අපි ඉන්න තුරු හම්බන්තොට වරාය විකුණන්න දෙන්නේ නෑ..- අමරවීර

August 1, 2017 at 3:50 pm | lanka C news
අපි ඉන්න තුරු හම්බන්තොට වරාය විකුණන්න දෙන්නේ නෑ..- අමරවීර

අපි සිටිනා තුරු හම්බන්තොට වරාය විකුණන්න දෙන්නේ නැතැයි ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

‘අද කැබිනට් මණ්ඩලයේ පැය ගණන් කතා කරනවා. වාද විවාද කරනවා. ආණ්ඩු පක්ෂ රැස්වීමේ පැය ගණන් කතා කරනවා. එජාපයේ අය අපේ යෝජනා ගැන කතා කරනවා. අපි එජාපයේ මැති ඇමැතිවරුන්ගේ යෝජනා ගැන කතා කරනවා. දැන් ගොඩක් අය කියනවා. හම්බන්තොට වරාය විකුණුවා කියලා. කොහෙද හම්බන්තොට වරාය විකුණන්නේ. අපි ඉන්නකම් හම්බන්තොට වරාය විකුණන්න දෙන්නේ නැති බව හම්බන්තොට ජනතාව දන්නවා.

එක වෙලාවකට කීවා අවුරුදු 198කට බදු දෙනවා කියලා. පස්සේ අවුරුදු 99කට බදු දෙන්න කියලා ආවා. අපි ඒක අද අවුරුදු 70වකට අඩු කරලා තියෙනවා. මේක බද්දකට වඩා ආයෝජනයක්. මෙහි එකම ඉඩමක්වත් විකුණන්නේ නැහැ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ඉන්න මේ ආණ්ඩුවේ අපි මේ රටේ එක බිම් අඟලක්වත් චීනයට හෝ ඉන්දියාවට විකුණන්න දෙන්නේ නැහැ. එජාපය ඉස්සර ආණ්ඩු කරන කාලයේ හා ශ්‍රී ලනිපයේ ආණ්ඩු කරන කාලයේ එහෙම විකිණීම් කරලා තියෙනවා. පෝට් සිටි එක චීනයට විකුණලා තිබුණා. ජනතාව මුළා කරන්න හදනවා සම්පත් විකුණනවා කියලා. හම්බන්තොට වරායේ ආරක්ෂාව සම්පූර්ණයෙන් කරන්නේ නාවික හමුදාව හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය මඟිනි. ඉඩම්වල පූර්ණ අයිතිය ආණ්ඩුව සතුව තියාගෙන තමයි මේ කටයුතු කරන්නේ. වාණිජ්‍ය කටයුතුවලට හැර හම්බන්තොට වරාය වෙනත් කටයුතු සඳහා යොදා ගන්න අපි ඉඩ තියෙන්නේ නැහැ. විවිධ අය මේ ගැන අසත්‍ය ප්‍රචාර ගෙනියනවා’

– Mawbima

12,214 Viewers

12 Comments to “අපි ඉන්න තුරු හම්බන්තොට වරාය විකුණන්න දෙන්නේ නෑ..- අමරවීර”

  1. Chethiyasena says:

    හප්පේ ඇති යන්තං!

    පපුව නුවරඑලියෙ ගියා වගෙ!

    🙂

  2. Ryan says:

    බූරුවෝ විකුනන්නෙ නැතුව බදු දෙන්න කිව්වෙ ඉඩම්. වරායවල්, තෙල් ටැන්කි, ඉල්මනයිට් නිධිය බදු දෙන්න කිව්වෙ කවුද?

  3. බන්ඩා says:

    අට පාස් ග්‍රාමයටය් බස් කොන්දොස්තරටය් තේරෙන බඩකඩිත්තුවක් නැහැ. යකෝ බදු ගිවිසුම කියවපන්. ඉන්ගිරිසි කියවන්න දන්නෙ නැත්නම් නාමල්ට හරි කාට හරි කියල ගිවිසුම තේරැම් කරව ගනින්.

  4. asaranaya says:

    වමාරාවීර බස්කොන්දොස්තරයෝ මගේ බඩ කලගඹවාගෙන අධෝ වාතයක් යන්න එනවා බන්.

  5. Haramanis says:

    hodata katu lowapan .ubata agamathikama denawa kiuwada hitan.

  6. ExUNPer says:

    අනාගත නායකයා..
    ඔබ හරියටම මයිත්‍රී ජනපතිගෙ පාරෙ යන ලකුණු පේනවා…

  7. රාහුල කොලුවා says:

    ඇමතිතුමා එහෙනං අවුරුදු 70 කට පස්සේ (2087 දී) ඇවිල්ලා මේ වරාය බද්දෙන් නිදහස් කරලා ඡාතිය සතු කරලා දෙන්නකෝ… එතකං අපි බලන් ඉන්නම්… පාර්ලිමේන්තුවේද එහෙම නැත්තං පිස්සන් කොටුවේද ඉන්න ඕන කියලා ඡනතාව ඊගාව මැතිවරණයේදී තීරණය කරාවි…

  8. Raj Gophal says:

    Aa… Kauda kiyal beluwa.. me ape wenda nayakayane…. ane .. ko

  9. Gajaba says:

    Hey Minister Can You understand English in this leasing agreement? In next two years this Fu.. government will sell all national assets in SL. So general public should teach a good lesson for the government

    • Critic says:

      Yes that’s right,Gajaba.He’s knows only how to issue tickets to the passengers.He’s a half-witted bloody fool.He sells his mother too.

  10. Gadol says:

    ශ්‍රී පාදස්ථානයට ගමන් ගන්නා මස්කෙළිය – නල්ලතන්නි මාර්ගයේ උඩමළුවට ආසන්න මරේවත්ත උඩ කොටස, රාජමලේ නම් ස්ථානයේ ගොඩ නඟමින් තිබූ හෝටලයේ ඉදිකිරිම් නවතා තිබුනද එය නැවතත් ක්‍රියාත්මක කිරීමට යහපාලන ආණ්ඩුව යටතේ කටයුතු කරමින් සිටී.

  11. සෙල්ලං සේන​ says:

    අමරෙ ඉන්න තුරු වරාය විකුණන්න ලැබෙන්නෙ නැහැල්ලු.
    අමරෙ නැති වෙලාවෙ වරාය බදු දුන්නලු.
    අවුරුදු හැත්තෑවකට පස්සෙ බද්ද ඉවර වෙනවලු.
    ඒ වෙනකොටත් මිනිස්සු අමරෙලාට ශාප දානවලු.

Main News