අමරවීරට ලැබෙන බලවත් තනතුර නිමල් සිරිපාලගේ ජ්‍යෙෂ්ඨත්වය නොසලකා හැරිමක්.. ජෝන් අමාත්‍ය ධූරය වෙනස් වෙනස් කර දෙන්නැයි ඉල්ලයි..

March 17, 2017 at 1:20 pm | lanka C news | ලංකා සී නිවුස්
අමරවීරට ලැබෙන බලවත් තනතුර නිමල් සිරිපාලගේ ජ්‍යෙෂ්ඨත්වය නොසලකා හැරිමක්.. ජෝන් අමාත්‍ය ධූරය වෙනස් වෙනස් කර දෙන්නැයි ඉල්ලයි..

එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකා සිරිමාවේ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිවාසිකම් ජනාධිපති ජේ ආර් ජයවර්ධන ප්‍රමුඛව යූ එන් පී ආණ්ඩුව විසින් අහෝසි කිරිමේ නඩුවේදි මැතිනියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටිමින් නීතිඥ නිමල් සිරිපාල සිල්වා මහතා ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පැමිණියේ ය.

1989 දි කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව පැමිණි නිමල් සිරිපාල සිල්වා මහතා 94 චන්ද්‍රිකා රජයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් විය. පාර්ලිමේන්තුවේ සභානායක ධූරය වැනි වැදගත් වගකීම් ගනනාවක්ම දැරු ඔහු ලෝක සෞඛ්ය සංවිධානය ( WHO) සභාපති ධූරයට පත් විය.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය හොබ වු අමාත්‍යවරයා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ නියෝජ්‍ය සභාපතිවරයා ද වේ. මේ වනවිට පක්ෂයේ සිටින ජේෂ්ඨතම නායකයා මෙන්ම වෘත්තීයමය වශයෙන් නීතිඥයෙකු මෙන්ම උගතකු ලෙස දේශීයව හා ජාත්‍යන්තරව කීර්තිය දිනාගත් දේශපාලන නායකයකි.

පක්ෂයේ ජේෂ්ඨත්වය උගත්කම සහ පක්ෂය වෙනුවෙන් දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සමයේ සිට මේ වන තෙක් ශ්‍රිලනිප රැකගෙන පූර්ණ කාලිනව දේශපාලන තම පක්ෂය වෙනුවෙන් කැපකල නිමල් සිරිපාල ද සිල්වා මහතා, ඔහුගේ අවසන් කාලය තුල පක්ෂය වෙනුවෙන් ලැබිය යුතු ඉහළම ස්ථානය ඔහු සිටියදීම පක්ෂයේ ජේෂ්ඨත්වයෙන් අඩු පුද්ගලයකුට ලබාදීම සම්බන්ධව මේ වනවිට ශ්‍රිලනිප මෛත්‍රී පාර්ශවය නියෝජනය කරන ජේෂ්ඨයන් අතර කතා බහට ලක් වී ඇත.

මේ අතර වර්තමාන කම්කරු අමාත්‍ය ධූරය දරන ජෝන් සෙනෙවිරත්න මහතා ද ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඔහුට දැනට දී ඇති අමාත්‍ය ධූරය වෙනස් කොට රත්නපුර දිස්ත්‍රික්කය සඳහා ජනතාවට සේවය කල හැකි වෙනත් අමාත්‍යාංශය ඉල්ලා ඇත.

33,747 Viewers

3 Comments to “අමරවීරට ලැබෙන බලවත් තනතුර නිමල් සිරිපාලගේ ජ්‍යෙෂ්ඨත්වය නොසලකා හැරිමක්.. ජෝන් අමාත්‍ය ධූරය වෙනස් වෙනස් කර දෙන්නැයි ඉල්ලයි..”

  1. asaranaya says:

    ජෝන් අයියේ අන්න සිරිකොතේ දැන්විම් පුවරුවෙ දැන්විමක් තිබුනා මන්ත්‍රීවරු මිලදී ගනු ලැබේ කියලා ,යන්නකො ඒ පැත්තේ නිකම්ම තනතුර වෙනස් කරගන්න පුලුවන් එතකොට. දැන් සතුටුයිද

    • bawun says:

      මුන්ගේ සිහින ..මුන් හිතන් ඉන්නේ කියල ……. අගමැතිකමෙන් අයින් කලොත් වෙන එකම එක දේ තමයි සිරිසේන ජනාධිපතිතුමාට ජනාධිපතිකම නැති වෙන එක …මේක 2 පන්තියේ ළමයෙකුටත් තේරෙනවා ….රනිල් නැති උනා කියන්නේ unp සෙට් එක නැති වෙනවා. මහින්දගේ කට්ටිය කොහොමත් ඉන්නේ වෙන පැත්තක…එතකොට දැන් ජනාධිපති එක්ක ඉන්න එවුනුත් මහින්දට ආවඩන සත පහකට විස්වාස කරන්ඩ බැරි උන් ..ඔය මුතුහෙට්ටිගමල, මනුශල ..වගේ උන්. එනිසා රනිල් නැතුව ජනාධිපතිට පැවැත්මක් නෑ …..දේශපාලනයේ නැති අපි වගේ උන්ටත් තේරෙන මේ යථාර්තය අවුරුදු 50 ස් ගණනක් දේශපාලනය කරපු සිරිසේන ජනාධිපති තුමාට නොතේරෙන්න විදියක් නෑ මිත්‍රවරුනි….ඒ නිසා මේක මේ රනිල් එක්ක එකඟ වී සිරිසේන ජනාධිපතිතුමා නටන නාටකයක්….ඊළඟ චන්දෙදි වැඩිපුර ඔලු ගණනක් දිනාගන්ට……

  2. අසරණයා දෙපිට කාට්ටුවා says:

    මූ බවලත් වෙනකම් ඉන්නේ නැහැ. වින්දවලා මැරෙනවා. සින්ගපුරු යන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. නියතයි.

Leave a Comment

Main News