අභියාචනාධිකරණය නඩුවක් විභාගවෙමින් පවතින කුලියාපිටියේ මහානුගලන්ද අක්. 80 ක වත්ත ඝානාහි ගරාජ්කරුවකු අතට ගියේ කෙසේද?

January 9, 2017 at 12:21 am | lanka C news | ලංකා සී නිවුස්
අභියාචනාධිකරණය නඩුවක් විභාගවෙමින් පවතින කුලියාපිටියේ මහානුගලන්ද අක්. 80 ක වත්ත ඝානාහි ගරාජ්කරුවකු අතට ගියේ කෙසේද?

කුලියාපිටියේ නගරයේ කුරුණෑගල ප්‍රධාන මාර්ගයයේ ලබුයාය පිහිටි මහානුගලන්ද අක්. 80 ක වත්ත සම්බන්ධයෙන් මේ වනවිට අභියාචනාධිකරණය නඩුවක් විභාගවෙමින් පවති.

මෙම ඉඩම මහා භාරකාර දෙපාර්තමේන්තුව අයත්ව තිබෙන අතර මේ සම්බන්ධයෙන් වෙනත් පාර්ශ්වයක් විසින් එහි අයිතිවාසිකම් තමන්ට හිමි යයි පවසමින් මහේස්ත්‍රාත් උසාවියේ නඩුවක් ගොනු කොට එය මේ වනවිට අභියාචනාධිකරණය නඩු අංක CA/WRIT/154/2016 යටතේ විභාග වෙමින් පවතින අතර පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනි සිටින්නේ ජෙෂ්ඨ නීතිඥ සේනානි දයාරත්න මහතා වන අතර මහා භාරකාර දෙපාර්තමේන්තුවට විරුද්ධව නඩුව ගොනුකර ඇති පැමිණිලි පාර්ශවය කුලියාපිටියේ පදිංචි කේ. ජී. රවින්ද්‍ර ඇතුලු කණ්ඩායමකි.

මේ අතර මෙම ඉඩම පොදු කටයුත්තක් සඳහා අවශ්‍යයයි පවසා දින 100 ආණ්ඩුවේ විසින් ගැසට් පත්‍රය නිකුත් කොට ඇත. එහෙත් ඉහත නඩුව විභාගවෙමින් පවතින බැවින් රජයේ අවශ්‍යතාවය සඳහා එහි වටිනාකම තක්සේරුකොට රජය මගින් මහා භාරකාර දෙපාර්තමේන්තුවට ගෙවිමෙන් පසුව අදාළ ඉඩම නිදහස් කිරීමට හැකියාවක් තිබුනත් අභියාචනාධිකරණය විභාගවෙමින් පවතින නඩුව අවසන් වන තුරු එසේ කිරිමට නෛතික බලයක් කිසිම පාර්ශවයකට නොමති බව නීති විශාරදයන් ගේ මතයයි.

එමෙන්ම යහපාලන යයි කියන රජයකට අධිකරණයට බලපෑමක් වන අන්දමින් මෙසේ අධිකරණයේ නඩුවක් පවතින දේපලක් සම්බන්ධයෙන් මැදිහත් වීම කොහෙත්ම අනුමත කිරීමට නොහැකි බව සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන්ගේ ද අදහසයි.

එහෙත් ජර්මනියේ වොක්වගන් නිෂ්පාදන කර්මාන්තශාලා වෙනුවට අප්‍රිකාවේ ඝාහනාවල ලියාපදිංචි වාහන ආනයනය කොට අලෙවි කරන කාර් සේල් මධ්‍යස්ථානයක් වන වෙස්ටර්න් ඔටෝමොබයිල් සමාගම (Western Automobile Centre Adamafio Rd, Lagos Ave., East Legon. Accra. GHANA) 2017 ජනවාරි 3 වෙනිදා වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් ආරම්භ කිරිමට මෙම දේපළ තුල මුල්ගල තබන ලදි.

