද්ගලයන් 18 දෙනෙකුගේ නාම ලේඛණය මේ සතියේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ලබා දීමට නියමිතය.

එම පිරිස අතරින් මුලින්ම මරණ දඬුවම දෙන්නේ කාටදැයි තීරණය කිරීම ජනාධිපතිවරයා විසින් කරනු ඇති බව බන්ධනාගාර ‍‍‍ප්‍රකාශකයකු සදහන් කලේය.

ජනාධිපතිවරයාගෙන් ලිඛිත අනුමැතියක් ලද පසු දඬුවම ක‍්‍රියාත්මක කිරීමට සූදානම් බවද ඔහු පැවසීය.

28,913 Viewers

32 Comments to “අන්තිම වටයේ 18 දෙනාගේ ලයිස්තුව ජනපති අතට… මුලින්ම එල්ලා මරන්නේ කවුදැයි ජනපති තීරණය කරයි..”

  1. Mahasona says:

    යහපාලනයට විරුද්ධ සෑම පුද්ගලයෙක්ම මේ ලැයිස් තුවේ ඇත ..ඔවුන් මැරු පසු මේ නිතිය නතර කරයි

    • Devaka Jayasuriya says:

      යහපාලනයට විරුදධ එවුන් කුඩු විකුණලා ඇයි බන්? 😀

    • lakmalie says:

      Ane moda harako just check the Children affected due to drugs mahaloku By uncle also count do that!

    • Amda says:

      අයියෝ මේක මේ ආන්ඩුවෙ ප්‍රශ්න සහ විජේකලා අමතක කරන්න ගෙනාපු ටොපික් එකක්
      දැන් ඉතින් උඹලට බදු ගහන ඒවා, ජාතික සම්පත් විකුනන ඒවා, බඩු මිල වැඩි වෙන ඒවා, උතුරේ කේස් සහ කිසිම වැදගත් දෙයක් මතක නෑ

    • බබා says:

      මෙන්න බළලා මල්ලෙන් එලියට පැන්නා. ඒ කියන්නෙ කුඩුකාරයො සේරම පොහොට්ටු සපෝටර්ලා. ඉතින් හරිනෙ.සුදුවෑන් කොටා කලේ තමන්ට විරුද්ධ පාතාලෙ මරලා තමන්ට කුඩු සල්ලි වලින් කොටස ගෙවන උන් ආරක්ෂා කරපු එක. ඒ කියන කතාව හරි එහෙනම්.මේ කුඩු කාරයො සේරම රෙජිමෙ සපොටර්ලා.උන්ගෙ එවුන්. රට කුඩුවලින් ස්වයංපෝෂිත කරලා තරුණ පරපුර කුඩ්ඩො කරන්න ඔන නම් රාජපක්ෂ කෙනෙක් පත්කරගන්න. අපි නෙවෙයි කියන්නෙ. රාජපක්ෂගෙ වහලෙක්මයි කියන්නෙ.

  2. Open mind says:

    එතකොට බන්ධනාගාර ඇතුළේ සිට ජාවාරම් කරන්න අනුබල දෙන එවුන්ට……?

    • CAT says:

      ජනපති ,එල්ලුම් ගහ අවශ්‍යද? එසේනම් මරණ දඬුවම් නියමව දැනට බන්ධනාගාරයේ රදවා සිටින LTTE මිනීමරුවන් ප්‍රථමයෙන් එල්ලා මරන්න ඔබේ අත්සන යොදන්න …කුඩුකාරයන්ට වඩා මෙලෙච්චේද LTTE ත්‍රස්තවාදීන් දරුණුයි

      • බබා says:

        යන්නෙ කොහෙද මල්ලෙ පොල්. මේ පර්සි මහේන්ද්‍රගෙ වහල්ලුන්ට කියන කරන දේවල් තෙරෙන්නෙ නෑ.දැන් රටේ තියෙන භයානකම උවදුර තමයි මත්කුඩු උවදුර.ඒක මේ එකපාර ඇහැට පේන්නෙ නෑ.රටේ දරුවො අනාගතේදි අංග විකල උම්මත්තක ජාතියක් වෙයි. ඒක මඩින්න යනකොට අර වහල් බවට අදාලව තියෙන වෙන මොකක් හරි දැනට අදාල නොවන දෙයක් ඇදල අරන් අර කරන්න යන හොඳවැඩේ අවුල් කරන්න හදනවා.

