අප කියන විදිහට කරනු.. තහනම ඉවත් කරන්නේ එවිට පමණයි..- ශ‍්‍රී ලංකා රජය ෆේස්බුක් සමාගමට දන්වයි..

March 13, 2018 at 9:20 am | lanka C news
අප කියන විදිහට කරනු.. තහනම ඉවත් කරන්නේ එවිට පමණයි..- ශ‍්‍රී ලංකා රජය ෆේස්බුක් සමාගමට දන්වයි..

ජාතිවාදය සහ ජාතික ආරක්ෂාවට හානි වෙන වෙබ් අඩවි භාවිතයෙන් ඉවත් කිරිම ඇතුලූ රජය ලබාදෙන කොන්දේසි ඉටුකිරිමට ෆේස් බුක් ආයතනය කටයුතු කළහොත් එම තහනම ඉවත් කිරිමට පියවර ගන්නා බව විදුළි සංදේශන ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

ෆේස්බුක් ආයතනය සමඟ මේ පිලිබඳව දිගින් දිගටම සාකච්ඡා සිදුකරමින් සිටන බවත් ඔවුන්ගෙන් යහපත් ප‍්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

ෆේස්බුක් තහනම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා මෙසේද කීය.

‘අපිට මේක දේශපාලන ප‍්‍රශ්ණයක් නෙමෙයි. නමුත් ජාතික ආරක්ෂාවට හෝ ජාතිවාදය අවුස්සන ප‍්‍රශ්ණ වලට ඉඩ ලබාදිය නොහැකියි.

මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න ෆේස් බුක් ආයතනය නිර්දේශය දෙනකං තමයි අපි බලන් ඉන්නේ. ජාතිවාදය ඇතුලූ කරුණු සම්බන්ධයෙන් වෙනස්කම් කරන්න කියලා අපි දිගින් දිගටම ඉල්ලීම් කරලා තිබුණට එම ආයතනය ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් අරගෙන තිබුනේ නැහැ.

මෙම ගැටලූවේදී මේක තමයි අපිට තිබුන ලොකුම බාධකය. නමුත් මේ අය දිගින් දිගටම මේ ගැන කිසිදු දෙයක් කරලා තිබුනේ නැහැ. ඒ අය කියන්නේ සිංහල කියවන්න පුලූවන් අය ඒ අයට අඩුය කියලා.

එදා දවසේ අපි මේ තීන්දුව ගත්තේ නැත්නම් මේ ප‍්‍රශ්ණය විසදන්න ලැබෙන්නේ නැහැ. ෆේස්බුක් ආයතනය අපිට කියලා තියෙනවා මේ සම්බන්ධයෙන් කථා කරනවා කියලා. මේ සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනයේ තීන්දුව ලබාදෙනකන් අපි බලාගෙන ඉන්නේ.
ජාතිවාදය සහ ජාතික ආරක්ෂාවට හානි වෙන බවට විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව හෝ සර්ට් ආයතනය හෝ දෙන ඕනෑම වෙබ් අඩවියක් අයින් කරනවා කියන කොන්දේසිය ඔවුන් අපිට ලබා ලබාදිය යුතුයි.

ඒ වගේම සිංහල කියවන්න පුලූවන් වැඩි දායකත්වයක් ගන්න අය ෆේස්බුක් එකට ඇතුළත් කරගන්නවනම් අපි මේ තහනම ඉවත් කරගන්නවා කියන එක තමයි අපේ ස්ථාවරය’ යැයිද ඔහු පැවසීය.

– lankadeepa

26,954 Viewers

27 Comments to “අප කියන විදිහට කරනු.. තහනම ඉවත් කරන්නේ එවිට පමණයි..- ශ‍්‍රී ලංකා රජය ෆේස්බුක් සමාගමට දන්වයි..”

  1. Sam says:

    There was no any restriction even during the Tamil war perioed, but this time they have blocked whats up and viber, how people can communicate with overseas parties? This government should go home forever.

    • Amda says:

      FB staff must be meeting the stupidest humans on earth 😀

      • Sandy says:

        ලංකාව තුල ජාතිවාදය පැතිරවීමට එරෙහිව මාක් සකර්බර්ග් ඇතුලු වට්ස්-ඇප් වයිබර් ප්‍රධානීන් අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කල යුතුයි හිටං

  2. saman says:

    How About Tamil Language

    • Chandiya says:

      They can do any thing as the majority in this banana land him…Hii…

      • Deen says:

        There are enough Tamils working at Facebook. Tamils from India are well known for their influence on IT sector of the world.
        Just one simple example – Sundar pichai, CEO – Google is tamil

  3. ඇත්ත says:

    සංස්කෘතිය ආරක්ෂා කර දීම රජයේ යුතුකමයි…දේශීය ජලයක් හදමු…කෝ වැඩ්ඩො ඉන්නවද?

    • SLNew tech says:

      There is one platform building at the moment. This one is named as ‘INFIXD’ and will be released in the next may. There are so many options to address all of these cruicial problems in that. There is a beta version of this app at http://infixd.com

    • kadiya says:

      අලුතෙන් ජාල හදන්න දෙයක් නැහැ සිරයි -හොරයි රටම ජං ජාලයක් කරලයි තියෙන්නේ.