මේ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ලා සමඟ ඝාහනාවල ලියාපදිංචි වාහන ආනයනය කර අලෙවි කරන වාහන සේල් හිමිකරු වන රීසා රවුෆ් ද සහභාගි වූ අතර එම සමාගම 2009 වසරේ ඝාහනාවල ලියාපදිංචි කරන ලද සමාගමකි.

කොළඹ සිටින නොයෙල් සෙල්වනායගම් නැමැත්තාට මෝටර් රථ කොටස් ආනයනය කොට එවා එකලැස් කොට අලෙවි කිරීමට අවශ්‍ය වාහන අංගනයක් සඳහා රටේ පුන්‍ය සම්පත් භාරව කටයුතු කරන මහා භාරකාරත්වයට අයිති කුලියාපිටිය ලබුයායේ මහා නුගලන්ද නැමති අගනා ඉඩම ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය මගින් වොක්ස්වගන් මෝටර් රථ කර්මාන්තශාලාවක් ඉදිකිරිමට යයි දැනුම් දී මහා භාරකාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලුම් කොට වෙස්ට්ර්න් ඔටෝමොබයිල් සමාගමට පෑවරීම සිදු කොට ඇත.

19,548 Viewers

6 Comments to “අභියාචනාධිකරණය නඩුවක් විභාගවෙමින් පවතින කුලියාපිටියේ මහානුගලන්ද අක්. 80 ක වත්ත ඝානාහි ගරාජ්කරුවකු අතට ගියේ කෙසේද?”

  1. දුගී_පුරවැසියා says:

    ග්‍රාමසෙවකගේ මපට් ශෝ එකට මේවා අදාල නැත.

  2. සුරන්ජන් says:

    මොනවා කරන්නද බ්‍රා දැන් නඩුත් හාමුදුරුවෝන්ගේ බඩුත් හාමුදුරුවෝන්ගේ ……… ඕකට තමා යහපාලනය කියන්නේ,
    අනේ අපරාදේ අපේ රටේ යහපාලනය කියන වචනයට කරන අවනම්බුව. ඒ වචනය මේ පාලකයෝ උන්ගේ හැම කුපාඩිකමක්ම වහගන්න අවභාවිතය කරනවා.

  3. Ghana Man says:

    Western Automobile Profile

    http://cars.wacghana.com/?page_id=1765

    Company Profile

    Western Automobile Centre Limited is a wholly Ghanaian owned company providing a comprehensive range of services in the automobile industry. The company is built on the skills and experience of a group of outstanding professionals, all of whom have proven track record.
    Background
    Western Automobile Centre Limited is a limited liability company incorporated in Ghana in the year 2009 under the Company’s Code of 1963 (Act 179) with registration number CA-21,429. WAC specializes in the sales and servicing of Toyota, Nissan and Mitsubishi brand of cars and has over the years gained a great deal of experience and maturity.
    From its first year of operation, WAC has been successful in providing automobile products and services to its clients, which are made up of Government Ministries and Agencies, Parliamentarians, Financial Institutions, Private Companies and individuals in Ghana. In addition Customers vehicles are also supplied to neighboring countries on competitive prices.
    WAC has also played a major role as an immediate alternative to end-users and owners of vehicles by providing very flexible and affordable purchasing options, thus creating a strong completive advantage in the industry.

  4. anjanam devi says:

    Ha ha..usaviyata apahasa karanna epa. Api angili gahuwe ne. Athama gahuwa witharayi. paththarakarayo adina anchi.

  5. magilin says:

    aanduwe borukarayinge balala mallen eliyata penna.

  6. anjanam devi says:

    හා හා ..උසාවියට අපහස කරන්න එපා . අපි ඇඟිලි ගැහුවේ නැහැ . අතම ගැහුවා එබුවා විතරයි . පත්තරකාරයෝ අදින අංචි .

Main News