අපට ඕන වුනේ ලංකාව අලෙවි කේන්ද්‍රයක් කරන්නයි.. ඒත් අද ලංකාව මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානය වෙලා..- මලික්

September 13, 2017 at 10:00 am | lanka C news
අපට ඕන වුනේ ලංකාව අලෙවි කේන්ද්‍රයක් කරන්නයි.. ඒත් අද ලංකාව මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානය වෙලා..- මලික්

නිල නොවන වාර්තාවලට අනුව ශ්‍රීලංකාව දැනටමත් කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙලා තියෙනවා, ශ්‍රීලංකාව මත්ද්‍රව්‍ය, නීති විරෝධී ද්‍රවයවල කේන්ද්‍රස්ථානයක් බවටද පත්ව තිබෙන බවට වාර්තා පල වුනා යයි ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ” දකුණු ආසියාව ලෝකයට විවෘත කිරිම” යන තේමාව යටතේ කොළඹ හිල්ටන් හෝටලයේ දි සාර්ක් ආයෝජන 2017 සමුළුව අමතමින් ප්‍රකාශ කල බව අද ලංකාදීප පුවත්පත වාර්තා කොට ඇත.

එට්කා වැනි ගිවිසුම් හරහා ශ්‍රීලංකාව සැපයුම්දාම, මූල්‍ය,පර්යේෂණ සංවර්ධන, නිර්මාණ යන ක්ෂේත්‍රවල ඉන්දීයානු සාගරයේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රීලංකාව පත්කිරීමට බලාපොරොත්තුවන බවත් හෙතෙම පැවසු බව එම පුවතින් වැඩිදුරටත් වාර්තා කරයි.

6,371 Viewers

7 Comments to “අපට ඕන වුනේ ලංකාව අලෙවි කේන්ද්‍රයක් කරන්නයි.. ඒත් අද ලංකාව මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානය වෙලා..- මලික්”

  1. sisiranu says:

    ඔව් ඉතින් රාජ්‍ය දේපොළ අලවි කේන්ද්‍රස්ථානය කරානේ ….. මෑණියන්ගේ වස්තරේ තමයි ඉතින්

  2. hitan gedara appuhami says:

    කරන ලද සොරකම් වලට, රටට කරන ලද විනාශයට,රාජ්‍ය දේපල විකිණීමට අනිවාර්යයෙන්ම ප්‍රජා අයිතිය අහෝසි කිරීම, සියලු දේපල (බිරිද සහ දරුවන්ගේ ඇතුළුව)රාජසන්තක කිරීම සහ දිවි ඇති තෙක් සිරදඩුවම් හිමිවිය යුතුයි.

  3. Alapaluwa says:

    තමුසෙගේ මහුණ දැක්කම මට මතක්වෙන්නේ කපටි hynna ක් ගේ මුහුණයි මොකද ඒ දෙකේම කිසිම වෙනසක් නෑ කපටිකම ඇස්දෙකෙන් බේරෙනවා යනවලාකෝ ඕයි යන්න පව්නොදී අපේ ලංකාව අසරණ නොකොට.තමුසෙටත් ළඟදීම වගකියන්න වේවි බැඳුම් කරේ මගඩියට ලැහැස්තිවෙලා ඉන්නවා.මේ සුළු කාලයකදී තමුසේ අපේ ලංකාව හොඳම වෙළද කේන්ද්‍රස්ථානයක් කරලා ඉවරයි. කොහේ ඉඳන් පත්වුණු ආපතකයන්ද මන්දා මුන්වනම් හොඳ අපායටම තමයි.

    • asaranaya says:

      කෝ මුන් අල්ලන මත් කුඩු, අච්චර ඇල්ලුවයි කියාවි මෙච්චර ඇල්ලුවයි කියාවි, කතන්දරේ එතනින් ඉවරයි අල්ලගත් දෙවල් වලට වෙච්ච දෙයක් නැහැ, ඒයි නාකි වස්තුව! ඒගැන යමක් කියන්න පුලුවන්ද හිටන්

  4. Rangana says:

    මේ නාකිය තමයි හෙනේ රටටම

  5. ජසයා says:

    තමුසෙලා මේ අවුරුදු දෙකේ කෙරුවේ මේ විනාසේම තමයි. තේරුම්ලිය එකත් ලොකු දෙයක්…

Main News