        • හින්බබා සියා says:

          බබා ඔබේ අදහස් තාම බබෙක්ගේ වගෙයි තාමත් මේ ජඩපාලනය ගැන හරි වැටහීමක් ඔබට නැහැ ..ප්‍රශ්නය ගැන හොදට සිතන්න වැඩිහිටියෙක් වෙන්න කුඩු සිරකරුවන් එල්ලා මැරීමෙන් පමණක් කුඩු ප්‍රශ්නය විසදන්නේ කෙසේද ? මේ රැවටීමක්

          • බබා says:

            එල්ලා මැරීමෙන් සමාජයට විශාල යහපතක් සහ පණිවුඩයක් ලැබෙනවා. ඕන ජරා වැඩක් කරලා අවුරුදු 7-8 එලියෙ කියන මතයට තිත වැටෙනවා.ඇයි තමුන්ගෙ කවුරුහරි ඉන්නවද 18 ලිස්ට් එකේ?

  3. Saradiel says:

    උතුරේ මෙලෙච්චේද මිනීමරු ත්‍රස්තවාදී කොටින්ට මරණ දඩුවම නොදී නිදහස් කරන මේ දේශදෝහියා මේ කරන්නේ ජනතාව රැවටීමට වෙළද දැන්වීමක්
    සිරිසේන ,ඔහුගේ අපකිර්තිය වසා ගැනීමට කුඩු උපයෝගී කරගෙන වීරයෙක් වීමට දරන උප්පර වැට්ටියක් ….ලැයිස්තුවේ ඉන්නේ යහපාලනයට විරුද්ධ කුඩු ව්‍යාපාරිකයන්ද ? නිකම් බොරු බයිලා කියන්න එපා

    • රොන් says:

      ඔබ හරි Saradiel.

    • බබා says:

      “කුඩු ව්‍යාපාරිකයන්”
      අනේ ගොං බූරුවෝ රටට වෙලා තියෙන දේ තේරුම්ගනින්. මේ මොහොතේ රටට අවශ්‍ය පරන කොටි මරණ එක නෙවෙයි. අනාගත පරම්පරා ගනනක් ඉදිරියට රට විනාශ කරන අම්ම අප්ප නොහඳුනන උම්මත්තකයො අංග විකලයො නරුමයො බිහිකරන කුඩු වසංගතය රටින් අතුගා දැමීම. රජය කැපවෙලා ඒක කරන නිසයි කිලෝ සියගනන් කුඩු අහුවෙන්නෙ. අනික දැන් මේ උඹේ කතාවෙන් පැහැදිලියි රාජපක්ෂ රෙජිමයට සල්ලි පොම්පකලේ රට ගෙනිචචෙ මේ රෙජිමයෙ ආධරකාර “කුඩු ව්‍යාපාරිකයන්” කියල. ලැජ්ජාවෙයන් ගොං හරකො රටට ව්‍යසනයක් වෙලා තියෙන වසංගතයක් විනාශකරන්න හදනකොට අමන මරි මෝඩ කමෙන්ට් දාල තප්පුලන එකට. කුඩුකාරයො එල්ලන එකට විරුද්ධවෙන තොටත් හෙට අනිද්දා කුඩ්ඩෙක් පිහියකින් ඇනලා පර්ස් එකවත් හොරකම් කලානම් ඔය පුකට බැහැලා තියෙන වහල් මොලේ පෑදෙයි.

      • maraya says:

