‘අපි තරහයි’ චිත්‍රපටයට සමාන වීඩියෝවකින් බුකිය කළඹයි.. ජනාධිපති-අගමැති රණ්ඩුවට සම කරයි..[සිනාවෙන්නන් සදහා පමණයි..]

February 2, 2018 at 11:20 am | lanka C news
‘අපි තරහයි’ චිත්‍රපටයට සමාන වීඩියෝවකින් බුකිය කළඹයි.. ජනාධිපති-අගමැති රණ්ඩුවට සම කරයි..[සිනාවෙන්නන් සදහා පමණයි..]

ආණ්ඩුව කරවන ප්‍රධාන පාර්ශවයන් දෙක මෙවර වෙන වෙනම මැතිවරණයට ඉදිරිපත් වී සිටි. එහෙත් ජනතාව දකින්නේ අඩු වැඩි වශයෙන් ආණ්ඩුවේ හොද සහ නරකට මෙම ප්‍රධාන පක්ෂ දෙකේ උදවිය වගකිව යුතුය යන්නයි.

ආණ්ඩුව කෙරෙහි කලකිරුනු කොටස් විපක්ෂය වෙත යෑම වැලැක්වීමට ආණ්ඩුවේ උපායමාර්ග උපදේශකයින් නොයෙකුත් උපක්‍රම නායකත්වයට සපයයි.

සෑම සතියකටම වරක් එකට අමාත්‍ය මණ්ඩලයේ වාඩිවී ඉතා සහයෝගයෙන් තීරණයන් ගෙන ජනතාව ඉදිරිපිට එකිනෙකා විවේචනය කරගනි.

මෑතකදී කෘතිමව විශාල පොහොර හිඟයක් මවා ටෙන්ඩර් පරිපාටියෙන් තොරව Unsolicited ක්‍රමයට එක් සාමගමකට එනම් ජැට් හෝල්ඩින්ග්ස් JAT HOLDINGS සමාගමට සාමාන්‍ය මිලට වඩා ඩොලර් 50 බැගින් පොහොර ටොන් 50000 ක් ගෙන්වීමට අවසර දුනි.

ඒ අනුව බලන කල ජනතාව ඉදිරිපිට හතුරන් මෙන් ඇන කොටා ගනිමින් ආණ්ඩුවේ පාර්ශවයන් ඉතා සූක්ෂම ලෙස තම තමන්ගේ අභිප්‍රායන් ඉටු කර ගනි.

මේ බැව් හැගෙන විනෝදාත්මක ජවනිකා සහිත එකල ජනප්‍රිය විකට නලුවකු වන ඩී ආර් නානයක්කාර රගපෑ චිත්‍රපටයක කොටසක් මෛත‍්‍රී-රනිල් ගැටුම ලෙස හුවා දක්වමින් අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වෙයි.

40,683 Viewers

6 Comments to “‘අපි තරහයි’ චිත්‍රපටයට සමාන වීඩියෝවකින් බුකිය කළඹයි.. ජනාධිපති-අගමැති රණ්ඩුවට සම කරයි..[සිනාවෙන්නන් සදහා පමණයි..]”

  1. Ranjan says:

    Good one. Cheers for YAHAPALANAYA. Kadimai.

  2. gaps says:

    Ha…..haaaaa…..ela….
    Elaaaaaaa.

  3. ගමරාල says:

    ඩීී.ආර් නානයක්කාරයි ලැටීෂියා පීරිස්ගෙයි චරිත දෙක සමාන කරන්න ඇත්තේ අගමැතිගෙයි ඡනපතිගෙයි රණ්ඩුවට..පර්ල් වාසුදේවීගේ චරිතය සමාන කලේ කාටද..? සමහරවිට කිරිඇල්ල මහත්තයට වෙන්න ඇති.. එයා කිව්වනේ මේ දෙන්නගේ රණ්ඩුව 10 වෙනිදා වෙනකං විතරයි කියලා.. ඊට පස්සේ දෙන්නා අදාරවන්තයෝ වගේ ඉන්නවා කියලා…

  4. chamma -sada STF says:

    GINDARA DRAMA EKA…. Thank you

  5. Pina says:

    ඕක තමයි අපි කියුවේ …ඕක තමයි අපි කියුවේ….බොරුවට අපි බැන ගත්තත් යාලුවෝ අපී ….

  6. indunil says:

    eka gedara deega kana kota daruwangae jaathakaya…………….?

Main News