අපිට ඕන මේ වැඩේ අවුල් කරන්න.. කඩා කප්පල් කරන්න..- ගම්මන්පිල කියයි..

October 26, 2017 at 6:49 pm | lanka C news
අපිට ඕන මේ වැඩේ අවුල් කරන්න.. කඩා කප්පල් කරන්න..- ගම්මන්පිල කියයි..

ආණ්ඩුවට පාළු ගෙයි වලං බිදිමින් සිය ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලිය සාර්ථකව ඉදිරියට කරගෙන යන්න උදව් කරන්න උවමනා නම් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වීම සුදුසු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ අදහස් පල කලේය.

මහා සංඝරත්නය සිය මතය ප්‍රකාශ කරන්න කලින් ඉදන්ම ඒකා බද්ධ විපක්ෂය සිටින්නේ නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නෑ කියන මතයෙයි. නමුත් අප ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත්වුනා කියලා ආණ්ඩුව ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලිය නතර කරනවනම් හරි අපි ඉවත්වීමෙන් එම මණ්ඩලයේ ඝණ පූර්ණය නැතිවෙනවානම් හරි අපි මෙම මණ්ඩලයට සහභාගි වෙන්නෑ.

නමුත් අපි හිටියත් නැතත් ආණ්ඩුව මේ වැඩේ ඉස්සරහට කරගෙන යනවා. නමුත් අපි මේක ඇතුලේ ඉදගෙන එහි වෙන දේවල් එළියට දීම නිසා තමයි මහා සංඝරත්නය පවා දැන ගත්තේ මේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල තුල සිදුවන්නේ කුමක්ද කියලා.

අතුරු කමිටු වාර්ථා හය රටට හෙළි කලේ අපි. මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පසුගිය ජුනි මාසයේ 26 වෙනිදා රටට හෙළි කලේ අපි. මේ කරුනු පිළිබදව  පොත් මුද්‍රණය කරලා සම්මන්ත්‍රණ තියලා මහා සංඝරත්නයට ජනතාවට කරුණු පැහැදිලි කරන්න මෙරට නීති විශාරදයන්ට  හැකියාව ලැබුනා . ඒ සඳහා අපි ඇතුලේ සිට ලබාදුන් තොරතුරු ඉවහල් වුනා.

ආණ්ඩුවට පාළු ගෙයි වලං බිදිමින් සිය ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලිය සාර්ථකව ඉදිරියට කරගෙන යන්න උදව් කරන්න ඕන නම් තමයි අපි මේකෙන් ඉවත් විය යුත්තේ. මොකද  අපිට ඕන මේ වැඩේ අවුල් කරන්න. කඩා කප්පල් කරන්න. ඒ කාර්ය අපි මෙතෙක් කල් සාර්ථකව කලේ මණ්ඩලය තුල සිටිමින් ඒ තොරතුරු එළියට ගෙනා නිසයි. ඒ වගේම ඇතුලේ කල අරගල තුලින් අපි පුළුවන් තරම් මේ ක්‍රියාවලිය ප්‍රමාද කිරීමටද අපිට හැකි වුනා. 2016 ජනවාරි 9 පටන් ගත් මේ  ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලිය අද වෙන විට මාස 19 තිස්සේ ආණ්ඩුවේ ජනප්‍රිය තාවය පිරිහෙන තෙක් ප්‍රමාද කරමින් ඇදගෙන යාමට අපිට හැකි වෙලා තියෙනවා.

ඉතින් අපි හිතනවා මහා සංඝරත්නය කියන නිසා ආණ්ඩුව මේ වැඩේ නතර කරනවනම් හරි ඒකා බද්ධ විපක්ෂය ඉවත්වුනා කියලා මේ වැඩේ නතර වෙනවනම් හරි කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් ඔය දෙකෙන් එකක් වත් වෙන්නේ නෑ.  ඒ නිසා මේ ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලිය ප්‍රමාද කිරීමට ඒකාබද්ධ විපක්ෂය ගත් ක්‍රියාමාර්ග සාර්ථක වෙලා තියෙනවා. මන්ද මහා සංඝරත්නය පවා මේ පිළිබදව දැනුවත් වුනේ අපි විසින් මේ තොරතුරු අනාවරණය කළ නිසයි. මොකද ආණ්ඩුව විසින් හැමදාමත් කිව්වේ මෙහෙම ව්‍යවස්ථාවක් නෑ. ලියවිල්ලක් නෑ. විපක්ෂය බොරුවට රට බය කරනවා කියලයි. නමුත් අපිත් මේ ආණ්ඩුවත් ඉන්න  ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ හිටි නිසා තමයි ඒ තුල ආණ්ඩුව මොකද කලේ මොනවද ඉදිරිපත්වුණු ලියවිලි කියලා රට දැනුම්වත් කරන්නත් මහා සංඝරත්නය දැනුම්වත් කරන්නත් පුළුවන් වුනේ.

– අරවින්ද අතුකෝරල

7,249 Viewers

2 Comments to “අපිට ඕන මේ වැඩේ අවුල් කරන්න.. කඩා කප්පල් කරන්න..- ගම්මන්පිල කියයි..”

  1. Raawana says:

    awul karala kaapiyawu.

  2. puka says:

    umba raawanaa nowei. hanumanthek.

Main News