අපි ගත්ත තීන්දුව රැඩිකල් නේද.. ව්‍යාපාරික ආධාරකරුගෙන් ඇසූ ශ‍්‍රීලනිප ඇමති පාන්දරම කණ පිරෙන්න අහගනී..

April 10, 2018 at 10:40 am | lanka C news
අපි ගත්ත තීන්දුව රැඩිකල් නේද.. ව්‍යාපාරික ආධාරකරුගෙන් ඇසූ ශ‍්‍රීලනිප ඇමති පාන්දරම කණ පිරෙන්න අහගනී..

ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී තමන් විසින් ගත් තීරණය රැඩිකල් නේදැයි විශ්වාස භංගයේදී අගමැතිවරයාට විරද්දව ඡුන්දය දුන් ශ‍්‍රීලනිප ඇමතිවරයෙකු සිය සමීප හිතවතෙකුට අද පාන්දරම කතා කර විමසා ඇත.

ඇමතිවරයා කිසිසේතම බලාපොරොත්තු නොවූ ආකාරයට ඔහු පිලිතුරු දී ඇත්තේ ඔය ආකාරයේ ඇස්බැන්දුම් තවත් නොකර ඇමතිකම් අතහරිනවා නම් අතහරින්න කියායි.

ඇමති ධුරවලින් ඉවත් වන්නටත් විපක්‍ෂයේ අසුන් ගන්නටත් ඔය කිසිවෙකුගේ හෝ කිසි සභාවක, මණ්ඩලයක අවසරයක් උවමනා නැති බවත් ඉල්ලි අස්විමේ ලිපිය බාර දීම පමණක් ප‍්‍රමාණවත් යයිද ඔහු ආවේගයෙන් කියා ඇත.

කෙසේ හෝ අවසන් තීන්දුවක් නොගන්නේ නම් ඉදිරි මැතිවරණයේද තමන්ගේ දේශපාලන උදව් උපකාර බලාබොරොත්තු නොවන ලෙසද සදහන් කර ඇත.

ගිය මැතිවරණයේදී ආසනයද අන්ත පරාජයට ලක්ව තිබියදී තීන්දුවක් ගැනීමට තවත් ප‍්‍රමාද වන්නේ නම් තමනට කල හැක්කක් නැති බවත් තීන්දුවක් ගෙන මිස තමන්ට නැවත ඇමතීමේ උවමනාවක් නැති බවත් පවසමින් ආධාරකරුවා විසින් දුරකතනය විසන්ධි කර තිබෙන බවද සදහන්.

ඇමතිවරයා විසින් මෙසේ අමතා ඇත්තේ ජනාධිපතිවරණ, මහ මැතිවරණ ඇතුළු සියළු මැතිවරණ සදහා කෝටි ගණනින් මුදල් ආධාර කරන ප‍්‍රබල ව්‍යාපාරිකයෙකුටයි.

29,508 Viewers

3 Comments to “අපි ගත්ත තීන්දුව රැඩිකල් නේද.. ව්‍යාපාරික ආධාරකරුගෙන් ඇසූ ශ‍්‍රීලනිප ඇමති පාන්දරම කණ පිරෙන්න අහගනී..”

  1. jay says:

    If some one wanted to resign just write your letter of resignation and say good bye. Their waiting for the concurrence of H.E and the central committee is a joke. This is not the first time for a sri lankan minister to resign. All these show reluctance on their part to resign.

  2. jay says:

    If any minister wanted to resign, just write a letter of resignation and say good bye. Waiting for the concurrence of H.E and the centrsl committee is a joke. May be what ever they say to the public it looks like they wanted to retain their portfolios. Lajjai!

  3. dasun says:

    Mun gahanne baila. Sepa dala yanne NE. Paw nodi danwath aswela yanna elawanna Kalin.

Main News