අපි දිනුවත් පරාදයි.. පැරදුනත් පරාදයි..- අලුත් ව්‍යවස්ථාව ගැන ගෝටා වියත් විචාරයක..

December 7, 2017 at 3:00 pm | lanka C news
අපි දිනුවත් පරාදයි.. පැරදුනත් පරාදයි..- අලුත් ව්‍යවස්ථාව ගැන ගෝටා වියත් විචාරයක..

බලය බෙදීමක් ගැන ඇතැමුන් කතා කරන්නේ මේ රටේ වෙනත් රාජ්‍යයක් ඇති කරන්නට බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

මෙරට දෙමල ජනතාවගෙන් 68%ක් පමණ ජීවත් වන්නේ උතුර හා නැගෙනහිර නොවන බ‍්‍රදේශවල බවද ඔහු පෙන්වා දෙයි.

එනිසා උතුර හා නැගෙනහිර සදහා බලය බෙදීමක් මගින් සියළුම දෙමල ජනතාවගේ ගැටළුවලට පිලිතුරු සැපයිය හැකි නොවන බවද ඒ මහතා සදහන් කරයි.

එළිය සංවිධානය ජාතිවාදී සංවිධානයක් යයි හංවඩු ගසන්නට හැදුවත් එය එවන් සංවිධානයක් නොවන බවත් සංවිධානයේ බලාපොරොත්තුව මෙරට ජීවත්වන සිංහල දෙමල මුස්ලිම් සෑම ජන කොටසකටම ගෞරවණීය ලෙස ජීවත් වීමට හැකි රටක් ඇති කිරීම බවත් ඔහු කියා සිටියේ එලිය සංවිධානය විසින් සූදානම් කර තිබූ උත්සව සභාවක් අමතමිනි.

ූසංවිධානයේ සටන රට බෙදනවාට විරැුද්දව බවත් කී ඔහු නව ව්‍යවස්ථාවක් ගෙන ඒම පාර්ලිමේන්තුව තුලදීම පරාජය කල යුතු යයිද කියා සිටියේය.

යම් ලෙසකින් නව ව්‍යවස්ථාව වෙනුවෙන් ජනමත විචාරණයක් පැවැත්වුවහොත් එය දිනුවත් පැරදුනත් රට පරාද බවද රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් එහිදී කියා සිටියේය.

13,403 Viewers

14 Comments to “අපි දිනුවත් පරාදයි.. පැරදුනත් පරාදයි..- අලුත් ව්‍යවස්ථාව ගැන ගෝටා වියත් විචාරයක..”

  1. lion says:

    ප්‍රභාකරන් මියගියාට ශ්‍රී ලංකාව අත්පත් කරගැනීමේ ඊලම් සිහිනය බොඳ​වෙලා නෑ

    https://www.youtube.com/watch?v=H4okvfdm7uk

  2. හෙළබිම සත්ත says:

    හෙළබිම රකිනා මහ සෙනෙවියනි..
    ඔබව “හෙළබිම සත්ත” විසින් රකිනවා සත්තයි..
    ඔබට නිදුක් නීරෝගී සුවය වේවා.. තෙරුවන් සරණයි.. දෙවි රැකවරණයි..

  3. Aurora says:

    සම්පුර්ණ සත්‍යක්. මේ සත්‍ය රටට ජනතාවට එළිකිරීම ඔබතුමාට තර්ජනයක්. හැකි ඉක්මනින් රට කඩන ව්‍යවස්ථා දොලපිදේනිය NGO සහ විදේශ බෙදුම්වාදීන්ට දීම යහපාලනයේ අරමුනයි. ඒ සඳහා පාර්ලිමේන්තුවේ චන්ද 2/3 එනම් 150 ක් ගතයුතුයි.
    දේශපාලන පක්ෂ ජාති කුලමල ආගම් සහ එක එක අයගේ පිල් විදිහට බෙදෙන්නේ නැතිව එකම ශ්‍රී ලංකාව විදිහට එකතු නූනොත් මේ සැරේ අපේ රට කපෝතියි. විධායක ජනාධිපති තනතුරේ බලය ඉදිරියේ අභීතව සිටින ඒකාබද්ද විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කැපකිරීම් ඉතා ඉහලින් අගය කල යුතුයි.යමපලනය සමඟ සිටින මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුල රටට පක්ෂව තීරණාත්මක මොහොතකදී ක්‍රියාත්මක කිරීමට මහජනයා සහ චන්දදයකයින් විදිහට ඔවුන් පොළඹවගන්න අපි කටයුතු කල යුතුයි. ඒ සඳහා හොඳම පෙළඹවීම කලහැක්කේ පළාත් පාලන චන්දෙන් UNP සහ SLFP අන්ත පහලට දැමීමෙන් පමණි. ඒ නිසා මෙතෙක් යමපලනය සමඟ සිටි මන්ත්‍රීවරු මේ ඓතිහාසික අවස්ථාවේ රට කඩන ව්‍යවස්ථාවට විරුධව චන්දෙ දීමම අගයකරමින් ඔවුන් ශක්තිමත් කරමු. මෙතක් යහපාලනය සමඟ මොන හේතුව මත හෝ සිටිය කියා රට කඩන ව්‍යවස්ථාවට පක්ෂ ද්‍රෝහීන්ගේ ගොඩට ඔවුන් තල්ලු කිරීමම බෙදුම්වාදයට උදව්කිරීමකි.