        කුඩුකාරයෝ 18 එල්ල මැරුවම කුඩු ව්‍යාපාර නවතිනවද ? මේ හිරේ සිටින්නේ කුඩු මුදලාලිලා ගේ සොක්කෝ
        ..ලොක්කෝ රජ සැපට නිදැල්ලේ
        මෙතන තියන ප්‍රශ් නය අපේ රටට කුඩුගේන්නේ කොහෙන්ද ඒවා කරන්නේ කවුද කියලා සොයාබලා සියල්ලම නතරකල යුතුයි ඒ ගෙන්වන අයටත් මරණ දණ්ඩනය ලබා දියයුතුයි ..කුඩු බිස්නස් කරන සැමට මරණ දණ්ඩනය දිය යුතුයි …කුඩු බිස්නස් කරන රජයේ මැති ඇමතිලාටත් ලොක්කන්ටත් මේ නිතිමය දඩුවම් ලබා දිය යුතුයි ..ජනතාව රැවටීමට හිරේ සිටින හිරකාරයන් මැරීමෙන් කුඩු ව්‍යාපාරය මර්ධනය කල නොහැක ..මේක සිරිසේනගේ වෙළද දැන්වීමක් ජන්දෙට …කුඩු කන්ටනේර නිදහස් කල සිරිසේන මේ කරන්නේ රැවටීමක්

        • බබා says:

          කොතනින් හෝ පටන්ගත යුතුයි.මේ 18 එල්ලුවහම කුඩු නතරවෙනවා. එහෙම නෑ කියන්නෙ කොහොමද? එහෙම නොවුනොත් එදාට බලමු.අනික නඩු අහල මරණ දඩුවම් නියමවුනු මුන් මහජන මුදලින් කන්න බොන්න දීල තියාගන්නෙ මොකටද? ඊළඟ වටයට කුඩු ලංසා, කුඩු දුමියා සහ උන්ගෙ හාම්පුතා යවමු.

  4. Alapaluwa says:

    මෙයමගේ මතයයි රටේ සාමය භිෂණය වංචාව මිනීමැරුම් මත්කුඩු ගෙන්වන්නන්.යන මෙකි නොකී සියළුම නිතිය අතට ගෙන ක්‍රියාකරන වර්ගයක් බේදයක් නොබලා එම දඩුවම ක්‍රියාත්මක කලයුතුයි.අපිට කහින මානව හිමකම් යැයි කියාගන්නා උලමන්ට ඩොලර්වලට දෙකට නැමෙන නරපනුවන්ට මගුලක් කරගන්න කියා මේ නිතිය අනිවාර්යෙන්ම ක්‍රියාකරන්න,පසුගිය සුමානයේ ජපානයේ ශෝකෝ ආශාහරා සමග තවත් 6දෙනෙකුත මරණය දඩුවම් දී එල්ලා දමා සිටියා,කෝ එතකොට මේ මානව කියන අම්මගේ වෙ.පුතාලා.එනවද බයිලා කියන්න ජපානයට,ජපානය එවුන්ට බයේ එමනිතිය ක්‍රියාත්මක නොකර සිටියද? එමනිසා රට සාදන්න අවශ්‍ය නම් මෙය මොකා ආවත් කළයුතුමය

  5. පොඩි මල්ලී says:

    එලියට දාපු වචනේ දැන් ක්‍රියාත්මක නොකරත් බෑ… කරලත් බෑ… නොකලොත්.. බැස්ස දේශීය ඡනප්‍රසාදය බිංදුවටම බහිනවා… කලොත් තියෙනවයි කියන ඡාත්‍යයන්තර ඡනප්‍රසාදය බිංදුවටම බහිනවා… හොඳම දේ තමයි පොඩ්ඩක් ෂේප් වෙලා ඉන්න එකා… ඒ හින්දා ඔන්න මං ඉතාලි යනවා…

    • බබා says:

      ජාත්‍යන්තර ජන ප්‍රසාදෙ දිනාගන්න වෙන ක්‍රම තියෙනවා.ඕක ගැන හිතුවනම් යුද්දෙ ඉවරකරගන්න වෙන්නෙත් නෑ.ර⁣ට ඇතුලෙ තියෙන වසංගත රට ඇතුලෙම විසඳගන්න ඕන.චීනෙ වැරදිකලාම ප්‍රසිද්දියෙ දණගස්සලා ඔලුවට වෙඩිතියල මරන්නෙ.එතකොට කෝ ජාත්‍යන්තර රෙද්ද? ඔය සේරම අපි වගේ පොඩි රටවලට.එතකොට තමයි අපිව උන්ගෙ ව්‍යාපාරවල කෙලි බිම් කරගන්න පුලුවන්.ඒත් රජය ඉදිරියට ගත්තු පියවර පසුපසට නොගත යුතුයි.එතකොට සෙසු වැරදි වලට මරණ දඬුවම් ලැබිල ඉන්න අයටත් උණ ගැනෙයි.දැන් අපරාධ කරන උන් හිතන්නෙ මිනියක් මැරුවත් අවුරුදු 7-8න් ආයෙ එලියෙ කියලනෙ.දියුණු හැම රටක්ම දැඩි දඬුවම් දීල තමයි විනය ඇතිකරල තියෙන්නෙ.

