අපේ වාර්තාව අතිශයින්ම සත්‍යයි.. ‘රෝ’ ඝාතන කුමන්ත‍්‍රණය ගැන කියලා දැන් පණුවෝ වගේ ඇඹරෙනවා..- ‘ද හින්දු’ තවත් සැර වෙයි.. ප‍්‍රධානියා වාර්තාව තහවුරු කරයි..

October 20, 2018 at 10:40 am | lanka C news
අපේ වාර්තාව අතිශයින්ම සත්‍යයි.. ‘රෝ’ ඝාතන කුමන්ත‍්‍රණය ගැන කියලා දැන් පණුවෝ වගේ ඇඹරෙනවා..- ‘ද හින්දු’ තවත් සැර වෙයි.. ප‍්‍රධානියා වාර්තාව තහවුරු කරයි..

ඉන්දීය රෝ සංවිධානය විසින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඝාතනය කිරීමට උත්සාහ දරන්නේ යයි කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා විසින් කී බවට තම පුවත්පත විසින් පලකල පුවත වෙනුවෙන් පෙනී සිටින බව ඉන්දීය ‘ද හින්දු’ පුවත්පතේ හිටපු කර්තෘ මෙන්ම ‘ද හින්දු’ මාධ්‍ය සමාගමේ සභාපති එන්. රාම් පවසයි.

සභාපතිවරයා විසින් ට්විටර් පණිවුඩයක් මගින් සදහන් කර ඇත්තේ කොළඹ සිටින තම වාර්තාකරිනිය හා ඇය වාර්තා කල පුවත වෙනුවෙනුත් පෙනී සිටින බවයි.

‘ශ‍්‍රී ලංකාවේ සිටින අපේ වාර්තාකාරිනිය එම පුවත වාර්තාකරනයට පෙර මූලාශ්‍ර කිහිපයකින්ම තොරතුර තහවුරු කරගෙන තිබෙනවා. දැන් ඔවුන්ට ප්‍රතික්ෂේප කිරීමට ඉඩ දෙන්න. ඔවුන් කරන ප්‍රකාශන් හේතුවෙන් දැන් පණුවෝ වගේ ඇඹරෙනවා. නමුත් කරුණු සොයා බලා අපේ වාර්තාකාරිනිය කරන ලද වාර්තාව අතිශයින්ම නිවැරැදියි. එම පුවත වෙනුවෙන් පෙනි සිටිනවා’ යයි ඔහුගේ ට්විටර් පණිවුඩයේ දැක්වෙයි.

28,349 Viewers

8 Comments to “අපේ වාර්තාව අතිශයින්ම සත්‍යයි.. ‘රෝ’ ඝාතන කුමන්ත‍්‍රණය ගැන කියලා දැන් පණුවෝ වගේ ඇඹරෙනවා..- ‘ද හින්දු’ තවත් සැර වෙයි.. ප‍්‍රධානියා වාර්තාව තහවුරු කරයි..”

  1. සීගිරි says:

    Raw Raw Raw the boat … මේ අශුචි වලේ පණුවන්ට ජනතාවගේ අප්‍රසාදය එල්ල වන විට ඒ විරෝධය වෙන අතකට හරවන්න කල ලඳ බොලද උත්සහයක් බවයි පෙනෙන්නේ..

    • shantha says:

      සිසුවා අපහරණය කළ උකුවෙල ප්‍රා. සභාවේ මහින්දගේ මන්ත්‍රී රක්ෂිත බන්ධනාගාරයට

  2. හැකහැක says:

    අයියෝ රටේ මුල් පුරවැසියා පණුවලු *******
    අපි කිරි පණුවොද එතකොට???

  3. රත්නසේන says:

    වැදගත්වන්නේ ප්‍රවෘත්තිය නෙවෙයි – හින්දු පුවත්පතේ මාධ්‍ය ප්‍රතිපත්තිය සහ ස්ථාවරයයි! – අපේ රටට මෙය හොඳ පාඩමකි!

  4. Banda says:

    We ordinary Sri Lankans do not know the veracity of that Hindu repot. For one thing, we know that throughout it’s short history, India has been a thug and a bully to all its immediate neighbours.

  5. Love nature says:

    චීනය අපගේ පැරණි මිතුරා ය. නිර්මල බුදු දහම සොයා ෆාහියන් සහ හියුන්සාං යන චීන භිකෂුන් වහන්සේලා මෙහි පැමිණීමටත් පෙර චීනය අප හා සම්බන්ධකම් පැවැත්වී ය. රුසියාව ද අපගේ මිතුරා ය. පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු යෝජනා ගණනාවකට ම රුසියාව එරෙහි විය. ඉන්දියාව ද අපගේ මිතුරා ය. එහෙත් ඉන්දියාවේ විශේෂත්වයක් තිබේ. එනම් ඒ රට අප සම්බන්ධයෙන් දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි. ඉන්දියාව විටෙක කොටින්ට විරුද්ධ ය. විටෙක කොටින්ට පකෂ ය. විටෙක යුද්ධයට විරුද්ධ ය. විටෙක යුද්ධයට පකෂ ය. එයට හේතුව චීනයේ හා රුසියාවේ ස්ථාවර ශක්තිමත්, කිසි ලෙසකින්වත් සෙලවිය නො හැකි ආණ්ඩු තිබීමත් අස්ථාවර සභාග ආණ්ඩු මත යැපීමට ඉන්දියාවට සිදුව තිබීමත් ය. ප්‍රභාකරන්ට පකෂ වීමට ජාතියක් වශයෙන් ගත් කල ඉන්දියාවට කිසිදු චර්යාත්මක අයිතියක් නැත. රජීව් ගාන්ධි ඝාතනය කරන ලද්දේ ප්‍රභාකරන් විසිනි. එහෙත් දේශපාලන බලය උදෙසා මේ කාලකන්නි ඉතිහාසය අමතක කිරීමට ඇතැම් ඉන්දියානුවන් සුදානම් වීම ඛේදවාචකයකි.

  6. Gunadasa kalupahana says:

    Love nature ගේ විග්‍රහය ඉතාම නිවැරැදියි.

Main News