  4. Ranjan says:

    ලංකාවටම දෙන අන්තර්ජාල සම්බන්ධය අත්හිටවනු

    • SWoRD says:

      අද මං ගියා කොළඹින් කිමී130 ක්දුර ගමකට​. එහි බසයක් යන්නෙ උදේ හා සවස පමනයි. ටවුමට වැඩට යන අයට​.
      එහි කඩේ ක වැඩකරන ගෑණු ලමයෙක් මෙහෙම බනිනව ෆෝන් එක පෙන්වලා ” ෆේස් බුක් හිර කරලලු. මුන් වගේ මෝඩ හරක්. මේකෙ එකක් ඩවුන්ලෝඩ් කර ගත්තම ෆේස් බුක්වැඩ​. මාමට කියල දෙන්නද” කියා මගෙන් අහනවා.

      අද තත්ත්වය ඕකයි. හනමිටි ගොන්නුන් ගෙ ආණ් ඩුව දන්නෙ මොනවද​.

  5. jee says:

    Anyway respect for the bold decision…
    As a government you should have that sort of backbone …
    Very nice ..

  6. geeth says:

    රටට ආදරය කරන බුද්ධිමත් පිරිස හැකි ඉක්මනින් මහජනතාවට ඇත්ත දැන ගැනිමට යැකි ජාලයක් ඇති කරන්න

  7. Sunil says:

    Facebook will never accept the conditions made by SL government, This fool minister think they can do anything because they behave like super men in this small island. It is a shame such a uneducated fool ministers for whole country

  8. Premasiri says:

    මෝඩ තකතිරි අන්ඩුව ගෙදර යවමු..මුන්ට පුලුවන් හොරකන්න විතරයි…fb තහනම් කරපු උන් ගෙද්‍රර යවන campaign එක පටන්ගමු

  9. Aruna says:

    අවෙ free wifi දෙන්න.දැන් තිබ්බ face book එකත් නැ.ලැජ්ජයි ඔයි ලැජ්ජයි.

  10. Aurora says:

    පේස්බුක් තහනම් වචන සෙට් එක වහාම පේස්බුක් කොම්පැනියට යවනු. ඊට යටත්ව පේස්බුක්, Whatsapp, Viber පහසුකම් ලබාදී අපේ දරුවන් නෑයන් හා සම්බන්ධතා පවත්වන්න ඉඩදෙනු.
    මෙන්න වචන සෙට් එක. සංශෝධනයට (එකතුකිරීමට) යටත්ය.
    ආප්ප, මහබැංකු, වංචාව, හොරකම, මහමොලකරු, අර්ජුන්, ඇලෝසියස්,මාමා, බෑනා, බොරු, හම්බන්තොට, වරාය, යහපාලනය, පොහොට්ටුව, “සිංහල, දෙමල, මුස්ලිම් හා පර්යාය වචන”,බොරුපති, පඹයා, මැතිවරණ, ප්‍රතිශතය, ජය, පරාජය.

  11. Lakmal says:

    වසන්ත දේශප්‍රිය ලේකම්තුමනි ඉල්ලා අස්වන්නේ කවදද? මේකටද කෛවාරුව?

  12. දිවැසින් දැකීම says:

    මීළඟට ජාතික ආරක්ෂාව ගැන හිතල යහපාලන රජය ගන්න තීරණය තමා ජාතික ආරක්ෂාවට බාධාවක් වෙන නිසා මැතිවරණ දිනනියමයක් නැතිව කල් දැමීම.

  13. Thinker says:

    People Will give you the answer in next election. We are really fed up of what’s happening and how authorities solve issues.

  14. Susuwa says:

    සමාජ ජාල තහනම මහින්ද ගේ කාලේ කරානම් ලංකාවේ පොෂ් සමාජය කියන්නේ : “බලන්න මේ මනුස්සය බල තණ්හාවට කරන දේවල්.. හරිම චීප් නේද ?”

    හැබැයි දැන් කියන්නේ : “ඇත්තටම ඔය සෝෂල් මීඩියා ඔක්කොම තහනම් කරන්න ඕන ඔය කොල්ලයි බල්ලයි ඔක්කොම ඕකේ කොම්මෙන්ට් කරනවනේ. අනවශ්‍ය ප්‍රශ්න නේද ?”

  15. බබා උක්කුන් says:

    Aurora ඕකට ඇතුලත් කරන්න ඕස්ට්‍රේලියන් ආධාර සහිත වාරි යෝජනා ක්‍රම, රුසියාවෙන් යුධ නැව් මිලදී ගැනීම, පරණ ගුවන් යානා මිලදී ගැනීම,

  16. Chami says:

    එතකොට දෙමළ දන්න අය FB එකෙ ඔින තරම ඉන්නවද?

    • Dushantha says:

      හා හා දෙමළ බාෂාව ගෑන නන් මොකුත් කියන්ඩ එපා. ඒක ෂන්හිඳියාවට හොඳ නෑ.

  17. Alfred says:

    This is just like warning a small rabbit to a lion………..Why they want listen to Sri Lanka…. Even any Sri Lankan not use FB waht is the loose for them. Nikan modayo wenda epa…..

  18. Dushantha says:

    2015 ජනවාරි 8 වෙනිදා හන්සයට කතිරෙ ගෑහුවෙ ෆ්‍රී වයි ෆයි අරන් ඈති තරන් ෆේස් බුක් යන්ඩනෙ. දෑන් ඉතින් විඳවපල්ලා. රට පුරා බෝම්බ පුපුරලා දහස් ගානක් මෑරුන යුද්දෙ කාලෙවත් සමාජ ජාලා තහනම් කරේ නෑ. හන්සයට කතිරෙ ගහපු සක්කිළින්ට ඔහොම වෙලා මදි.

  19. nimal says:

    කොළ අතු ඇඳගෙන කැලෑවකට රිංගලා සත්තුන්ට ගල් ගහලා මරාගෙන කාලා ජීවත්වෙමු.

Main News