  6. එත්කොට අර දාසයදෙනාගේ ලයිස්ය්ජතුවේ මාමලාත් මරලා එල්ලනවා කියන්නේ ඇත්තද්? says:

    එත්කොට අර දාසයදෙනාගේ ලයිස්ය්ජතුවේ මාමලාත් මරලා එල්ලනවා කියන්නේ ඇත්තද්? බෝම හයානකයි. කඩුව පේනවා. වනවයිද?

  7. diyasena says:

    ratathula math kudu wayaparaya meheyawanne MI5 brithanaya rahas oththu sewaya wisin

    • බබා says:

      මේ බලන්න මේ සියලු තොරතුරු ඉතාම හොඳින් දන්න අය ඉද්දි තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වටේ අතගාන්නෙ. මේ දියසේන අරන් ගිහින් ප්‍රශ්න කලානම් මේ කුඩු වසංගතේ සුලමුල හොයාගත්තහැකි.

  8. Hari says:

    Yahapalne yaha magata bihne aurudu 3ta pase neda hariyata keruwanam goda

  9. Sam says:

    Rata vihilu. Patta boru.. ekekwath ellanne na.. maadya sandarshana…

  10. David Milli-banda says:

    Chanda gunduwak

  11. nihal says:

    හිරගෙදරට සෙල් ෆෝන් යන හැටි හොයා බලන්නේ නැතිව , මත් කුඩු ගෙන්වන මහ ජාවාරම් කරුවන් ගැන නොසොයා, ඒ පිටුපස ඉන්නා පොලිස් නිලධාරින් සහ දේශපාලකයන් ගැන නො සොයා පොඩි උන් එල්ලා මැරීම කකුලේ අමාරුවට පිට කොන්දට බෙහෙත් බඳිනවා වාගේය.
    අනික් කාරණාව ඔය මරණ දඬුවම කවදාවත් නොකෙරෙන් එකකි. මෛත්‍රීපාලගේ විහිළු කියා කතා පොතක් සම්පාදනය කල හැකිය.

    • බබා says:

      මේ කතාවේ ඇත්තක් තිබේ.අපේ රටේ අන්ත දූෂිත ආයතන වලින් එකක් තමයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව. දැන් පවතින තාක්ෂණය එක්ක මේ දූෂිතයන් ඇල්ලීම ඉතා පහසුයි. ප්‍රබල CCTV කැමරා පද්ධති සෑම තැනම පිහිටුවා ඒවා වෙනත් ස්වාධීන රජයේ ආයතනයකින් පැය 24 පුරා නිරීක්ෂණය කලයුතුවෙයි. බොහෝ රටවල තාක්ෂණය සංවිධානාත්මක අපරාධ මර්ධනයට යොදාගත්තත් අපරට තාමත් පරිගණක වලින් කරන්නේ ලියුම් ටයිප් කිරීම පමණයි. දැන් සියලු රාජ්‍ය ආයතන පරිගණකගතකර ඔන්ලයින් තැබීමට කාලය පැමිණ ඇත.මෙම තත්ත්වය මගින් කටයුතු කාර්යක්ෂම වෙනවා පමණක් නොව දූෂණ අවම වීමද සිදුවේ.

  12. gorilla says:

    මට ඔනේ නර බිල්ලක්, කොහෙන්හරි ගොඩයන්න නර බිල්ලක් බුහහහා

    • බබා says:

      ඔය වැඩේට හරියනම කෙනා හිට්ලර්. මිනිහා කුඩුත් නැතුව, නඩුත් නැතිව හිරගෙදරට කට්ටිය එවලා හිරකාරයො මරලා බිලිගත්තා.ටිකක් කියලා බලාපන් බුහාහා ගගා ඉන්නෙ නැතිව.

  13. arppayo uba sri lankaawama ellala ewaraney tawa monawada kalpana karanney.

Main News