  4. Sunil says:

    ඔව් අපි දන්නව උඹල බඩ එලිය විපත් මග කියලා සංවිධාන හදාගෙන නැවත බලයට එන්න හදන්නෙ රටට හා ජනතාවට තියෙන ආදරේට කියල

    • Bobby Pereira says:

      Ado Sunil. Aren’t you a m.ther fu..ing bast..d? Both MR and GR àre in trouble today simply because they love the country and the people including innocent Tamils. MR and GR are only Sri Lankan leaders who had guts (and the balls) to ask the Sudda buggers to go to hell. If they gave into Kouchner and Miliband and stopped the war that Prabha would have survived and would still be killing Sri Lankan people including you. If they did that still MR would be in power. Sad thing is ungrateful people or animals like you don’t understand it. If not for Gotabhaya even you would be six feet Under by now.

    • Sunilge Amma says:

      Ane mata samawenna. Moota daanna thibune Goonil kiyala.

    • daham says:

      thopita dan bada eliya yanawa. thopita aayi nam me rate bala labenne nathi bawa danna nisaa. kaalakanni.

  5. buruputha says:

    Ado burusunilo thota badaeliya yanava athi meva dak Kama. Ape GOTHABAYA mathidunva DEVIYAN VAHANSE aaraksha Karanava niyathai.

  6. ආචාර්ය සුගත් වීරසේකර says:

    ගෝඨාභය රාජපක්ෂ යුද්ධකලාට දේශපාලනය ගැන අවබෝධයක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගැන දන්න කෙහෙල්මලක් නැහැ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හොඳ නැහැ කියල මහින්ද රාජපක්ෂ මොනතරමි අරගල කළාද? මහින්දගෙ මැතිවරණ ප්‍රකාශවල අළුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හා බලය බෙදීම ගැන සදහන් උනා නේද? ගෝඨාභයට දේශපාලනය සුදුසු නැහැ.

    • piyal says:

      Gotada ,Mahindada, MY3 da Ranil da kiyana eka nemei prasnaya, api yuddaya awasana karannata indiawata deepu poronduwak thiyanawa, e deshapalana balaya bedimak karana bawata, ekai indiawa kotiyata gahanna ida dunne, naethinam 87 wage lankawata hamudawak ewala eka nawathwanawa.Dan thiyenne JR kala wage me prassanayata buddimathwa uththara hoyana eka, mama puthgalikawa hithanna demala prasnayata wada muslim acramanaya balawath bawa, eth vilpaththu winasaya wage dewal walata gotabaya maethidun kisima saddayak naeha.

  7. ආනමඩුවෙි නන්ද හිමි says:

    එහෙනමි 1978 JR ගෙ ව්‍යවස්ථාව දිගටම ගෙනියන්නද කල්පනාව? මොන මගුලකටද මේ පවතින ව්‍යවස්ථාව හොඳ නැහැ කියල සිරිමලා, චන්ද්‍රිකාල, මහින්ද රාජපක්ෂල අරගල කළේ? ගෝඨාභයට කවදාවත් සාර්ථක රාජ්‍ය පාලකයෙක් විය නොහැකියි. ඔහු ජන පීඩකයෙක්.

  8. අනුරාධ ඒකනායක says:

    යුද්ධ කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනය කියන්නෙ දෙකක්. බොහෝ අය හිතනව යුද්දෙ දිනුවම ඒ අනුගමනය කළ ක්‍රමවෙිදයම රාජ්‍ය පාලනයටත් ගැලපෙනව කියල. ජාතිවාදය කරතියාගෙන යන පිරිසෙන් කොටසක් ගෝඨාභය ගේන්න ඔනි කියන්නෙ ඒකයි. ගෝඨාභය ජනාධිපති අයියගෙ බලය අරගෙන අමාත්‍යවරැන්, නිළධාරීන් බියගන්වා වැඩ කළාට එම වැඩවල පැවැත්මක් නැහැ.

Leave a Comment

Main News